සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..ජයරත්නව සොයා හදිසියේම මහතුන් පැමිණි අවස්ථාවේ ඔහුගේ අයියා වන ඉස්කෝල මහත්තයාගේ නිවසේ සිටින විහාරා ගැන ඔහු මොනවාද දන්නේ කියා විමසනවා. ඒ වේලාවේ ඔහු ඇය ගැන වැඩි විස්තරයක් නොදන්නා බවත් ඔහු දන්නේ ඇය මැණිකේගේ ඥාති දුවක් වන බව පමණක් බව මහතුන් පවසද්දී විජේරත්න අයියා ඔහුගේ සහොදරයෙක් වෙලත් එ පිළිබඳ ඔහුට නොකියු බවත් එය කිවේ ටික කාලයක් ගත වූ පසුව බවත් ජයරත්න පවසනවා. මේ වෙනකොට විහාරා ගැන සැක කරන ඔහු මැනිකේගේ ඥාතියෙක් තියා ඇයගේ පරාම්පරාවටවත් විහාරා ගැවී ඇති කෙනෙක් නොවන බව පවසනවා.

ඔය අතරේ අදිත්‍යට දුරකථන ඇමතුමක් ලබා දෙන පොලිස් නිළධාරියා ඔහුට නොකියාම රාජකාරී වැඩක් සඳහා හදිසියේම සිදු වු බවත් ඔහු තවමත් එතැන සිටින්නේ බවත් පවසනවා. ඒ එකක්ම ඔහුත් සමඟින් කොත්මලේ යාමට දාගත්ත ගමන යාමට එදින ඔහුට පැමිණිීමට නොහැකි බවත් ඔහුට එදින යන්නට කියාත් පසුදා උදෑසන ඔහු කොත්මලේට පැමිණෙනම් කියාත් එම පොලිස් නිළධාරියා විසින් කියන විට එයට එකඟ වුණු අදිත්‍ය කොත්මලේ බලා යාමට පිටත් වනවා. මේ වේලාවේ පූජාව බලන්නට පැමිණෙන විශාකා ඇය ළඟට ගොස් ඇයට සිදුවු දේ පිළිබඳ කණගටු වෙන බවත් ඇයව බලන්නට එන්න පරක්කුවුවුට සමාව දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.ඉතිං එත් එකක්ම අභිමන්ගේ තාත්තා වන ලොයිඩුත් පූජාව බලන්නට පැමිණ ඇයත් සමගින් සැප දුක කතා කර විශාකාත් සමඟින් යළිත් නිවසට යන අතරතුරේ විශාකා විසින් ඔහු මෙලෙස පූජාව බලන්න ආවේ ඉදිරියේදී ඔහුගේ ලේලිය පූජා කරගන්න නේද කියා ඔහුගෙන් විමසා සිටිනවා. මේ වේලාවේ විශාකා විසින් ඔහු පූජාව බලන්නට ආවට ප්‍රශ්නයක් නැති බවත් නමුත් කිසිදිනක ඇය ජිවත්ව සිටිනතාක් පූජාට අභිමන් සමඟින් විවාහ වීමට ඉඩ නොදෙන බව පවසා සිටිනවා. ඉතිං එත් එකක්ම ඇගේ කාතවට එකතු වන ලොයිඩ් පවසා සිටින්නේ කුරුළු ජිවතුන් අතරේ නැති හෙයින් අභිමන්ට පූජා සමඟින් විවාහ වන එකේ වරදක් නැති බවයි.

පූජාව හමුවන්නට ඩිලාන් ඇගේ නිවසට පැමිණි අවස්ථාවේ පූජා වටපිට බලමින් ඔහු එලෙස නිවසට පැමිණියේ ඇයි දැයි විමසනවා.මෙලෙස පැමිණෙන ඩිලාන් නාගයාව කොටු කර ගැනීමට නම් හොඳම දේවලයක් බලා ආරක්ෂාවක් කර ගත යුතු බවත් එසේ නොකළොත් මීට වඩා දෙයක් ඉදරියේදී සිදු වීමට ඉඩ ඇති බවත් පවසා සිටිනවා. ඔය අතරේ පූජාව හමුවන්නට පැමිණෙ න අශාට පූජා කාමරයේ සිට කවුරුන් හෝ කෙනකු සමඟින් කතා කරමින් සිටිනවා දකිනවාත් එක්කම ඇය කාමර අසළ සැඟවී ඔවුන් කතා කරන්නේ කුමක් ගැනද කියා අසාගෙන සිටිනවා. ඉතිං ඒ අවස්ථාවේ පූජා කවුරු හෝ කෙනකු සමඟින් ඇයට ඔහුව හමුවන්නට අවශ්‍ය බවත් අතුරුගිරියේ ගල්වලට රාත්‍රි 8 වෙනවිට ඔහුට එන ලෙසත් දැනුම් දෙනවා. හදිසියේ වාගේ ඉස්කෝල මහතත්යාව හමුවන්නට පැමිණෙන ජයරත්න යළිවතාවක් නිවසේ සිටින විහාරා කියන්නේ කවුරුන්ද කියා අසද්දී විහාරා කියන්නේ මැණිකේගේ ඥාති දුවක් බව ඔහුට කීවතාවක් කියා තිබෙනවද අසනවා. මේ වේලාවේ ජයරත්න කුවුරු ඒ දේ ගමේ පිළිගත් ඔහු එය නොපිලිගන්නා බවත් ඒ සිටින්නේ මැණිකේගේ ඥාති දුවක් නොවන බවත් කියා සිටිනවා. ඉතිං ජයරත්න විසින් මේ සිදුවන දේවල් නිසා ඔවුන් අතර තිබෙන සහෝදරත්වය නැති වීමට වැඩි කාලයක් නැති බව කියමින් විහාරා ඔවුන්ගේ ජිවිත වලට ප්‍රශ්නයක් වුවහොත් ඇයව අයින් කර දමන බවට තර්ජනය කරමින් ඔහු පිටව යනවා.

ඉතිං පූජාගේ නිවසට යන වේලාවේ ඇය කවුරුන් හෝ කෙනෙකු සමඟින් කතා කරමින් සිටිනවා අසාගෙන සිටි අශා, පූජා කුමක් හෝ දෙයක් කිරීමට සූදානම් වන බවත් ඇය ඒ කතා කලේ පූජාගේ වැඩ වලට සම්බන්ධ වන අයෙකු වන බවත් සිතනවා. ඒ අවස්ථාවේ ඇය සිතනවා එ සියළු දේ ගැන එදින රාත්‍රියේ අතුරුගිරියට ගියහොත් ඇයට දැන ගන්නට හැකි බව. එලෙස සිතා ඇය ඉන්ස්පෙක්ටර්ට ඒ ගැන කියන්නට සිතා යළි වතාවක් එසේ ඔහුට නොකියාම තමන් තනිවම ගොස් එ පිළිබඳ සොයා එය අල්ලා දුන්හොත් ඇයට ඉහළ තනතුරකට යාමට හැකි වෙයි කියා සිතා ඇය ඒ ගැන කිසිවෙකුත් සමඟින් නොකියා තනිවම යාමට සූදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *