සතියේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ දින වල විකාශය වන්නේ මෙලෙසයි.උදෑසන අවිදි වී නිවසින් පිටවීමට හදන සාරංග හට තාත්තා නිවසින් පිටවීමට යන අයුරු දුටු විට බැන වදිනවා.ඉන්පසු කෝප වන සාරංගත් තාත්තා සමඟ එකට එක කියාගෙන යනවා.ඉන්පසු කෝප වන තාත්තා තමා සාරංග හට පරහදීමට යනවා.ඔහු මේ නිවසේ රැඳී සිටින්නේ අම්මා නිසා බව සාරංග අම්මා හට පවසනවා.රාත්‍රියේ පිරිමි ළමුන් සියලු දෙනා පුර්ණගේ නිවසට පැමිණ පාඩම් කරනවා.පසුදින නිශ්ශංක සර්ගේ නිවසට පිරිමි ළමුන් යනවා.ඉන්පසු නිශ්ශංක සර් පිරිමි ළමුන් හට ඔවුන්ගෙන් ගැහැනු දරුවන්ට වූ උදව් ගැන කතා වෙමින් සිටිනවා.චලෝගේ අම්මා පාර අයිනේ තේ කඩයක් දමනවා.පසුදින පාසලට පැමිණෙන සීතා ටීච දරුවන්ට ඔවුන්ගේ පොත් ගෙන ඒමට කියා පවසා සියලු පොත් පරික්ෂා කරනවා.ඉන්පසු සියලු දෙනා හට ඇය බැන වදිනවා.

පසුදින නිර්මලාගේ කඩයට කබලේ මුදලාලි පැමිණෙනවා.ඉන්පසු ඔහුටද තේ එකක් උවමනා බව කියනවා.මේ අතර නිවසේ ඇති වූ ප්‍රශ්ණය තම මිතුරාට පවසනවා.ඉන්පසු තමා අද තම තාත්තා චලෝගේ අම්මා බැලීමට යන බව ද පවසනවා.කුමක් හෝ මෙයට කල යුතු බව සාරංග පවසනවා.බුල්ටෝ චින් හා හංසි සමඟ ඔවුන් කෑම්ප් යන බව පවසනවා.මේ අතර පුර්ණගේ නිවසේ සුද්දි රාත්‍රියේදි නවතිනවා.ඉන්පසු රාත්‍රියෙදි පුර්ණ ඇයව බිය ගන්වනවා.පසුදින සාරංග ඇඳපැළඳ ගනිමින් තෑග්ගක්ද අතැතින චලො මුණ ගැසීමට පැමිණෙනවා.ඉන්පසු ඔහු චලෝ හට එම තෑග්ග දෙනවා.නමුත් චලෝ එය නොගෙන එතැනින් පිට වනවා.කිසි දවසක චලෝ හට ඔහු ගැන ආදරයක් ඇති නොවෙන බව පවසනවා.පුර්ණගේ මව හා පියා පුර්ණ හට අළුතින් කකුලක් අරන්දීමට සුදානම් වනවා.චලෝ තනිව පුහුණු වීම් කරන විට එතැනට පැමිණෙන කබලේ මුදලාලි චලෝ සමඟ කතා කරනවා.ඉන්පසු ඔහු ළඟ වැඩට එන ලෙස අම්මා හට කියන ලෙස කබලේ මුදලාලි පවසනවා.ඉන්පසු ඔහු අම්මා හට සල්ලි දෙන ලෙස පවසනවා.

ඉන්පසු එය චලෝ එපා කියනවා.මේ අතර හංසි හා බුල්ටො කතා කරමින් සිටින අයුරු හංසිගේ අයියා දැක හංසිහට ගසා නිවසට එක්කගෙන යනවා.මේ අතර පසුදින සාරංග චලෝ ගේ අතින් අල්ලා ඇය යනමඟ අවහිර කරනවා.ඉන්පසු එතැනට පැමිණෙන කබලේ මුදලාලි චලෝ හට ගසා එතැනින් යන ලෙස කියනවා.ඉන්පසු චලෝටද බැන එතැනින් යන ලෙස පවසනවා.පාසලට පැමිණෙන යමුනා මිස් ගැහැණු ළමුන් සමඟ තමා නැවත පාසලට එන බව පවසනවා.පුර්ණගේ නිවසේ පිරිමි ළමුන් පාඩම් කරමින් සිටින විට සාරංගගේ යහළුවන් පිප්පි හට පහර දුන් බව පවසනවා.ගුටි කෑමට ඔහු බිය නොමැති බවත් ඔහුගේ අසනීපය නිසා ඔහුට කුමක් හෝ විය හැකි කියා බය බවත් පිප්පි කියනවා.ඉන්පසු දුක් වන යහළුවන් ඔවුන් හට පාඩමක් ඉගැන්විය යුතු බව සියලු දෙනා කතා කරගන්නවා.පසුදින යමුනා ටීච මාරුව හදාගනිමින් නැවත පාසලට පැමිණෙනවා.පිරිමි ළමුන් සියලු දෙනා කැම්ප්යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *