සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා..ඉතිං ඔන්න මේ වේලාවේ නිර්වාන් පසන් සමඟින් ගම්පොළ බස් ස්ටැන්ඩ් වලත් ඒ අවටත් විහාරා සිටිනවාද කියා බලමින් තමයි සිටින්නේ..ඉතිං එ වෙද්දීවත් කිසිදු තොරතුරුක් විහාරා ගැන කිසවකුට ලැබුනේ නැහැ. ඉතිං මේ වේලාවේ නාගයා ගැන සිතමින් පූජා ඉන්න අතරතුර අනුලාව මතක් වී ඇයට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඉතිං ඒ වෙලාවේ ඇයගෙ නවසේ නාගයන් විතරක් නොව හොල්මනුත් ඇවිත් ඇති බව අනුලා පූජා සමඟින් පවසනවා. ඉතිං මේ වේලාවෙ ඇය හොල්මන් ඇවිත් කියා සඳහන් කලේ ඇය නිවසට පැමිණෙනවාත් සමගම කුරුළු එම නිවසේ සිට එළියට එනවිට ඇයට මුහුණට මුහුණ මුණ ගැසුන නිසයි. ඉතිං පූජාට ඇය කුරුළුව දැකපු බව පවසද්දී ඇය කලබල වුවා. මන්ද ඇය මේ වෙනකොටත් දැනගෙනයි සිටින්නේ කුරුළු ජිවත් වන බව..

ඉතිං මේ අතරේ ඩිලාන් නාගයගෙන් බේරෙන්නට ක්‍රමයක් ගැන  විස්තර දැනගන්න දේවාලයකට පැමි‍ණෙනවා. එ අතරදී ඩිලාන් පසුපස මේ නාගයත් දේවාලයට පැමිණෙනවා.එ වේලාවේ නාගයාව දකින් ඩිලාන් කෑගසාගෙන ගොස් උස් තැනකට නැග කෑසද්දී එතැනට පැමිණෙන දේවලයේ වැඩ කරන කෙනා එම නාගයට බය වෙන්නට එපා කියාත් නාගයා කරදර කරන්නේ වැරදි වැඩ කරන මිනිසුන්ට පමණක් බවත් කියා සිටිනවා. ඉතිං මේ වේලාවේ ඩිලාන් ප්‍රශ්නයක් සිටින බව දැනුන එම පුද්ගලයා ඔහු පැමිණෙ ඇත්තේ හරිම තැනට බවත් කපු මහත්තයා ඔහුටය ඇති ප්‍රශ්නවලට විසදුමක් සොයා දෙයි කියාත් පවසමින් එතින්න පිටව යනවා..

මේ වේලාවේ විහාරාව සොයමින් උදෑසන සිට වෙහෙස වුන පසන් සහ නිර්වාන් තවමත් ඇයව සොයමින් පාරට වී සිටිනවා. එත් එක්කම කුරුළු වැන් එකකින් මඟින් බහිනවාත් සමඟම ඇය දකිනවා ඈත නිර්වාන් සමඟින් පසන් සිටිනවා.ඉතිං ඉන්පසු විහාරාව අහම්බයෙන් වගේ දකින පසන් විහාරාව නිර්වාන් පෙන්වනාත් සමඟම විහාරා හඬාගෙන ගොස් නිර්වාන්ව වැළඳ ගන්නවා.එලෙස ඇය කිසිවක් නොදන්නවා වාගේ රඟපාමින් ඇයට ගෙදර එනන්ට පාර දන්නේ නැතිව පාරේ ඇවිදිමින් සිටි බව පවසනවා. ඉන්පසු නිර්වාන් විහාරාත් සමඟින් ත්‍රිරෝද රථයකින් ලොකු සර්ගේ නිවසට පැමිණමින් සිටියදී ඔවුන් දකින් හර්ෂ එතැනට රුක්මන් සමඟින් පැමිණ විහරාව හංගාගෙන සිටියේ කොහේද කියා අසමින් ඔහු ඇයව සඟවාගෙන ගිය බව කියමින් චෝදනා කරනවා. මේ වේලවේ විහාරා ගැන සිතමින් වත්තට වී කල්පනා කරමින් සිටින ඉස්කෝල මහතත්යා සහ මැණිකේ දකිනවා ඈත නිර්වාන් සමඟින් විහාරා එ දෙසට පැමිණෙනවා. එ අවස්ථාවේ ඇයව දැක සතුටට පත් වුන ඉස්කෝල මහත්තයා සහ මැණීකේ ඇයව වැළඳගෙන ඇය කොහේද ඔවුන්ව දමා ගියේ කියා විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *