සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා..රදීෂ් එළියට වී කල්පනා කරමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන අවන්ත ඔහු මෙලෙස පැත්තකට වී කල්පනා කරමින් සිටින්නේ මොනවා ගැනද කියා විමසනවා. ඒ වේලාවේ තව වෙනතුරු මෙතරම් පස්සෙන් ගිහිල්ලත් ලිහිණිගෙන් කිසිම උත්තරයක් නැති බව හිත අමනාපයෙන් වාගේ රදීෂ් පවසනවා.ඔය වේලාවේ රදීෂ්ගේ ප්‍රශ්නයට පිළිතුරුක් ලෙස අවන්ත , ඔහු රට යන බව ලිහිණිට පවසන්න කියා කියනවා.මන්ද එලෙස ඔහු රට යන බව ඇයට ඇඟවුවහොත් ඇය ඇගේ සිතේ තියන දේ ඔහුට ඉක්මනින්ම කියන බවත් අවන්ත පවසනවා. එත් එකක්ම ඕනම කෙල්ලකු හිතට හරියටම ආදරය දැනුනහොත් ආදරය කරන්න පටන් ගන්නා බව කියමින් අවන්ත ලිහිණිව ඔහුට කැමති කරවාගන්නට හැකි වෙන උපදෙස් කිහිපයක් ලබා දෙනවා.

සීයා ලඟට පැමිණෙන ඩිලානේගෙන් රදීෂ්ට ලිහිණි සමඟින් කුමක් හෝ සම්බන්ධයක් තිබෙනවාද කියා ඔහුගෙන් විමසනවා. ඒ වේලාවේ ඔහු ඒවා ගැන දන්නේ නැති බවත් කෙසේ වුවත් ලිහිණිට රදීෂ් ගැන කැමත්තක් නැති බවත් ඩිලාන් පවසද්දී සීයා විසින් රදීෂ් කියන්නේ හොඳ දරුවෙක් බවත් ලිහිණි ඔහුට අකැමති වෙන්න තරම් ඔහුගේ ඇති වැරැද්ද කුමක්ද කියාත් අසා සිටිනවා. මේ වේලාවේ ඩිලාන් සිනාසෙමින් එ කුමක් වුවත් රදීෂ් ලිහිණිව අත්හරින පාටක් නැති බවත් ඇය මත්තේම සිටින බවත් පවසනවා. ඔය කතාව අතරේ එතැනට පැමිණෙන අමීෂාගෙන් ඇගේ තාත්තා අවන්ත දෙව්මි සමගින් විවාහ වු පසු කොහේද නැවතී සිටින්නේ කියා විමසනවා. මේ වේලාවේ ඩිලාන්ගේ සහ සීයා යන දෙදොගේම මතය වුයේ ඔවුන් විවාහ වු පසු තනිවන වෙනමම නිවසක ජිවත් විය යුතු බවයි. නමුත් එයට අමීෂා නම් වැඩි කැමැත්තක් දැකුවුයේ නැහැ. මන්ද ඇය බය වුවා එලෙස ඔවුන් තනිව ජිවත් වන්නට ගිය විට අවන්තට ඇයව අමතක වෙයි කියා. ඉතිං මේ වේලාවේ අමීෂාගේ තාත්තා ඇයට ඔවුන් එම නිවසේම සිටිමෙන් ඔවුන්ගේ පෞද්ගලිකත්වය හොඳ නැති බව කියමින් අමීෂාට එය පැහැදලි කර දෙනවා.

ඉතින් ඔන්න අවන්ත කියු පරිදි ඔහුගේ සැලසුමට අනුව ලිහිණිව හමුවීමට පැමිණෙන රදීෂ් දුකින් වාගේ ලිහිණිට ඔහුට කියන්නට යමක් ඇති බව පවසා ඇගේ අතින් බලෙන්ම අල්ලාගෙන ඔහු මෙතරම් ඇයට ආදරය කරද්දී ඔහු ගැන ඇයට හැඟිමක් නැත්තේ ඇයි දැයි ලිහිණිගෙන් විමසනවා. ඔය වේලාවේ ඔහු කිසිදින ඇය ඔහුට කැමති වනවා නම් ඇයව තනිකර රට යන්නේ නැති බවත් ඇයත් සමඟින් ලංකාවේම සිටින බවත් පවසනවා. මේ වේලාවේ රදීෂ් ඇය කිසිදින කටවත්ම ආදරය කරලා නැද්ද කියා විමසද්දී ඇය ආදරය කර ඇති බවත් නමුත් ඒවා දැන් වැඩක් නැති බවත් කියමින් එම ප්‍රශ්නය මඟ හරිනවා. මේ වේලාවේ ඇය කියනා දේවල් දරා ගැනීමට නොහැකි වුන රදීෂ් ඔහු මේ සියළු දේ අත්හැර රට යන බව කියමින් වේදනාවෙන් ලිහිණිගේ බෝඩිමෙන් යනන්ට යනවා.

ඉතිං ඉන්පසු කෙලින්ම උදේනිගේ නිවසට පැමිණෙන රදීෂ් සිදු වු සියළු දේ ගැන අනුහස් සමඟින් පවසනවා. ඒ වේලාවේ එතැනට පැමිණෙන උදේනිට අනුහස් රදීෂ් නැවතත් රය යන්නට තීරණය කර ඇති බව පවසද්දී උදේනි ඒ ඇයි දැයි රදීෂ්ගෙන් විමසනවා. ඔහු විසින් ලංකාවේ සිටියා කියා වැඩක් නැති බවත් ඔහු මෙලෙස ලංකාවට පැමිණියේ අවන්තට උදව් කිරීමට බවතක් මෙතරම් කාලයක් හෝ ලංකාවේ සිටියේ ලිහිණි නිසා බවත් පවසමින් නමුත් ඇය ඔහුට කැමති වෙයි කියා ඔහු සිතන්නේ නැති බව වේදනාවෙන් යුතුව පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ රදීෂ් ඒ ගැන කතා කරමින් සිටියදී ලිහිණි අනුහස්ගේ ගෙදරට එනවා දකින රදීෂ් පුටුවෙනක් නැගිට අනුහස් සමඟින් එළියට යන්නට අවශ්‍ය බව උදේනිට කියමින් ලිහිණිත් සමඟින් වචනයක්වත් කතා නොකර නිවසින් පිට වෙනවා. මේ වේලාවේ උදේනි ළඟට එන ලිහිණි ඇයත් සමඟින් එලෙස කතා නොකරම යන්න ගියේ ඇයිද කියා විමසද්දී ඒ ඇයත් සමඟින් ඔහුටය තිබෙන තරහට බව උදේනි පවසනවා.

මේ වේලාවේ ලිහිණිට හොරෙන් රදීෂ්ගේ රට යන ගමන ගැන පවනි මලින්තත් සමඟින් කතා කරමින් සිටියදී පවනි විසින් රදීෂ් රට යන්නට යන බව දැනගත් දා සිටි ඇය අවුලෙන් සිටිනවා බව පවසා සිටිනවා.ඒ අවස්ථාවේ එලෙස ඔහු රට යනවාට අකමැති නම් ඔහුව නවත්වන්නටත් හැකි වන්නේ ලිහිණි බව මලින්ත කියා සිටයදීම ඔවුන්ගේ කතාව හොරෙන් අසාගෙන සිටි ලිහිණි එතැනට පැමිණ රදීෂ් එලෙස හදිසියේම රට යන්නට තීරණය කර ඇත්තේ ඇයි දැයි විමසමින් එදින උදේනිගේ නිවසේදී ඇයව හමු වු අවස්ථාවේ රදීෂ් ඇයත් සමඟින් වචනයක්වතක් කතා නොකරම එතැනින් යන්න ගිය බව පවසනවා. මේ වේලාවේ ඔහු ලංකාවට ආවේ ඇය නිසා නොවන බවත් එසේ නම් ඇය නිසා එලෙස ලංකාව අත්හැර යායුතු නොවන බවත් මලින්ත සමඟින් ලිණිනි පවසනවා. ඔය වේලාවේ මලින්තත් පවනිත් ලිහිණිට විවිධ දේවල් කියමින් ඇගේ හිත වෙනස් කරනන්ට උත්සහා කරනවා. ඉතිං ලිහිණි රදීෂ් රට යන ගත්ත තිරණය වෙනස් කරවිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *