සතියේ දින පහේම රාත්‍රි 8.30 හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය සියලු දෙනා අතර ජනප්‍රිය ටෙලි නාට්‍යකි.වාඩියේ පිරිසගේ උද්ඝෝෂනය කඩාකප්පල් වූ නිසා ඒ ගැන සියලු දෙනා කතා කරමින් සිටිනවා.ඉන්පසු සියලු දෙනා වීරවර්ණමහතාගේ නිවසට ගොස් වීරවර්ණ සමඟ කතා කිරීමට සුදානම් වනවා.ඉන්පසු එය අසා සිටින ග්‍රාමසේවක මහතා එතැන කතා කරමින් සිටි සියලු දේ වීරවර්ණ හට පවසනවා.ඉන්පසු වීරවර්ණ හමුවීමට එන ලෙස ඔවුන්ට කියන ලෙස පවසනවා.රාත්‍රියේදි ශිවා තාත්තා වෙත පැමිණ වීරවර්ණ මහතාගේ නිවසට යන විට ඔහුවද එක්කගෙන යන ලෙස ශිවා පවසනවා.මේ අතර සීයා බැලීමට ගිය සත්‍යා හට එයට කේන්ති ගිය වීරවර්ණ ඇයට බැන වදිනවා.එය අසා සිටින සත්‍යා අඬනවා.මේ අතර මුහුදු ගොස් සැම්සන් වාඩියට එනවා.ඉන්පසු ඔහු ආ විට ඔහු අසලට පොලිසිය පැමිණ ඔහු අත්අඩංගුවට ගන්නවා.සත්‍යා ශිවා හට කතා කර ශිවාගෙන් මාළු දෙදෙනෙක් ඉල්ලනවා.මේ අතර පොලිසියේ ඕ අයි සී වීරවර්ණ හා මන්ත්‍රිතුමා මුණගැසීමට පැමිණෙනවා.

ඉන්පසු වීරවර්ණ සැම්සන් අත්අඩංගුවට ගත් දේ ගැන විමසනවා.ඉන්පසු හෙට දිනයේ ඔහු උසාවි දාන බවත් ඇප දී බේරගන්න ලෙස පවසා ඕ අයි සී එතැනින් පිට වනවා.ශිවා හා බාබු පැමිණ සත්‍යා හට මාළු දෙදෙනා දෙනවා.සත්‍යා මාළු දෙදෙනා රැගෙන පැමිණෙන විට ජූඩ් ඇය අසලට පැමිණ මාළුන් කොහෙන්ද කියා විමසනවා.තෝමස්ට කියාගෙන්වා ගත් බව පවසනවා.ඉන්පසු තෝමස් හමුවීමට එන ජූඩ් එය තෝමස්ගෙන් විමසනවා.සිදුවන සියලු දේ ජූඩ් හට පවසන ලෙස තෝමස්ට පවසනවා.මාළු දෙදෙනා සත්‍යා අම්මා හට පෙන්වනවා.ඉන්පසු හමුවුනේ කොහෙන්ද කියා අම්මා සත්‍යාගෙන් අසනවා.ඉන්පසු සත්‍යා අම්මා හට ශිවාගේ පින්තූරයක් පෙන්වනවා.පසුදින රාත්‍රියේදි සත්‍යාගේ කාමරය අසලට එන වීරවර්ණ සත්‍යා මාළුන් සමඟ කතා කරන අයුරු ඇසෙනවා.ඉන්පසු ඇය කවුරුන් හෝ සමඟ කතා කර කර සිටි බව සැක සිති වීරවර්ණ කාමරයට පැමිණෙනවා.සැම්සන් ශිවාගේ පියා හමුවීමට එනවා.ඔහුට ඇප ලැබුන බවත් ඔහු වැරදිකරුද කියා සිතනවාද කියා මාකස්ගෙන් විමසනවා.බාබු සෙවීමට යන ශිවාගෙන් බාබුගේ මව බාබු රාත්‍රියේ හීනෙන් කියවන යෙනුකි කවුද කියා විමසනවා.ඔවුන් බැලු චිත්‍රපටයක නිළියක් බව ශිවා පවසනවා.පසුදින වීරවර්ණ හමුවීමට වැල්ලේ පිරිස පැමිණෙනවා.ඉන්පසු බාබු හා ශිවාද වීරවර්ණගේ නිවසට පැමිණෙනවා.ශිවා නිවස තුලට යනවා.

ඉන්පසු ශිවා වැරදි සත්‍යාගේ මවගේ කාමරයට එනවා.ඔහු දැක බිය වන ඇය බෙල් එක ගැසීමට යනවා.ඉන්පසු ශිවා පවසන දේවල් වලට හා ශිවාගේ හැසිරීමට ඇය හඩනවා.ඉන්පසු ඉක්මනින් ශිවා එතැනින් පිට වනවා.ඉන්පසු ශිවා සත්‍යාගේ කාමරයට පැමිණෙනවා.තමා හට සත්‍යාගේ මව හමුවූ බවත් ශිවා පවසනවා.ඔවුන් කතා කරමින් සිටින විට ජූඩ් දොර අසලට පැමිණ සත්‍යා හට කතා කරනවා.ඉන්පසු දොර අරින්නේ නැතිව සත්‍යා ජුඩ් හට කතා කරනවා.ඉක්මනින් ශිවා එතැනින් පිටව යනවා.රාත්‍රියේදි සත්‍යා මව හමුවීමට එනවා.ඉන්පසු සත්‍යා අම්මා හට ශිවා ගැන පවසනවා.පසුදින සත්‍යාගේ බස් එකේ ජූඩ්ද පැමිණෙනවා.ඉන්පසු ශිවා හා බාබු එය දකිනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *