සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.. මේ වේලාවේ අරිෆ්ට අයිති අපර්ට්මන් එකේ නිවසක් ලබා ගැනීමට කැමති වුන සාප් මුනීර් සමඟින් යුසුෆ් හමුවන්නට පැමිණ එයට අවශ්‍ය ලියකියවිලි සදා එය යුසුෆ්ට ලබා දෙමින් එය අත්සන් කරන්න කියා ඉල්ලා සිටිනවා. මේ වේලාවේ එහි ලියා ඇත්තේ කුමක් කියා නොපෙනුන හෙයින් යුසුෆ් එය කියවන්නේ නැතිවම සාප් කියු පරිදි අවශ්‍ය තැන් කිහිපය අත්සන් කර එය යළි සාප් අතට ලා දෙනවා. මේ වේලාවේ ඔහු එදිනම නිවසට පදිංචියට එන බවත් ඔහු ලබා දුනු ගිණුම් අංකයට මාස හයකම කුලීය ඔහු විසින් තැන්පත් කර බවත් සාප් කියනා විට යුසුෆ්ට එම මුදල දරාගත නොහැකි මුදලක් වු නිසා ඔහු එකපාරටම විස්මයට පත් වී සාප් දෙස බලා සිටිනවා.

ඔය අතරේ කාටත් හොරෙන් සිරින් පිරල්ගේ තාත්තා හමුවන්නට යනවා.මේ වේලාවේ එන්වර් නිවසේ හැමතැනම ඇයට කතා කරමින් ඇයව සෙව්වුත් ඇය නිවසින් ඔහුට හොරෙන් පිටවී ගියා. ඉන්පසු ඔහුව හමුවන්නට යන සිරින්ගෙන් ඔහු සාප් ගැන සහ බහාර් ගැන විස්තර අසමින් එ වටපිටාවේ තත්ත්වය කෙසේද කියා විමසනවා.මේ වේලාවේ ළඟදී දිනයකදී මේසීර් විසින් පාර්සල් එකක් එවා තිබු බවත් එහි දොරුගේ උත්සවයට අඳින්නට ඇඳුමක් ඒවා තිබු බවත් එම උත්සවයට මේසීර්ටත් ඔවුන් ආරාධනා කර ඇති බව පවසද්දීම එය දැනගත් පිරල්ගේ තාත්තා කේන්තියෙන් ඔහුව යළිත් ලං කරගන්නට උත්සහා කරන්නේ ඇයි දැයි අසමින් එයින් සිදුවන්නේ යළි වතාවක් ඔවුන් අමාරුවේ වැටීම බව ඔහු පවසනවා.ඉන්පසු ඇය මෙලෙස ඔහුව හමුවන්නට පැමිණියේ උදව්වක් බලපොරොත්තුවෙන් බව කියන සිරින් ඔහු ළඟට ඇයට රාස්සාවක් සොයා දෙන්න කියා ඉල්ලා සිටිනවා.නමුත් පිරල් ඇය ඔහු ළඟ වැඩ කරනවාට ඇකමැති වීම නිසා ඔහු සිරින්ගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කරද්දී සිරින් කපටිකමින් ඇයට මුදල් ප්‍රශ්නයක් ඇති බව කියමින් ඔහුගෙන් මුදල් ඉල්ලාගෙන යනවා.

ඉතිං ඔන්න පසුදිනයේ බහාර් දරු දෙදෙනාත් සමඟින් ඔවුන්ගේ සුපුරුදු නිවසට පැමිණෙනවා. ඉතිං තවමත් බහාර්වත් , සෙයිඩාවත් කිසිවෙකුත් දන්නේ නැහැ සාප් පැමිණෙන්නේ බහාර්ගේ අපර්ට්මන්ට් එක අසලට කියා.සාප් නිවසට බඩු ඇඳීම පවා සිදු කරන්නේ කාටත් හොරා සැක නොසිතෙන ලෙසයි. ඉතිං මේ වේලාවේ නිවසට පැමිණෙන බහාර්ට ඇඟට අමුත්තක් දැනුන නිසා ඇය නාන කාමරයට පැමිණ එකසැරේටම වමනේ දන්න පටන් ගනන්වා. ඉතිං එයින් කියැවෙන්නේ බහාර්ගේ අසනීපය යළිත් මතු වී ඇති බවයි. නමුත් ඇය ඒ වේදනාව කිසිවෙකුටත් නොපෙන්වා එය හංගාගෙන සියළුදෙනා සමගින් සතුටින් සිටිනවා. ඉතිං මේ වේලාවේ මහ රැ කවුරුන් හෝ බඩු උඩට අඳිමින් සිටිනවා දකින සෙයිඩා බහාර් සමඟින් ජනේලය ළඟට පැමිණ අරිෆ්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අලුති නිවසට පැමිණි පිරිස මහ රැ බඩු අඳින්නේ ඇයිද කියා අසද්දී එය දැනගත් අරිෆ් කලබල වී එතැන සිටින පුද්ගයා ළඟට ගොස් ඔහුද එම නිවසේ නවතින්නේ කියා අසද්දී නිවසට පැමිණෙන්නේ ඔහු නොවන බවත් ඔහුගේ යහළුවෙකු එම නිවසට පැමිණෙන බවත් ඔහු පවසද්දී ඔහුත් ඔහුට උදව් කරන්නම් කියමින් අරිෆ් එම බඩු එම නිවස වෙත රැගෙන යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *