සතියේ දින පහේම රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය තුර්කි නිර්මාණයක් උවද එය ප්‍රේක්ෂක හදවත් සොරාගෙන අවසන්.රුමාගෙ නිවසට රිසාගේ යහළුවෙක් පැමිණෙනවා.ඉන්පසු ඔහුටද රුමාගේ විවාහය ගැන රිසා විස්තර පවසනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට රුමාගේ අම්මා පැමිණෙනවා.ඇය කෝපයෙන් දෙදෙනාම දෙනා බලන් සිටිනවා.සවස්වරුවේ හලීල් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහු රිසාගෙන් රුමා සමඟ එළියට යාමට අවසර ඉල්ලනවා.රාත්‍රි කෑම ගනිමින් සිටින ජාන්සු හා පෙලින් අතර කතා බහක් වනවා.එහිදි පෙලින් රුමාගේ තාත්තා හට සඟරාව පෙන්වූවේ ජාන්සු බව පවසනවා.ඉන්පසු ජන්සු ඔවුන් සමඟ රණ්ඩු වනවා.පෙලින් හා සෙනාම් එතැනින් පිටව යනවා.රිසා හට සියලු දේ තේරුම් කර දෙන රුමාගේ මවට එම කසාදය නතර කරන බව රිසා පවසනවා.පෙලින් හා සෙනාම් නිවසින් ගිය දේට ජාන්සුගේ පියා දුකින් සිටිනවා.ඉන්පසු ඔහු ජාන්සු සමඟ ඔවුන් නැවත නිවසට ගෙන ඒමට පිටත් වනවා.ඒ අතර ඔහු හැඩි වූ නිවස පිරිසිදු කිරීමට රුමාගේ මව හට පවරනවා.රුමා හා හලිල් පසුදින කෑම ගැනීමට එළියට යනවා.දෙදෙනාම නිවසට පැමිණෙනවා.

මේ අතර විරාත් රුමාගේ නිවසට පැමිණෙනවා.තාත්තා විවාහයට අකමැති බව කීමට රුමාඑන මඟ බලා සිටි අම්මා ඇයට ජාන්සුගේ නිවසට කතා කරනවා.රුමා එම නිවසට පැමිණෙනවා.දෙදෙනාම නිවස තුල කතා කරමින් සිටින විට ඔවුන් සිටින තැනට විරාත් පැමිණෙනවා.ඉන්පසු රුමාගේ මව විස්තරය කීමට සැරසෙන විට නිවසේ සීනුව නාද වනවා.සෙනාම් තමාගේ අම්මා ලෙස විරාත් හට හඳුන්වා දී ඇති බව රුමාගේ අම්මා එයින් දැන ගන්නවා.රුමා එයට කෝප වී විරාත් හට බැන එතැනින් එලවා ගන්නවා.දුක්වන රුමාගේ අම්මා නිවසින් එළියටපැමිණ හඩමින් සිටිනවා.එතැනට පැමිණෙන රුමා ඇගෙන් සමාව ඉල්ලනවා.රාත්‍රියේදි සේරා රිසා හට රුමා හා හලිල්ගේ විවාහය සිදු කිරීමට යුතු බව පවසනවා.කැම්පස් එකේදි විරාත් ගුම්සේ අමතා රුමා හට ඇය කුමක් පැවසුවේද කියා විමසනවා.ඇය කිසිවක් නොකි බව ඔහුට කියනවා.පසුදින රුමාගේ නිවසට හලිල්ගේ අම්මා හා යහළුවෙකු පැමිණෙනවා.ඉක්මනින් කසාදය සඳහා සුදානම් වියයුතු බව පවසනවා.පසුදින සේරාගෙන් සමාව ගැනීම සඳහා සෙනාම් සහ ජාන්සු පැමිණෙනවා.ඉන්පසු ඔවුන් හට සේරා සමාව දෙනවා. පසුදින කැම්පස් යන රුමා හා යහළුවෙකු පාඩම් කිරීම සඳහා නිදහස් තැනකට යනවා.එහිදි යහළුවාගේ ඇගේ එතැනින් යන අයෙක් හැප්පෙනවා.ඇයගේ අතේ ඇති සියලු දේ බිමට වැටෙනවා.

ඉන්පසු එම සද්දය ඇසි විරාත් හට ඇහැරෙනවා.රුමාව දකින ඔහු රුමා වෙත පැමිණෙනවා.කලබල වන රුමා එතැනින් පිටව යාමට හදන වේලාවේ පඩිපෙලේදි ඇය වැටෙනවා.රුමාගේ අකමැත්තෙන් උවද විරාත් ඇයව ඔසවාගෙන රෝහලට ගෙන යනවා.ප්‍රතිකාර කර එතැනින් එළියට ආ වේලාවේ විරාත් ඇයගෙන් නැවත ඔහුට ආදරේද කියා විමසනවා.නමුත් ඇය නැහැ කියා කියනවා.ඉතාමත් දුකින් විරාත් එතැනින් පිටව යනවා.පසුදින විවාහයට ඇඳුම් ගැනීම සඳහා සියලු දෙනා යනවා.මේ අතර විවාහයට සහභාගි වීමට රිසාගේ නංගි හා දියණිය පැමිණෙනවා.මුදු මාරු කිරීමේ දිනය උදා වනවා.උදෑසන සියලු දෙනා රුමාව සැලෝන් එකට රැගෙන ගොස් සුදානම් කරවනවා.විරාත් කුරායිගේ නිවසට ගොස් එහි සිටිනවා.ඉන්පසු ඇය එත ඇති cd තැටියක් කුරායිගේ නිවසින් තබා එතැනින් පිටව යනවා..දොර විවෘත කිරීමට එන විරාත් එය දැක අතට ගන්නවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *