සෑම සතියේ දිනකම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය මේ වන විටත් ප්‍රේක්ෂක හදවත් දිනාගෙන අවසන්.ගමේ පිරිසක් බෝඩ් වල සයොනාරා ටීචට විරුද්ධව වදන් ලියා උද්ඝෝෂනය කිරීම සඳහා පාසල අසලට පැමිණෙනවා.එය දකින සයොනාරා ටීච තමා වැරැද්දක් නොකර බවත් පවසා එය ඉවසා සිටින බව ශිරෝමාලා ටීච හට පවසනවා.කෝපයෙන් ඔවුන් සිටින තැනට පැමිණෙන තමා රජයෙන් පවත්වී ආ ගුරුවරියක් බවත් කිසිවෙකුගේවත් උවමනාවට ඇය නොයන බව පවසනවා.ගුරුවරියන් දෙදෙනා එතැනින් පිටව යන විට උපුල් සර් එතැනට පැමිණෙනවා.ඉන්පසු ඔහු ගේට්ටුව ඇරීමට යන විට ශිරෝමාලා මිස් පැමිණ උපුල් සර් නවත්වනවා.මේ අතර ලොකු සර් හමුවීමට මහේෂ් පැමිණෙනවා.ඉන්පසු තමාගේ තාත්තා හා උපුල් සර් සයොනාරා ටීචට විරුද්ධව පෙළපාලියක් යාමට සුදානම් බවත් තමා හට මේ සියලු දේ එපා වී ඇති බව පවසනවා.සයොනාරා ටීචගේ තාත්තා ණය මුදලක් ගැනීමට අරුෂ්ගේ පියාගෙ ලියකියවිලි වලට අත්සන් කරනවා.ක්‍රිකට් පුහුණුවීම් වලට දරුවන් හට නැවත ඒමට නොහැකි බව සයොනාරා ටීච හට දරුවන් පවසනවා.

 

දරුවන් හට කැමතිනම් පමණක් පිට්ටනියට එන ලෙස පවසා ඇය එතැනින් පිටව යනවා.නමුත් ඇය නැවත පැමිණෙන විට දරුවන් කිසිවෙක් පිට්ටනියේ සිටියේ නෑ.ඇය හඬාවැටෙමින් එතැනට වී බලා සිටිනවා.ඉන්පසු එතැනට පොඩි හාමුදුරුවන් පැමිණ කරුණු විමසනවා.මේ අතර කිසියම් හෝ අයෙක් සයොනාරා ටීච හා නුවංග කතා කරමින් සිටින විට ගත් පින්තූර සයොනාරා ටීචගේ නිවසට එවනවා.පසුදින උදෑසන හිමිදිරි හා සයොනාරා ටීච පාරේ එමින් ගමේ ඇති සුන්දරත්වය විදිමින් සිටිනවා.මොන දේ සිදු වූවත් ගම දමා නොයන බව සයොනාරා ටීච හිමිදිරි හට පවසනවා.මේ අතර අරුෂ් නිවසේ නැතිවීම ගැන ඔහුගේ දෙමාපියන් බිය වී සිටිනවා.පාසලට යන සයොනාරා ටීච හා ශිරෝමාලා මිස් තරඟය සඳහා ළමුන් සුදානම් කරමින් සිටිනවා.ඉන්පසු ක්‍රිකට් තරඟයේ නායකයා සඳරැස් බව දැනුම් දෙනවා.

 

පසුදින උදෑසන හිමිදිරි හා අක්කා පාසල් එනවිට ඔවුන් එදිරියට පැමිණෙන තාත්තා දැක ඔවුන් දෙදෙනා දුවන්නට ලෑස්ති වෙනවා.ඉන්පසු හිමිදිරි බිමට වැටෙනවා.එම ආරංචිය නුවංග පැමිණ සයොනාරා ටීච හට කතා කරනවා.ඉන්පසු දෙදෙනාම හිමිදිරිගේ නිවසට යනවා.හිමිදිරිගේ නිවසේ සිටින තාත්තා සයොනාරා ටීච හට බැන වදිනවා.මේ අතර අරුෂ්ගේ තාත්තා ඔහු සෙවීමට ගමට යාමට සුදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *