සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන
යනවා.පාඨලිගේ අම්මා තාත්තා සමඟ පාඨලි හට යෝජනාවක් ආ බව පවසනවා.නමුත් ඒ දේට පාඨලි අකමැති වේවිද කියා
පවසනවා.උදෑසන අවදි වන කවඩියා පොල්ලෙලි ලොරිය අල්ලාගැනීමට යනවා.මේ අතර පාඨලි හට ඇගේ අම්මා ඇයට
යෝජනාවක් ආ බවත් කේන්දර බැලීමට අද යන බවත් පවසනවා.පාඨලි එම යෝජනාවට අකමැති බව පවසනවා.කුකුළා මුදලාලිගේ
නිවසට ඔහුගේ ඥාතියෙකු වන බිංදු පැමිණෙනවා.කුකුළා මුදලාලි හට සිදු වූ දේ කුකුළා මුදලාලිගේ බිරිඳ පවසනවා.
කවඩියා පොල්ලෙලි ලොරිය එනතුරු බලා සිටිනවා.ඉන්පසු සියලු විස්තර ලොරියේ අය සමඟ කවඩියා කතා කරනවා.

 

නැවත පාරේ පැමිණෙන කවඩියා හට ගීතිකා හමු වනවා.කවඩියා ඇය ආදරය කරන බවත් ඇයට සිතා පිළිතුරක් දෙන්න කියා
පවසනවා.ඉන්පසු කෝප වන ගීතිකා කවඩියා හට අකමැති බවත් බුලත් විට කන,සරම් අදින කසිප්පුකාරයෙක් ඇය කිසිදා බඳින්නේ
නැති බවත් පවසනවා.නැවතත් කවඩියා වාඩියට පැමිණෙනවා.ඉන්පසු ඔහු කිසිවක් නොකියා බලා සිටිනවා.කිරිපුතා ඔහුගෙන් විස්තර
ඇහුවත් ඔහු කිසිවක් නොකියා සිටිනවා.එතැනට පැමිණෙන කවඩියා හට කිරිපුතා ඔහු කතා නොකරන බව පවසනවා.ගීතිකා හා
කවඩියා අතර සිදු වූ දේ සරා හට පවසනවා.මේ අතර මාලන් කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු බිංදු පැමිණ
මාලන්ගෙන් කරුණු විමසනවා.කවඩියාගෙන් සියලු විස්තර දැනගත් සරා හට කේන්ති යනවා.ගීතිකා අයිති කවඩියා හට පවත්
කිසිවෙකුටත් ඇය අයිති වීමට නොදෙන බව පවසනවා.මාලන් පාරේ එන විට රසිකා මුණ ගැසෙනවා.

 

ඉන්පසු මාලන් ඇය දැක ඇය සමඟ කතා කරනවා.ගීතිකා සිදු වූ දේ පාඨලි හට පවසනවා.ඉන්පසු පාඨලි කේන්තියෙන් ගීතිකා හට
බැන වදිනවා.ඔවුන් එන පාරේ රැකවලලා සිටින සරා කවඩියා හට සිදු වූ දේට ගීතිකා හට බනිනවා.මාලන් සරාගේ නිවසට
පැමිණෙනවා.නැවත ඔවුන්ගේ නිවසට යලිත් නොපැමිනෙයි කියා සිතු බව සරාගේ අම්මා විමසනවා.උදෑසන පාන් රැගෙන වාඩියට
පැමිණෙන කිරිපුතා පිහිය සොයනවා.ඉන්පසු පිහිය නැති බවත් කවඩියා වාඩියේ නැති බවත් ඔවුන් හට මතක් වනවා.ඉන්පසු කවඩියා
සොයා සරා සහ කිරිපුතා දිව යනවා.ගීතිකා හා පඨලි පාරේ එන විට සරා කෑ ගසාගෙන ඔවුන් අසලට පැමිණෙනවා.කවඩියා පාරේ
සැඟව සිටිනවා.සැඟව සිටින කවඩියා දැක සරා හා කිරිපුතා ඔහු අසලට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *