හිරු නාලිකාවේ විකාශය වන තුර්කි නාට්‍යක් වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.මෙය සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වේ.හන්ඩේගේ කීමට රුමා හා කුරායි කතා කරමින් සිටින තැනට පත්තරකරුවෙකු ගෙන්වා ඔවුන් දෙදෙනාගේ පින්තූර ගෙන පත්තරේ දැමීමට සලස්වනවා.මේ අතර රුමා හා ගුම්සේ කුරායිගේ නිවසේ නතර වනවා.ඉන්පසු රුමා හට ඇමතුමක් ගන්නා විරාත් හට රුමා තමා සිටින්නේ ජාන්සුගේ නිවසේ කියා බොරු පවසනවා.විරාත්ගේ අසල සිටින හන්ඩේ කුරායි දුරකථනයට කතා නොකරන නිසා කුරායිගේ නිවසට යාමට විරාත් හට යොජනා කරනවා.ඉන්පසු දෙදෙනාම කුරායිගේ නිවසට යනවා.ඔවුන් දෙදෙනා පැමිණ ඇති බව රුමා දකිනවා.ඉන්පසු රුමා කුරායි හට ඇමතුමක් ගෙන සිදුව ඇති දේ පවසනවා.ඉන්පසු විරාත් හට ඇමතුමක් ගන්නා කුරායි තමා සිටින්නේ යහළුවෙකු සමඟ පව පවසනවා.ඉන්පසු විරාත් හා හන්ඩේ එතැනින් පිටව යනවා.පසුදින උදැසන ගුම්සේ හා රුමා කුරායිගේ නිවසින් පිටව යනවා.

රුමා හා කුරායි කාර් එකෙන් කැම්පස් එකට පැමිණෙනවා.එය දකින හන්ඩේ දෙදෙනාම එකට පැමිණියේ ඇයි දැයි අසනවා.ඉන්පසු පාරේ එන විට කුරායි හමුවූ බව රුමා කියනවා.රාත්‍රියෙදි හන්ඩේගේ නිවසට පැමිණෙන කුරායි ඔහු හට කරදර කිරීමට එපා යැයි පවසා හන්ඩේ හට බැන වැදි එතැනින් පිටව යනවා.පසුදින උදෑසන අවදිවන හන්ඩේ පත්තරදේ කුරායි හා රුමාගේ පින්තූර දකිනවා.මේ අතර රුමා හමුවීමට විරාත් පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම එතැනින් පිටව යනවා.විරාත් රුමාව ගෙන හෙලිකොප්ටරයකට නැග ඇයව උඩ අහසට රැගෙනගොස් වටපිටාව පෙන්වනවා.කැම්පස් එකට ආ විරාත් හට හන්ඩේ ඇමතුමක් ගෙන ඇයව ඉක්මනින් හමුවන බව පවසනවා.ඉන්පසු විරාත් හන්ඩේගේ නිවසට යනවා.රුමා හා කුරායිගේ පින්තූරය ඇති පත්තරය හන්ඩේ විරාත් හට පෙන්වනවා.එය දකින විරාත් කෝපයෙන් කැම්පස් එකට පැමිණෙනවා.කුරායි හට විරාත් පහර දෙනවා.කිසිවක් නොකියා පත්තරය කුරායිගේ ඇඟට විසික් කර විරාත් එතැනින් පිටව යනවා.විරාත්ගේ පසු පස දිව යන රුමා ඇය වැරැද්දක් නොකල බව පැවසුවත් ඇය තමා රැවැට්ටු බව පවසා විරාත් එතැනින් පිටව යනවා.පත්තරේ ඇති දේ දකින ජාන්සු සිදු වූ දේ රුමාගෙන් විවසනවා.එපාට්මන්ට් එක ඉදිරියේ වැළඳගෙන සිටි පිරිමි ළමයා කුරායිද කියා විමසනවා.

මේ පත්තරය අයියා හා තාත්තා දැනගනීවිද කියා බියෙන් රුමා හඬා වැටෙනවා.පසුදින රුමා හා විරාත් කැම්පස් එකට පැමිණෙනවා.රුමා තනිව කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන හන්ඩෙ රුමා හට බැන එතැනින් පිටව යනවා.මේ අතර පත්තරේ ඇති පුවත අම්මා දකිනවා.කෝපයෙන් ඇය රුමා දෙස බලා සිටිනවා.පසුදින කුරායිගේ පියා කුරායි හට ඇමතුමක් ගෙන ඔහුගේ විස්තරය පත්තරේ දැමු පුද්ගලයා ගැන පවසනවා.මේ අතර මෙහෙමට් වයසක ගැහැණු කෙනෙකු සමඟ හෝටලයට පැමිණෙන අයුරු රුමා දකිනවා.කුරායි පත්තරයට විස්තරය දැමු පුද්ගලයා හමුවීමට යනවා.ඉන්පසු ඔහු සියලු දේ පවසනවා.එය දැනගන්නා කුරායි නිවසට යනවා.ඔහුගේ නිවසට පැමිණෙන හන්ඩේ ඔහු හට ඇති අවසාන යහළුවාවත් නැති කර නොගන්නා ලෙස පවසනවා.කෝප වන කුරායි හන්ඩේ කෙරු දේ ගැන ඔහු දන්නා බව පවසනවා.තමාගෙන් නිවසින් යන ලෙසත් නැවත ඇය සමඟ කිසිදු සම්බන්ධකමක් නොමැති බවත් පවසා හන්ඩේව නිවසින් පන්නාගන්නවා.රාත්‍රියේ බීමත්ව සිටින හන්ඩේ විරාත්ගේ නිවසට යනවා.ඉන්පසු හන්ඩේ විරාත් වැළඳගනිමින් හඩා වැටෙනවා.කොන්ඩය කැපීමට සැලොන් එකට යන මෙහෙමට් හට පත්තරයේ තිබු රුමාගේ ඡායාරූපය දකිනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *