සතියේ දින පහේම රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය ඉතාම ජනප්‍රියත්වයේ පවතින ටෙලි නාට්‍යකි.සත්‍යා ගැන දැනගත් පියා ශිවා හට කල්පනාවෙන් වැඩ කරන බවත් එම දේවල් නිසා ඔවුන් සියලු දෙනාටම විඳවීමට සිදුවන බව ඔහු පැවසා සිටියා.පසුවදා ශිවා හට සත්‍යා ඇමතුමක් ගන්නවා.ඉන්පසු එයට උත්තර දෙන්නේ ශිවාගේ තාත්තයි.එතැනට පැමිණෙන ශිවා තාත්තා අතින් දුරකථනය අරගන්නවා.ඉන්පසු එයට කතා කලේ පියා බව ශිවා පවසනවා.සත්‍යාගේ කැම්පස් එකට සන්තුෂ් පැමිණෙනවා.ඉන්පසු සත්‍යා සමඟ ඔහු එතැනින් පිටව යනවා.එය බලා සිටින තෝමස් එය ශිවා හට පවසනවා.සත්‍යා හා සන්තුෂ් නිවසට පැමිණෙනවා.ඉන්පසු සන්තුෂ් සත්‍යා හට දුරකථනයක් දෙනවා.

 

ඔවුන් කතා කරමින් සිටින තැනට ජූඩ් පැමිණෙනවා.සන්තුෂ් දකින ජූඩ් හට කේන්ති යනවා.රාත්‍රියේදි සත්‍යා ශිවා හට ඇමතුමක් ගන්නවා.පසුදින පල්ලියට එන ලෙස සත්‍යා ශිවා හට පවසනවා.ඒ අනුව උදෑසන ශිවා හා බාබු පල්ලියට යනවා.පූජාව අවසානයේ සත්‍යා ශිවා සමඟ කතා කරමින් සිටින තැනට ජූඩ් පැමිණෙනවා.සන්තුෂ් හට ඔහුගේ පියා නමට හෝ විවාහයක් සිදු කල යුතු බව පවසා එයට සුදුසුම කෙනා සත්‍යා බව පවසනවා.පසුදින සත්‍යා කැම්පස් යාමට සුදනම් වී පැමිණෙනවා.ඉන්පසු සන්තුෂ්ද පැමිණ වීරවර්ණ සමඟ කතා කරමින් සිටිනවා.වීරවර්ණගෙන් අවසර ගෙන සන්තුෂ් සත්‍යාව කැම්පස් ගෙන යනවා.එදිනත් සත්‍යා බස් එකේ පැමිණෙයේ නැති නිසා ශිවා තෝමස් හමුවීමට එනවා.ඉන් පසු තොමස් විස්තර පවසනවා.කෝපවන ශිවා බයිසිකලයේ නැග කැම්පස් එකට යනවා.ඉන්පසු ඇමතුමක් ගන්නා ශිවා සත්‍යා හට කතා කර එතැනින් දුකින් පිට වනවා.

 

ශිවා කල්පනා කරමින් සිටින විට එතැනට ජූඩ් පැමිණෙනවා.ඉන්පසු ජූඩ් සමඟ එකතු වී සන්තුෂ් හට කුමක් හෝ කිරීමට එන බව ශිවා හට පවසනවා.එයට අකමැති ශිවා ඔහුට බැන එතැනින් පිටව යනවා.කෝපයෙන් ශිවා සැලොන් එකට යනවා.ඉන්පසු එතැනින් පිටවීමට යන විට කැතරින් පැමිණ බලෙන් බයිසිකලයට නගිනවා.ඔවුන් දෙදෙනා යන අයුරු ජූඩ් වීඩියෝ කර සත්‍යා හට යනවා.රාත්‍රියේදි වැල්ලේ සිටන පිරිස වීරවර්ණට විරුද්ධව උද්ඝොෂයක් පැවැත්වීමට සුදානම් වනවා.පසුදා උද්ඝෝෂය පටන් ගන්නවා.එයට සත්‍යාගේ සීයාද පැමිණ සිටිනවා.එතැනට පැමිණෙන මැරයන්පිරිසක් එතැන සිටි අයට පහර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *