සෑම සතියේ දිනකම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය සියලු ප්‍රේක්ෂක ආදරය දිනා අවසන්..පසුගිය සතිය වල නාට්‍ය මෙසේ ගලා ගියා.ගීතිකා හට කුමක් හෝ කරදයක් කිරීමට කවඩියා ගියාදැයි සැක සිතී කිරිපුතා හා සරා ඔහු සොයා පැමිණෙනවා.ඉන්පසු කැලෑවේ සිටින කවඩියා දැක ඔහු අසලට පැමිණෙන සරා කවඩියාගෙන් විස්තර විමසනවා.ඉන්පසු කවඩියා තමා ගීතිකාට කරදයක් නොකරන බවත් ඇයට ආදරේ බවත් පවසනවා.කවඩියාව රැගෙන සරා කඩයට යනවා.තේ එක නොබොන කවඩියා එසේ කරන්නේ ඇයි දැයි මුදලාලි විමසනවා.පාඨලිගේ පියා ඇගේ හා ඇය විවාහ වීමට යෝජනා කර ඇති පිරිමි දරුවාගේ හඳහන් ගැලපුනු බව එම නිවසේ අයට දැනුම් දී නිවසට පැමිණෙනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට මුදියන්සේ ගේ පුතා පැමිණ කුඹුරෙහි වී මලු ටික දෙනවා.ඉන්පසු කුඹුරෙන් පාඩු බවත් එය හිතුනොත් නවත්වන බවත් පවසනවා.කවඩියා කිරිපුතා හා සරා පාරේ එමින් සිටින විට තරුෂි හා ඇගේ යහළුවා එතැනින් යනවා.

ඔවුන් සැක සරා ඔවුන් සමඟ කතා කරනවා.ඉන්පසු තරුෂිගෙන් හංසි කවුදැයි විමසනවා.කවඩියා එතැනින් ඉවතට රැගෙන යන සරා හංසි ලස්සන බව පවසනවා.ඉන්පසු හංසි වෙත පැමිණෙන සරා ඇය සිටින්නේ කොහේදැයි විමසනවා.තමා සියඹලා ගහ යට ගෙදර නන්දනි නැන්දාගේ දුව බව ඇය පවසනවා.එය අසා සිටින කවඩියා නන්දනි නැන්දා දන්නා බව පවසනවා.තරුෂි හා හංසි එතැනින් පිටව ගිය විට කවඩියා හට සරා හා කිරිපුතා විහිළු කරනවා.මේ අතර මුදලාලිගේ නිවසට දියෝගබදු පැමිණෙනවා.එතැනට පැමිණෙන බිංදු ඔවුන් කවුරුන්දැයි විමසනවා.ඔවුන් මුදලාලිගේ ගෝලයින් බව පවසනවා.මේ අතර ජානකි මාලන් හට කතා කර තමා හට කුමක් හෝ චාන්ස් එකක් අරගෙන දෙන ලෙස පවසනවා.මාලන්ගෙන් උදව් උවමනානම් මන්ත්‍රි අතර හා ඇය අතර ඇති සම්බන්ධය නතර කරන ලෙස පවසනවා.ඉන්පසු එය ඇය කරන ලෙස පවසනවා.රාත්‍රියේදි සරා වාඩියේ සිංදු කියන දේ අසා පාඨලි අඬනවා ඉන්පසු එතැනට පැමිණෙන අංජලී ඇය අඬන්නේ ඇයි කියා විමසනවා.තමාගේ ඇසට රොඩ්ඩක් ගිය බව පාඨලී පවසනවා.තමා හට බොරු නොකරන බවත් පාඨලීගේ හිත ඇයට හොඳින් කියවීමට හැකි බවත් අංජලී පවසනවා.කුමන වේලාවක පාඨලී හට පණ උනත් ඇය දෙන බවත් සරාගේ ප්‍රශ්ණයේදි ඇය අක්කාට උදව්නොකරන්නේ එය ඇයට නොගැලපෙන බව පවසනවා.

පසුදින බිංදු හා රත්නේ ගම බැලීමට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් එන මගට සරා සහ යහළුවන් පැමිණෙනවා.ඉදිරියෙන් පැමිණෙන්නේ සරා බව රත්නේ පවසනවා.ඔවුන් අසලට යන බිංදු සරා ඔහුද කියා විමසනවා.ඉන්පසු ඔවුන්ට යාමට නියරෙන් ඉඩදෙන ලෙස සරා බිංදු හට පවසනවා.ඉන්පසු කලින් ගොඩ වූකෙනා නියරෙන් බහින් ලෙස සරා පවසනවා.රණ්ඩුවක් ඇති වී යැයි බියෙන් කිරිපුතා කුඹුරට බැස ඔවුන් වැඩකට යන බව සරා හට පවසා සරාටද කුඹුරට බහින ලෙස පවසනවා.එය අසා සරාද කුඹුරට බහිනවා.සරා හා යහළුවන් ගමේ පොල්ලෙලි සොයමින් යනවා.හතරදෙනා පොල්ලෙලි එකතු කර නැවත පැමිණෙන විට පාඨලි හට යහළුවන් ඉදිරියට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් කරන දේ කුමක් ද කියා පාඨලි පවසනවා.ඔවුන් කිරීමට යන දේ සරා පවසනවා.පසුදින උදෑසන සරාගේ වාඩියට මාස්ටර් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් පටන්ගැනීමට යන දේට මාස්ටර් සුබ පතනවා.මාස්ටර් වාඩියෙන් ගිය විට සරා හා යහළුවන් පොල්ලෙලි රැගෙන ලොරියට දීමට යනවා.ඉන්පසු ලොරිය එනතුරු ඔවුන් පාරට වී බලා සිටිනවා.ඔවුන් සිටින තැනට බිංදු පැමිණෙනවා.එතැන සිටින සරා හට අරියාදුවට මෙන් විවිධ දේ පවසනවා.කඩයට පැමිණෙන මාලන් තමා චිත්‍රපටයක් ගැසීමට යන බවත් එය නිධන් ගල අශ්‍රිතව කරන බවත් පවසනවා.

මේ අතර බලා සිටින සරා වෙත ලොරිය පැමිණෙනවා.ඉන්පසු එයට පොල්ලෙලි දෙන ඔවුන් එය අලාභ බව දැනෙනවා. කඩය අසලට යන සරා හා යහළුවන් හට සොකරි නාට්‍ය ගැන කියමින් ගමේ ගිය ස්පීකරය බැදි කාර් එක මුණ ගැසෙනවා.එය අසලට යන කවඩියා මයික් එක අතට ගෙන ගීතිකා කියමින් කෑ ගසනවා.කීප වරක්ම එය කවඩියා කරනවා.එය මාස්ටර් ගීතිකා පාඨලි හා අංජලි පාරේ එන විට ඇසෙනවා.ඉන්පසු එසේ කෑගසන්නේ ඇයි දැයි මාස්ටර් අසනවා.ඉන්පසු ගීතිකාහට ලජ්ජා සිති කේන්තියෙන් එතැනින් පිට වනවා.ඉන්පසු කඩය අසල සිටින අයද එය දැනගන්නවා.ඉන්පසු එතැන සිටින සරා කවඩියා හට බැන වදිනවා.එතැනින් පැමිණෙන සරා හා යහළුන් හට මාලන් මුණගැහෙනවා.ඉන්පසු සරා සමඟ මාලන් වාඩියට යනවා.පාඨලි බැලිමට මනමාලයෙක් එන නිසා ඇගේ නිවසේ සියලු දෙනා එයට ලැස්තිවෙමින් සිටිනවා.ගමේ පෙන්වීමට නියමිත සොකරි නාට්‍ය පෙන්වීමට තැනක් පිළියෙල කරනවා.එයට පන්සලේ ලොකු හාමුදුරුවන් ද සහභාගි වනවා.මේ අතර දියෝගබදු හා බිංදු සරා සොයා වාඩියට පැමිණෙනවා.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *