සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වෙද්දී විහාරා නිවසේ නැති වීම හේතුවෙන් ගමේ සියළුදෙනා ඇයව සොයමින් තමයි සිටින්නේ. ඉතිං මේ වේලාවේ ඉස්කෝල මහත්තයා පොලිසියේ රාජකාරී කරන ඔහුගේ ගෝලයකු වන දේවකටත් විහාරා නිවසේ නැති බව කියමින් ඔහුගෙන් උදව් ඉල්ලමින් ඔහුව හමුවීමට නිවසට එන ලෙස ඉල්ලා සිටියා.

මේ අතරේ සිය නිවසට ආව කුරුළු ඇගේ නැන්දා වන රේෂ්මා සමඟින් ඇය පහුගිය කාලය තුළ ජිවත් වු ආකාරය ගැනත් ඇය සිටි නිවසේ සිටින ඉස්කෝල මහත්තයා සහ මැණිකේ ගැනත් විස්තර කියා සිටිනවා. ඒ වේලාවේ ඔවුන් තවමත් ඇයට සිහිය ආපු බව නොදන්නා බවත් දැනටමත් ඇය නැති බව දැනගත් ඔවුන් හැම තැනම ඇයව සොයමින් යනවා ඇති කියාත් පවසනවා.ඒ වේලාවේ සතුට දරාගත නොහැකි වුන රේෂ්මා කුරුළුගේ අම්මා වන සුභාද්‍රා සෑම දවසක්ම ඇය එනතුරු මඟ බලා සිටි බව කියමින් ඇයට කතා කරන්නට කුරුළුට අඩගැසුවත් ඇය සුභද්‍රා සමඟින් කතා කිරීමට කැමති වුයේ නැ. ඒ වේලාවේ සුභද්‍රා ඇයව දුටුවොත් ඇයට යළි කොත්මලේට යන්නට ඉඩ දෙනකක් නැති බව කියමින් ඇයට සිදු වුයේ ඇත්තටම කුමක්ද කියා දැනගැනීමට නම් යළ වාතවක් ඇයට කොත්මලේට යාමට සිදුවන බව පවසනවා.ඉතිං ඒ දේ කුරුළු රේෂ්මාට පැහැදිලි කර දෙන්නට උත්සහා කලත් රේෂ්මා ඇය නිවසින් යනවාට කැමති වුයේ නැහැ. ඉතිං එලෙස ඇය රේෂ්මාට පැහැදිලි කර දෙමින් කෙසේ හෝ ඇයගේ හිත හදමින් මලින්තගේ පින්තුරය ළඟට ගොස් ඔහුට වැඳ  නිවසින් පිටව යනවාත් සමඟම කුරුළුව දකින අනුලා කුරුළුගේ නම කියමින් කෑගසා එතැනම සිහසුන් වී ඇඳ වැටෙනවා.

ඉතිං මේ විදියට කුරුළු ත්‍රිවිලරයෙන් යන අතරතුරේ ට්‍රැෆික් එකේ වාහනය නවතා තබා තිබෙන අතරතුර අදිත්‍ය කුරුළු ත්‍රිවිලරයේ සිටිනවා අහම්බයෙන් වාගේ දකිනවා. ඒ වේලාවේ අදිත්‍යව දකින කුරුළු ගැස්සි සැඟවෙන්නට උත්සහා කලද අදිත්‍ය ඇය පසු පසම වාහනයෙන් ගියා. නමුත් එක් තැනකදී වාහන පාරේ විශාල ප්‍රමාණයක් තිබු නිසා කුරුළුගේ ත්‍රිවිලරය අදිත්‍යට මඟ හැරනෙවා. ඉතිං එලෙස මඟ හැරුණත් අදිත්‍ය ඒ වේලාවේ පොලිසියට ගොස් ඔහු කොළඹදී කුරුළුව දැකපු බව පවසනවා. ඒ වේලාවේ කුරුළු ජිවත්ව සිටින බව ඔහු පොලිසිය සමඟින් පැවසුවා. ඒ වේලාවේ පොලිසියේ අකමැත්තක් නැතිනම් එම පරීක්ෂණ කටයුතු වලට ඔහු සහය ලබා දීමට කැමති බව කියමින් අදිත්‍ය පිටව යනවා.

මේ අතරේදී නිර්වාන් පසන් සමඟින් විහාරා සොයමින්  ඇය කොහේ යන්නටද අතිද කියා කල්පනා කරමින් සිටියදී පන්දර කොළඹ බලා පිටව වුන බස් රථය නිර්වාන් සිටින අසලින් නවතා ඔවුන් මොනවාද සොයන්නේ කියා අසනවා. ඒ වේලාවේ ඉස්කෝල මහත්තයාගේ නිවසේ සිටි විහාරා අතුරදන් වී ඇති බවත් ඇයව සොයමින් මෙලෙස ඔවුන් ඇවිදින බවත් පවසනවාත් සමඟම විහාරා අතුරදන් වී ඇති බව කවුද කියන්නේ කියා අසමින් ඇය පාන්දර ඔවුන්ගේ බස් රථයෙන්ම මහීමාත් සමඟින්ම එම බස්රථයෙන් ගියපු බව පවසනවා. ඒ වේලාවේ ඔහුට මතක විදියට විහාරා ගම්පොළින් බැසපු බවත් පවසනවාත් සමඟම එසේ සිදුවුයේ කෙසේද කියා සිතමින් ඒ අවස්ථාවේම ගම්පොළ යාමට පිටත් වුවා.ඉතිං මෙලෙස ගම්පොළට පැමිණ විහාරව සොයමින් සිටින අතරතුරේ නිර්වාන් මහීමාට දුරකථන ඇමතුමක් ලබා දී විහාරා පන්දර ඇය ගියපුම බසයෙන්ම ගම්පොළට ගොස් ඇති බව පවසනවා. ඒ වේලාවේ මහීමා පුදුම වී එලෙස සිදුවන්නට බැරි බව පවසද්දී එය සිතා ගත නොහැකි වුවත් එය ඇත්තක් බවත් නිර්වාන් මහීමා සමඟින් පවසනවා.

ඉතිං මේ වේලාවේ පූජාව හමුවීමට ආ ඩිලාන් පූජා නිසා ඔහුගේ බිරිඳ වන රෙෂිලා මැරුණ බව කියමින් චොදනා කරනා අවස්ථාවේ ඔහු ඇගේ නිවසේ සිටින බව කියමින් එලෙස කෑගසන්නට එපා කියා ඉල්ලනවා. මේ වේලාවේ එසේ නම් ඇයව හමු වන්නට ඔහුට පැමිණෙන කිවේ ඇයි දැයි විමසද්දී ඇය සිටින්නේ අසනීපෙන් බව පවසනවා. ඒ අවස්ථාවේ ඇයටත් කොත්මලේදී නයෙක් දෂ්ඨ කල බව කියනවාත් සමඟම එය අදහාගත නොහැකි වුන ඩිලාන් බියට පත් වුවා. ඉතිං ඩිලාන්ටත් මේ සිදුවන්නේ කුමක්ද කියා සිතා ගත නොහැකි වුවා. එත් එක්කම අනුලා පස්සෙනුත් නයෙක් පන්නන බවත් ටික දවසකින් ඔහු පස්සෙනුත් නායෙක් එමට හැකියාවක් ඇති බව පූජා ඩිලාන් සමඟින් පවසනවා.ඒ අවස්ථාවේ හොඳටමබ බය වුන ඩිලාන් මැරුණ කෙනෙක් මේ ආකාරයෙන් නායෙක් වි ඔවුන් පසුපස එනවා කියාද පූජා කියන්නට යන්නේ කියා ඩිලාන් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *