සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා..අශෝකව හමුවන්නට යන මේනක විසින් අවන්ත කම්පැණිය විකුණන්ට නොදි එය බේරා ගන්නට ගත් ක්‍රියමාර්ගය ගැන කතා කරමින් සිටිනවා. ඒ වේලාවේ මේනක විසින් අශෝකට අවන්ත කෙසේ හෝ අවසාන මොහොතේ හෝ කම්පැනිය විකුණන්ට නොදී බේරා ගන්නවා කියා ඔහු කල් සිටම දැන සිටි බව පවසනවා. ඒ මොන දේ සිදු වුවත් තමන් කම්පැනියෙන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එයට හේතුව අමීෂා තවමත් ඔහුගේ පැත්තේ සිටින හෙයින් තවත් වතාවක් කුමක් හෝ දෙයක් කර කම්පැනිය සිය අතට ගන්නට උත්සහා කරන බව මේනක අශෝක සමඟින් පවසා සිටිනවා.

ඔය අතරේ පවනි සහ මලින්තව හමුවන්නට යන රදීෂ්ගෙන් කම්පැනිය ඇති වි තිබුන ප්‍රශ්න විසඳුන හෙයින් ඔහුට රට යන්නට අවශ්‍ය වන්නේ නැ නේද කියා පවනි විමසනවා. ඒ අවස්ථාවේ ඔහුගේ තීරණය කොහොමත් ලංකාවෙන් නොයා ඔවුන්ගේ කම්පැනියේ හෝ වෙනත් රැකියාවක් කරන එක බව ඔහු පවසනවා. ඉන්පසු එලෙස ඔහු සියළු දේ කල පසු ලිහිණීගෙන් යලි වතාවක් ගොස් ඇයගේ කැමැත්ත අසනා විට ඇය එ අවස්ථාවේදීත් ඔහුට අකමැති වුවහොත් යළි කිසිදිනක ඇයගේ ආදරය බලාපොරොත්තු නොවන බව රදීෂ් පවසනවා. ඉතිං ඔන්න ඉන්පසු රදීෂ් යළිත් ලිහිණිව හමුවන්නට තෑග්ගකුත් රැගෙන ඇගේ බෝඩිමට පැමිණෙනවා. ඉන්පසු ඇයට රැගෙන ආ තැග්ග ඇගේ අතට දෙමින් එය විවෘත කර බලන්න කියු පසු ලිහිණි එය දැක සතුටු වී එය ඉතාම ලස්සන බව රදීෂ්ට පවසනවා. ඉන්පසු රදීෂ් විසින් ඇයට ආදරේ බව යළිත් පැවසුවත් ලිහිණි ඔහුට හරි පිළිතුරක් ලබා නොදී ඇයගේ හිතේ ඔහු ගැන එවැනි ආදරයක් ඇති වී නැති බව පවසනවා.

මේ වේලාවේ අමීෂා ළඟට පැමිණෙන ඩිලාන් ඔහුට ඇයත් සමඟින් වැදගත් දෙයක් කතා කරන්නට ඇති බව පවසා සිටිනවා. ඉතිං ඉන්පසු ඔහු විසින් අනුහස්,අවන්ත සහ අක්ෂා මේනක තවදුරටත් ඔවුන්ගේ කම්පැනියේ සේවය කිරීමට පැමිණෙනවාට කිසිදු කැමැත්තක් නැති බවත් ඔහුට විරුද්ධව සාධාරණ හේතුවක් නොමැති හෙයින් ඔහුව කම්පැනියෙන් අයින් කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව ඔහු විසින් ඔවුන්ට තේරුම් කර දුන් බවත් පවසා සිටිනවා. මේ අවස්ථාවේ කේන්ති ගිය අමීෂා ඔවුන් එලෙස විවිධ දේ කිවත් ඔවුන්ට මේනක හොර වැඩ කල බවට ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් එවැනි දෙයක් කල නොහැකි බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *