සතියේ දින පහේම රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රූමා ටෙලි නාට්‍ය තුර්කි ටෙලි නාට්‍යකි.මේ වන විටත් එය ප්‍රේක්ෂක යන් අතර ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යකි.කැම්පස් එකට පැමිණෙන කුරායි ගුම්සේ මුණ ගැසෙනවා.ඉන්පසු ඇයගෙන් ඇයට කෙසේදැයි විමසා රුමා හට ඇය පැවසුවේ කුමක්ද කියා විමසනවා.නමුත් ඇය එය කුරායි හට නොපවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන හන්ඩේ පැමිණෙනවා.කුරයි එතැනින් පිටව ගිය විට ගුම්සේවෙත හන්ඩේ පැමිණෙනවා.තමන්ව අනිත් අවස්ථා වල මෙන් මෙවර හන්ඩේ හට ඇය පාවිච්චි කල නොහැකි බව පවසනවා.මේ අතර රූමා තනිව කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන කුරායි විරාත් ඇයට කුමක් හෝ පැවසුවාද කියා විමසනවා.ඉන්පසු විරාත් කුරායිගෙන් සමාව ඉල්ලු පවත් ඇය සමඟ කතා නොකර බවත් පවසනවා.රාත්‍රියේ රුමා හමුවීමට එන රුමාගේ මව ජාන්සු අතර වූ දේ පවසා හඩා වැටෙනවා.කුරායි රාත්‍රියේදි හන්ඩේ ගේ හා ඔහුගේ පින්තූර බලමින් දුක් වෙනවා.ඉන්පසු ඔහු ජන්සු දැමු පණිවිඩ වලට උත්තර දෙනවා.

ජාන්සු හා කුරායි ඉන්පසු කෙටිපණිවිඩ වලින් කතා කරනවා.අම්මාගෙන් විස්තර දැනගත් රුමා ජාන්සු දුන් ඇඳුම් රැගෙන ජාන්සු ගේ නිවසට යනවා.ඉන්පසු එම ඇඳුම් ජාන්සු වෙත දෙන රුමා ඇයට බැන වදිනවා.අම්මා හට බැන වැඳුන දේට රුමා ජාන්සු හට බැන වදිනවා.ඉන්පසු ඔවුන්ගේ රණ්ඩුව එම ගොඩනැගිල්ලේම අයෙක් අසා සිටිනවා.නිවසට පැමිනෙන රුමාගෙන් අම්මා විස්තර විමසනවා.විරාත් බීමතින් නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහුට ඇමතුමක් දෙන මල්ලි ඔහුගේ කැම්පස් එකට ඔහු යන බවත් එහුව ගැනීමට එන ලෙසත් පවසනවා.මේ අතර රූමා හට අම්මා අළුත් ඇඳුමක් ගෙනැවිත් දෙනවා.ඉන්පසු ඇය ඇඳගත් රුමා කැම්පස් ඒමට පිටත් වනවා.යහළුවන් අතරට එන හන්ඩේ ගුම්සේ ප්‍රෙග්නට් වූ බව සියලු දෙනාටම පවසනවා.ඉන්පසු එතැන සිටි සියලු දෙනාම ගුම්සේ හට විහිළු කරනවා.එය කුරායි හට ගුම්සෙ පවසනවා.ඉන්පසු හන්ඩේ හමුවීමට කුරායි පැමිණෙනවා.කුරායි හන්ඩේ හට බැන වදිනවා.විරාත්ගේ මල්ලි ජාන් කැම්පස් එකට පැමිණ සිටිනවා.ඉන්පසු තමා අයියා හට ඇමතුමක් ගත් බවත් ඔහු ඇයට පිළිතුරු නොදෙන බවත් පවසනවා.ඉන්පසු රුමා ජාන්ව නිවසට ගෙන එනවා.ඔහුව නිවස අසලට ගෙනැවිත් දමා රුමා යන්නට හැදුවත් ජාන් එය නවත්වා නිවසට එන බව පවසනවා.ඉන්පසු ජාන් ඔහුගේ අම්මා හට රුමා හඳුන්වා දෙනාවා.ඉන්පසු ඇයද රුමා හට කතාකර නිවසට එන ලෙස පවසනවා.ඉන්පසු රුමා නිවස තුලට පැමිණෙනවා.අවදි වී දුරකථනය ගන්නා විරාත් ජාන්ගෙන් ඇවිත් ඇති ඇමතුම් දැක එතැනින් පිට වනවා.රුමා සමඟ විරාත්ගේ මව විස්තර කතා කරමින් සිටිනවා.රුමා නිවසට යාමට සුදානම් වන විට විරාත් එතැනට පැමිණෙනවා.ඉන්පසු විරාත්ගේ මව රුමාව නිවසට ගොස් දමන ලෙස පවසනවා.

විරාත් රුමාව කිසිවක් කතා නොකර නිවස අසලට ගෙනැවිත් දමනවා.මේ අතර ජාන් සමඟ විරාත්ගේ මව රුමා ඉතා චාම් අයෙක් බවත් අනෙක් ගැහැණු දරුවන් මෙන් නොවන බවත් පවසවා.ඒ නිසාම ඇය ඉතාම ලස්සන බවත් අයියා රුමා අතහැරියහොත් ඔහු විවාහ කරගන්නා බව ජාන් පවසනවා.මේ අතර ජාන්සුගේ හා රුමාගේ රණ්ඩුව අසා සිටි අයෙක් රුමා හට ඇඳුම් දෙනවා.රාත්‍රියේ සමජ ශාලාව වෙත යන විරාත් බීමතින් සිටන අයුරු කුරායි රුමා හට පින්තූරයක් යවා පෙන්වනවා.පසුදින උදෑසන රුමා විරාත් හමුවීමට යනවා.ඇය නිවසින් එන විට තාත්තා මුණ ගැසෙනවා.ඉන්පසු තමා පොතක් ගන්නා යන බව පවසනවා.රුමා යන දෙස බලා සිටින ජාන්සු රුමා හා කුරායිගේ පින්තූර ඇති සඟරාව රුමාගේ පියාට පෙනෙන සේ තබනවා.විරාත්ගේ නිවසට පැමිණෙන රුමා හට හන්ඩේද විරාත් සමඟ සිටින අයුරු දකිනවා.ඉන්පසු හන්ඩේ එතැනින් පිටව යනවා.පින්තූර දැක කෝප වන රුමාගේ පියා නිවසට පැමිණ රුමාගේ මවට කෑ ගසනවා.ඉන්පසු රුමාගේ මව එය පැහැදිලි කිරීමට යනවා.ඉන්පසු ඉක්මනින් රුමා හට ඇමතුමක් ගන්නා අම්මා ඇයට ඉක්මනින් පැමිණෙන ලෙස පවසනවා.රුමා විරාත්ගෙන් ඇයට කිසිවක් පැවසිමට නොමැතිද කියා අසනවා.කිසිවක් නොකියා විරාත් ඇය දෙස බලා සිටිනවා.අම්මාගේ ඇමතුමෙන් රුමා ඉක්මනින් නිවසට පැමිණෙනවා.නිවසට පැමිණෙන රුමා හට තාත්තා පහර දෙනවා.පසුදනි විරාත් රුමා හට කතා කර ඇය සමඟ කතා කල යුතු බව පවසනවා.නමුත් දැන් ඔහු පරක්කු බව රුමා පවසනවා.පසුදින මෙහෙමට් හා ඔමෙට් පත්තර බෙදිමට පැමිණෙනවා.ඉන්පසු රුමා හට තාත්තා පහර දුන් පව එතැන සිටි අයෙක් හට ඔමෙට් පවසනවා.ජාන්සු එය අසා සිටිනවා.පසුදින රුමා හට විවාහ වීමට සුදානම් වන බවත් විවාහ වී පසුව කැම්පස් යන ලෙසත් රුමා හට පියා පවසනවා.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *