සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..ඉතිං මේ වේද්දී ඉස්කෝල මහත්තයාගේ නිවසින් ගිය විහාරා යළි වතාවාක් ඔවුන්ව සොයා පැමිණියි තිබෙන්නෙ. ඉතිං මේ වේලාවේ විහාරාව වැළඳගෙන මැණිකේ හඬමින් ඇයව සොයන්නට ඔවුන් මහන්සි වු හැටි ගැන කියමින් ඇය එලෙස ඔවුන්ව දමා ඇයි දැයි විමසනවා. ඒ අවස්ථාවේ විහාරා කිසි දෙයක් නොදන්නා ගානට රඟපාමින් කිසිවක් කතා නොකර ඔවුන් කතා රකන දේවල් පමණක් අසාගෙන සිටිනවා. ඔය අතරේ ඉස්කෝල මහතත්යා විසින් විහාරා ළඟට පැමිණ ඇය මුදල් අතේ නැතිව බසයේ ගියේ කෙසේද කියා විමසද්දී ඇයට ඒ කිසික් මතක නැති බව පවසනවා..

ඔය අතරේ සිය නිවසට රැ පැමිණෙන හර්ෂව දකින ඔහුගේ තාත්තා ඔහුගේ වාහනය යතුරා ඉල්ලා ගනිමින් යලි කිසිදිනක නිවසින් පිටතට ඔහුට යන්නට බැරි බවත් එයට හේතු අසන්නට එපා කියාත් කියනවා. මේ වේලාවේ ඔහු එළියට ගියේ එදින විහාරාව සොයන්නට බව කියද්දී එය ඔහුට අදාල දෙයක් නොවන බවත් එලෙස ඔවුන් නොදන්නා කෙනෙක් ගැන සොයමින් යන්නට ඔහුට ඕනෑකමක් නැති බවත් ජයරත්න විසින් පවසනවා. එම නිසා අම්මා තාත්තා නැති කෙනෙකු ඔහු විසින් ඔවුන්ගේ නිවසට ගෙන එනවාට ඔහු තදින්ම විරුද්ධ බවත් හර්ෂ සමඟින් පවසා සිටිනවා.ඔය අතරේ ඉස්කෝල මහතත්යා නිර්වාන් සහ පසන් ළඟට පැමිණ විහාරා එලෙස නිවසින් තනිව ගියේ කෙසේද කියා තවමත් සිතා ගන්නට බැරි බව පවසනවා. ඒ වේලාවේ ඉස්කෝල මහත්තයාගේ හිත දිනාගෙන විහාරා ඔහුට විවාහ කරදීමට කැමති කරවගන්නට අවශ්‍ය වු නිසා පසනුත් නිර්වාන් විහාරාව සෙයාන්නට ගොඩක් මහන්සී වු බව කියමින් ඉස්කෝල මහත්තයාගේ හිතේ නිර්වාන් ගැන හොඳ ප්‍රතිරූපයක් මවන්නට උත්සහා කරනවා. ඉතිං මේ අවස්ථාවේ ඉස්කෝල මහත්තයා නිර්වාන්ගේ අතින් අල්ලාගෙන ඔවුන්ට විහාරාව සොයා දුන්නට පිං දෙමින් ස්තුතිවන්ත වනවා.

මේ වේලාවේ මහීමාට දුරකථන ඇමතුමක් ලබාදෙන පූජා ඇය ඉන්නේ කොහේද අසමින් කපටිකමින් විහාරාව හමුවුනාද කියා විමසනවා..ඒ අවස්ථාවේ මහීමා, නිර්වාන් සහ පසන් විසින් විහාරාව ගම්පෝළදී සොයාගෙන ඇති බව පවසනවා.ඉතිං මේ වේලාවේ විහාරා කෙසේද තනිව ගම්පළට ගියේ කියා පූජා ඇගෙන් විමසද්දී එය ඔවුනටත් තවමත් හිතා ගන්නට බැරි බවත් විහාරා එලෙස ගොස් ඇත්තේ ඇය පාන්දර කොළඹ යනන්ට පිටත් වුන බසයෙන්ම බවත් පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ පූජාට සැකයක් මතුවෙනවා කුරුළු එතරම් දුරක් තනිව ගියේ කෙසේද යන්න ගැන.. ඉතිං මේ වේලාවේ ඇය තව තවත් බය වෙනවා මේ සිදුවන දේවල් එක්ක ඇයව පොලිසියෙන්ට හසුවෙයි කියා. එ වෙනුවෙන් පූජා මොන වගේ සැලසුමක් ක්‍රියාත්මක කරයිද කියන එක තවම අපට සිතා ගන්නට අමාරුයි. ඇයට හැම මොහොතකම අවශ්‍ය වුයේ කුරුළුව ඇගේ ජිවිතයෙන් අයින් කර දමන්නයි.

කුරුළු කල්පනා කරමින් වටපිටාවේ සිරි නරඹමින් සිටින අතරතුරේ එතැනට පැමිණෙන මැණිකේ ඇයට පසුගිය කාලයේ සිදු වුන දේවල් අමතක කරමින් ඇයගේ හිස අත ගා කියනවා. මේ වේලාවේ මැණිකේට අම්මා කියමින් කතා කරන කුරුළු මැනිකේ ඇයට ඇතත්ටම අදරෙයිද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඇයට ඇගේ ආදරයේ කවදා හෝ දවසක අඩුවක් දැනුනාද කියා අසමින් ඇයව වැළදගෙන ඇයට තිබෙන ආදරය කොච්චරක්ද කියා කියන්නට බැරි බව පවසනවා. ඉතිං කුරුළු ඒ අවස්ථාවේ ඇය කාගේ කවුද කොහේ සිට පැමිණියාද කියා නොදැන ඔවුන් මෙතරම් ඇයට ආදරයෙ කරන්නේ ඇයි දැයි කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *