සතියේ සෑම දිනකම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ දින වල ගලා යන්නේ සියලු ප්‍රේක්ෂක හදවත් සොරාගනිමිනි.දරුවන් ලැබු ජයග්‍රහණය ගැන පාසලේ විදුහල්පතිතුමා හංසි සමඟ කතා කරමින් සිටිනවා.ඒ අතර බුල්ටෝ හා හංසි අතර කිසියම් සම්බන්ධයක් ඇති බව ඔහුට ආරංචි වූ බව පවසනවා.එසේ පාරවල් අසල කතා කරමින් නොසිටින ලෙස පවසනවා.මේ අතර පුහුණුවීම් අතරතුර ජාලිය හට කලන්තය දමා වැටෙනවා.එතැනට පැමිණෙන නිශ්ශංක සර් ඔහුට පන්තියට ගොස් සිටින ලෙස පවසනවා.ඉන්පසු ඔහුට මේ විදිහට පුහුණුවීම් කරන එක ප්‍රශ්ණයක් බව පවසනවා.බුල්ටෝ සමඟ නිශ්ශංක සර් ජාලිය රෝහලට එක්කගෙන යාමට සුදානම් වනවා.සීතා ටීච පන්තියට පැමිණෙන විට ජාලිය පන්තියට වී සිටිනවා.කෝප වන සීතා ටීච ජාලිය හට බැන වදිනවා.එහිදි ජාලියගේ පපුව රිදෙන්නට ගන්නවා.ඉන්පසු එය සීතා ටීචට ඔහු පවසනවා.දුක්වන සීතා ටීච ඔහුගෙන් කෑම ගෙනාවාද කියා විමසනවා.මෙයට බේත් ගැනීමට සීතා ටීච ඔහුට සල්ලි දෙන බව පවසනවා.මේ අතර සාරංග වාඩියට වී සිටිනවා.එතැනට පැමිණෙන කබලේ මුදලාලි ඔහුගෙන් ඔහු ඇඬුවාද කියා විමසනවා.

ඔහුට ඇති ප්‍රශ්ණ කුමක්ද කියා තාත්තා හට පවසන ලෙස පවසනවා.සාරංගවත් රැගෙන කබලේ මුදලාලි චලෝ ගැන සාරංගගේ හිතේ ඇතිදේ පවසනවා.නමුත් සාරංග හට දීමට තමා ළඟ දුවලා නැති බව පවසනවා.ජුවා හා පිප්පි ගැහැණු ළමයා සචී බැලමට හංදියට යනවා.පසුදින පාසලට යන ජුවා පාසලේ යහළුවන් හට සිදුවූ විස්තර පවසනවා.ඉන්පසු පාසලේ සියලු දෙනා විහිළු කරනවා.පිප්පි හට ඇති අසනීපය ගැන සීතා ටීච විදුහල්පතිතුමා සමඟ පවසනවා.නිශ්ශංක සර් මේ ගැන අවධානයක් යොමු නොකරන බව පවසා සීතා ටීච බැන වදිනවා.සාරංග සපත්තු දෙකක් රැගෙන නිවසට ආ බව දැනගත් පුර්ණ චලෝ විහිළු කරනවා.කේන්ති ගන්නා චලෝ පුර්ණ හට බැන වදිනවා.විදුහල්පතිතුමා තමා හට පැවසු දේ හංසි බුල්ටෝ හට පවසනවා.ගෙදර ඇයට සිටීමට නොහැකි බවත් සෑම දිනම පැමිණ ඇයට බනින බව පවසනවා.චලෝගේ අම්මා නිර්මලා කඩයේ සිට අඩමින් සිටිනවා.එතැනට පැමිණෙන කබලේ මුදලාලි ඇයට මෙහි පිරිමින් සමඟ සිටීමට නොහැකි බව පවසා තමා සමඟ යන ලෙස පවසනවා.හංසිගේ අයියා හා සාරංග පාසලේ පිරිමි ළමුන් හට පහරදීමට කතා කරගන්නවා.පසුදින ජුවා හට පවසා පිප්පි සචී හට දීමට ලියුමක් ලියාගන්නවා.තමා ජුවා හට පවසා ලියාගත් ලියුම රැගෙන සචී හට දීමට යන පාරේ ජීවන් හා සාරංග සිටිනවා.

තමා හංගගෙන සිටි ලියුම සාරංග දකිනවා.ඉන්පසු ඔවුන් එය රැගෙන පිප්පි හට විහිළුකරනවා.එම ලියුම ඔවුන් ඉරා නැවත ඔහුට දෙනවා.පිප්පි ඉතාම දුකින් එතැනින් පිටව යනවා.පිප්පි පාරේ බයිසිකලය සාදමින් සිටින විට එතැනට සචී හා යහළුවන් පැමිණෙනවා.ඉන්පසු පිප්පි සචී සමඟ කතා කරමින් පැමිණෙනවා.එතැනින් බස් රථයේ යන හංසි හා බුල්ටෝ එය දකිනවා.පසුදින පාසලට පැමිණෙන සීතා ටීච පිප්පිට බත් පාර්සලයක් රැගෙන එනවා.පාසලට උසස්පෙළ විභාගය ලිවීමට අයදුම්පත් පැමිණෙනවා.එය අත්සන් කරන විට සියලු ගැහැණු ළමුන් අඬනවා.පාරේ පැමිණෙන පිප්පි හට සුද්දි හමු වනවා.තමාගේ අත තිබු කාඩ් එකක් සචී හට දෙන ලෙස පවසනවා.ඉන්පසු සුද්දිව තමාගේ බයිසිකලේ දමාගෙන යනවා.ගැහැණු ළමුන් සියලු දෙනා කඳවුරක් වෙත යනවා.කඳවුරේදි සචී වෙත සුද්දි පැමිණෙනවා.පිප්පි දුන් කාඩ් එක සචී වෙත දෙනවා.සාරංග හා හංසිගේ අයියා ජීවන් චලෝගේ කදවුර පැවතෙන තැනට පැමිණෙනවා. චලෝ හා තඩි ඉන්පසු ජීවන් හා සාරංග හට ගහනවා.එතැනට පැමිණෙන ගැහැණු ළමුන් ද ඔවුන්ට පහර දෙනවා.පාසලට පැමිණෙන සියලු දෙනා අමතන සීතා ටීච ඔවුන් හට සමිති වාරය කරගෙන යන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *