සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට හිරු නාලිකාවෙ විකාශය වන රුමා ටෙලි නාට්‍ය සිංහලෙන් හඬකැවූ තුර්කි නාට්‍යකි.මෙය මේ වන විටත් ප්‍රේක්ෂක හදවත් දිනා අවසන්.රාත්‍රියේදි රුමාගේ ඡායාරූපය දකින රුමාගේ අම්මා කෝපයෙන් නිවසට පැමිණෙනවා.ඉන්පසු තාත්තා නිවසේ සිටින බව නොදන්නා ඇය රුමා කියා කෑගසනවා.ඇය කෑ ගසන්නේ ඇය දැයි අසමින් රුමාගේ පියා එතැනට පැමිණෙනවා.ඉන්පසු කිසිවක් නැති බව ඇය පවසනවා.එතැනින් යන රුමා දෙස ඇය රවා බලනවා.මේ අතර බීමත්ව සිටින හන්ඩේ විරාත්ගේ නිවසට පැමිණෙනවා.ඒ වන විටත් විරාත් තනිව මත්පැන් පානය කරමින් සිටිනවා.දොර ඇරීමට යන විට හන්ඩේ බීමතින් සිටින බව ඔහු දැන ගන්නවා.ඉන්පසු හන්ඩේ විරාත්ව වැළඳගනිමින් හඩා වැටෙනවා.මේ අතර මෙහෙමට් පැමිණ වයසක කාන්තාවගේ නිවසින් පැන යනවා.මෙහෙමට් සොයා පැමිණෙන ඇයට කිසිවක් නොකියා ඔහු එතැනින් පිටව යනවා.

එදින රාත්‍රියේ හන්ඩේ විරාත්ගේ කාමරයේ නිදාගන්නවා.සැලොන් එකට පැමිනෙන මෙහෙමට් ඔහුගේ යහළුවන් පත්තරයේ සිටින ගැහැණු  ළමුන් ගැන කතා වෙමින් සිටිනවා.ඉන්පසු එහි රුමාගේ හා කුරායිගේ පින්තූරයක් දකින මෙහෙමට් එය රැගෙන එතැනින් කෝපයෙන් පිට වනවා.උදෑසන අවදි වන රුමා අම්මා කේන්තියෙන් සිටින්නේ ඇයි දැයි විමසනවා.අම්මා කිසිවක් නොකියා කුණු එක ගිහින් දාන ලෙස කියනවා.රුමා කුණු එක රැගෙන එන විට ඇය ඉදිරියට මෙහෙමට් පැමිණෙනවා.පත්තරය දික් කර ඒ කවුරුන්ද කියා කෝපයෙන් රුමාගෙන් අසනවා.තමා කිසිවක් නොකියන බවත් මෙහෙමට් හොටලයේ වයසක කාන්තාවක් සමඟ සිටි බව ඇය දැක ඇති බව ඇය පවසනවා.දෙදෙනාම කෑ ගසා ගන්නා හඬ ඇසි ඔවුන්ගේ අම්මා එතැනට පැමිණ සිදු වූ විමසනවා.කෝප වන දෙදෙනාම එතැනින් ඉවත්ව යනවා.මෙහෙමට් රුමාගේ ඡායාරූපය දැක ඇතිද කියා අම්මා සිතමින් යනවා.මේ අතර විරාත් උදෑසන අවදි වන විට තමාගේ කාමරයේ ඇඳ මත හන්ඩේ සිටින බව දකිනවා.ඉන්පසු ඔහු නානකාමරය වෙත යනවා.ඉන්පසු අවදිවන හන්ඩේ ජනේලයෙන් පාර බලා සිටිනවා.ඉන්පසු ඇය විරාත්ගේ නිවසට ගුම්සේ එන බව දකිනවා.තමා ඇඳගෙන සිටි ඇඳුම ගලවන හන්ඩේ විරාත්ගේ කමිසයක් ඇඳගනිමින් ගුම්සේ හට දොර ඇරීම පැමිනෙනවා.හන්ඩේ දකින ගුම්සේ පුදුමයෙන් ඇය දෙස බලා සිටිනවා.නිවසේ බෙල් එක ඇසෙන සද්දෙට විරාත් එතැනට පැමිණෙනවා.හන්ඩේ තමාගේ කමිසයක් ඇඳ සිටිනු දැක විරාත් ද පුදුම වනවා.

ගුම්සේ ඒවි කියා ඔවුන් සිතුවේ නැතිබව හන්ඩේ පවසනවා.නිවස තුලට එන ගුම්සේ රුමා ගැන කතා කිරීමට අවශ්‍ය බව විරාත් හට පවසනවා.කෝප වන හන්ඩේ සිනාසෙමින් කුමක් හෝ බොරුවක් ගොතා රුමා ගුම්සේව නිවසට එවු බව පවසා එතැනින් පිට වන ලෙස පවසනවා.ඉන්පසු එය ආස සිටින විරාත් විස්තරය කියන ලෙස ගුම්සේ හට පවසනවා.සියලු දේ සිදුවුනේ ඇගේ උවමනාවට බව ඇය පවසනවා.කුරායිගේ නිවසේ එදින තමාත් සිටි බවත් කුරායි රුමාව ගෙනැවිත් දමන වේලාවේ මේ ඡායාරූප රැගෙන ඇති බවත් ඇය පවසනවා.මේ සියලු දේ කුරායි රුමා හැංගුවේ කුරායිගෙන් ඇය ප්‍රෙග්නට් වූ නිසාත් මේ බව කිසිවෙකුටත් නොපවසන ලෙස ගුම්සේ ඔවුන්ගෙන් පොරොන්දුගත් නිසාත් බව ඇය සියලු විස්තර පවසනවා.රුමා කවදාවත් විරාත් හට වැරැද්දක් නොකෙරු බව පවසනවා.එය පවසා ගුම්සේ එතැනින් පිට වනවා.ඉන්පසු හන්ඩේ හා විරාත් සිදු වූ දේ සිතාගත නොහැකිව බලා සිටිනවා.නැවතත් හන්ඩේ ගොස් ඇගේ ඇඳුම් ඇඳගෙන පැමි‍‍ණෙනවා.එය දකින විරාත් ඇය තමාගේ කමිසයක් ඇඳ ගුම්සේ ඉදිරියට ගියේ ඇයි දැයි විමසනවා.තමා හට රාත්‍රියෙ සීතලක් හැදුනු බව බොරු පවසනවා.මේ පටලැවිල්ල විසඳාගමු කියා හන්ඩේ විරාත් හට පවසනවා.ඔහු තනිව එය විසඳාගන්නා බවත් ඇයට තමාගේ නිවසින් යන ලෙසත් පවසනවා.ඉන්පසු හන්ඩේ අඬමින් නිවසින් පිව වෙනවා.විරාත් ක්ලබ් එකට පැමිණ මත්පැන් පානය කරන අයුරු දකින ඔහුගේ පියා ඔහු සිටින්නෙ කරදරයකින් කියා විමසනවා.

මේ අතර හන්ඩේ කුරායිගේ නිවසට පැමිණෙනවා.හන්ඩේ පැමිණ ඇති බව කුරායි දැන ගන්නවා.නමුත් ඔහු හන්ඩේ හට දොර අරින්නේ නැතිව සිටිනවා.කුරායි හට ඇමතුමක් ගන්නා හන්ඩේ කුරායි නිවසේ සිටින බව දැනගන්නවා.තමා හට සමාවන ලෙසත් ඇයට කුරායි හට කතා කළ යුතු බවත් පවසමින් හඬාවැටෙනවා.පසුදින ජාන්සු තාත්තා හමුවීමට හෝටලයට යනවා.ඉන්පසු ඇය එතැන වැඩ කරමින් සිටින රුමා දැක පුදුම වනවා.රුමා තමා හට බොරු කරන බවත් සියලු දේ ඇගෙන් සඟවන බවත් ඇය පවසනවා.ඉන්පසු ඇය සමඟ කතා රුමා එතැනින් පිටව යනවා.විරාත් කුරායි මුණගැසීමට යනවා.සිදුවූ දේ ඔහු හට නොකීවේ ඇයි කියා විරාත් කුරායිගෙන් විමසනවා.සිදුවූ සියලු දේට සමාවන ලෙස විරාත් ඔහුට පවසනවා.ඒ වෙලේ ඔහු කලබල වූ බවත් කියනවා.කතාබහ කරමින් අවසන් වී කුරායි විරාත් හට සමාව දෙනවා.මේ අතර සේරා ගෙන් ජාන්සු රුමා ගැන විමසනවා.ඇය දැන් කාර්ය බහුල බවත් තමා හට කිසිවක් නොකියන බවත් ජාන්සු පවසනවා.සේරාගේ පවුලේ සියලු දෙනා හොරුන් බව පවසනවා.තමාත් හොරෙක් බව පවසා සේරා හට බවසනවා.මේ අතර තමා දුන් ඇඳුම් රුමා අඳින බවත් පවසා සේරා හට බැන වදිනවා.මේ අතර කාමරයට එන ජාන්සුගේ මව හා පියා සිදු වූ දේ විමසනවා.තමා කිසිවක් සේරා හට නොකියු බව ජාන්සු පවසනවා.ඉන්පසු සේරා ඔවුන්ගේ මුදල්ද නොගෙන එතැනින් පිටව යනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *