ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට විකාශය වෙනවා.තඩි හා යමුනා ටීච සිටින තැනට පැමිණෙන සාරංග විහිළු කරනවා.එයට කෝප වන තඩි සාරංග හට පහර දීමට යනවා.ඉන්පසු යමුනා ටීච එය වලක්වනවා.චලෝගේ අම්මාගේ කඩයට යන පුර්ණගේ මව ආගිය තොරතුරු කතා කරනවා.මේ අතර රාත්‍රියේ පුර්ණ පැමිණෙන මඟ සාරංග සිටිනවා.ඉන්පසු චලෝගේ නිවස අසලින්ම යන්නේ ඇයිදැයි සාරංග පවසනවා.පසුදින කඩයට පැමිනෙන කබලේ මුදලාලි නිර්මලා හට ඔහු මුදල් දෙනවා.නමුත් නිර්මලා නිකං මුදල් උවමනා නැති බවත් කුමක් හෝ දෙයක් ගන්නා ලෙස පවසනවා.සාරංග නිවසට පැමිණ හඩමින් සිටිනවා.එතැනට පැමිනෙන අම්මා හට ඔහු චලෝ ගැන පවසා හඩා වැටෙනවා.පසුදින සාරංග චලෝගේ නිවසට පැමිණෙනවා.ඔහු ඉදිරියට පැමිණෙන සුද්දි සාරංග පැමිණි හේතුව අසනවා.දිනක් චලෝ සෙරෙප්පු දෙකක් දමා පාසලට යන අයුරු දුටු නිසා සාරංග ඇයට සපත්තු දෙකක් රැගෙන ආ බව පවසනවා.ටික වේලාවකට පසු නිවසට පැමිනෙන චලෝගේ අම්මා සාරංග දකිනාවා ඉන්පසු සුද්දි හට කතා කර සාරංග ආ කාරනය අසනවා.මේ අතර හංසි හට බස් රථයෙ එන විට අයෙක් කරදර කරනවා.එය දකින බුල්ටෝ ඔහුට පහර දීමට යනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා පැමිණෙන මඟට හංසිගේ අයියා පැමි‍ණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *