සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යකි.චිරාත්ගේ පියා හමුවීමට එන මෙහෙමට් හට ඔහු හමුවීමට නොහැකි වනවා.එතැන සිටින මුරකරුවන් මෙහෙමට් හට ගහනවා.එතැනට පැමිණෙන චිරාත් එය නවත්වනවා.ඉන්පසු මෙහෙමට්ගෙන් සිදුවූ දේ විමසනවා.තාත්තා හට කීමට ඇතිදේ තමා හට පවසනවා ලෙස කියනවා.පසුදින කැම්පස් එකේදි ගුම්සේ අසනීපෙන් සිටිනු රුමා දකිනවා.ඉන්පසු ඇය ගුම්සේගේ පිටුපසින් ගොස් ඇයහොඳින්ද කියා විමසනවා.ඉන්පසු රුමා හට තමා හට දරුවෙකු ලැබීමට සිටින බව පවසනවා.ඉන්පසු එම දරුවාගේ පියා කවුරුන්ද කියා රුමා අසනවා.නමුත් ගුම්සේ එය සඟවනවා.ඔවුන් දෙදෙනා එළියට පැමිණෙන විට ගුම්සේ කුරායි දෙස බලා සිටිනවා.

 

ඉන්පසු එය දකින රුමා දුරුවාගේ පියා කුරායිද කියා අසනවා.ඉන්පසු ගුම්සේ රුමා හට ඔව් කියා කියනවා.ගුම්සේ හට යන ලෙස පවසා රුමා කුරායි හට කතා කර එළියේදිතමන් හමුවන ලෙස පවසනවා.මේ දේ කිසිවෙකුටත් නොකියන ලෙස පවසනවා.මේ අතර රුමාගේ මවගේ යහළුවෙක් පැමිණ තමා වැඩ කරන නිවසට එක් දිනකට යාමට හැකිද කියා විමසනවා.ඉන්පසු සේරා එයට කැමති වනවා.මේ අතර කුරායි හට රුමා හා ගුම්සේ සිදුව ඇති දේ පවසනවා.පසුදින රුමා හා කුරායි ගුම්සේ එනතෙක් ආපනශාලාවකට වී බලා සිටිනවා.ඉන්පසු එය දැන සිටි හන්ඩේ එය චිරාත් හට පෙන්වනවා.ඉන්පසු චිරාත් හට රුමා හට ඇමතුමක් ගෙන බලන ලෙස කියනවා.ඉන්පසු රුමා චිරාත් හට බොරු කියනවා.මේ අතර රුමාගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිසියෙන් පැමිණෙනවා.තමා වැඩකළ නිවසේ තිබු මුද්දක් නැතිවීම ගැන සැක පිට කටඋත්තර ගැනීමට ඇයව පොලිසියට රැගෙන යනවා.

 

හන්ඩේ චිරාත් හට රුමා හා කුරායි ගැන වැරදි දේ පවසනවා.මේ අතර පොලිසියට රැගෙන ගිය සේරාව නිවසට ගෙන එනවා.ඔවුන් සිටින ගොඩනැගිල්ලේ සියලු දෙනා මේ ගැන කතා වනවා.පසුදින කැම්පස් ගිය පසු චිරාත් රුමා හා චිරාත්ගේ රාත්‍රි සමාජ ශාලාව වෙත යනවා.ඉන්පසු දෙදෙනාම එහි සිට කෑම ගන්නවා.ඉන්පසු එතැනට චිරාත්ගේ පියා පැමිණෙනවා.ඉන්පසු තමාගේ කාර් එක හැප්පු අය පළවෙනි ගෙවීම කර ඇති බවත් එය ටයර් එකක් ගැනීමටවත් නොහැකි බව පවසනවා.ඉන් කෝප වන රුමා ඉක්මනින් මෙතැනින් යායුතු බව පවසනවා.මේ අතර පොලිසියෙන් පැමිණෙ රුමාගේ නිවස පරික්ෂා කරනවා.සේරා වැඩ කල නිවසෙ සිටි කෙනා හට පුටුවක යටට වී තිබු මුද්ද හමු වනවා.මේ අතර මෙහෙමට තාමගේ යහළුවෙකු සමඟ එක්වනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා හොඳින් ඇඳපැළඳගෙන ගැහැණුන් දෙදෙනෙකු හමුවීමට යනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *