සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා. සෙයිඩා සමඟින් එම්රේ කතා කරමින් සිට එතැනින් එම්රේ පිටව යනවාත් සමඟම එතැනට කලබලයෙන් වාගේ පැමිණෙන බහාර් ඇය කුමක් හෝ ප්‍රශ්නයකද සිටින්නේ කියා විමසනවා. මේ වේලාවේ ආර්ඩාගේ තාත්තා එම්රේ බව ඔහු දැනගෙන ඇති බවත් එසේ සිදුවුයේ කෙසේද කියාත් සෙයිඩා බහාර්ගෙන් විමසනවා. ඉතිං මේ අවස්ථාවේ ඇය සැක කරනවා බහාර් ඒ ගැන සිරින්ට කියු නිසයි එම්රේ මේ බව දැනගත්තේ කියා. ඒ වේලාවේ ඇය දිව්රුවත් ඇය එ කිසිවක් ගැන සිරින්ට කියුවේ නැති බව සිරින් එය පිළිගන්නට කැමති වුයේ නැහැ.

බහාර් ඇගේ දුරකථන වලට අරිෆ්ගෙන් කිසි ප්‍රතිචාරයක් දින කිහිපයක සිට නැති හෙයින් ඔහුව මුණ ගැසීමට ඔහුගේ තේ කඩයට යනවා. එලෙස ගොස් ඇය ඔහු ගැන බය වුන බවත් අයගේ දුරකථන වලට කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු නිසා මෙලෙස ඇය ඔහු සොයා පැමිණි බවත් පවසද්දී දුකට පත් වුන අරිෆ්ට එය දරාගත නොහැකිව ඔහුට ඇය ආදරෙයිද, ඇය ඔහුගේ කවුද කියා බහාර්ගෙන් විමසා සිටිනවා. ඉතිං ඒ අවස්ථාවේ අරිෆ්, සාප් සමඟින් ඇය ජිවත් වන අතරේ ඔහු ගැන සොයන්නට මහන්සි වෙන්න එපා කියා පවසනවා. එ අතරේ බහාර් විසින් ඇයට එ අවස්ථාවේ තීරණයක් ගැනීමට නොහැකි බවත් කියා ඇයට සියළුදේට වඩා දරුවන්ගේ ජිවත වටින බව කියමින් එතැනින් පිටව යනවා. ඉන්පසු බාහර් අම්මත් සමඟින් ගෙදර යන අතරේ ආනිස් විසින් අරිෆ් සමඟින් කතා කරාද කියා විමසද්දී ඇය සහ අරිෆ් අතර තිබු සම්බන්ධය ඔවුන් නවතා දැමු බව බහාර් පවසනවා. ඉතිං ඒ වේලාවේ සියළු දේ ඇය අත්හැර ඇගෙ දරුවන්ව තෝරගත් බව බහාර් ආනිස් සමඟින් පවසනවා. ඔය අතරේ කලබලයෙන් වාගේ නිවසට දිව එන ආනිස් සිරින්ව සොයාමින් නිවස තුළට ගොස් සෙයිඩාගේ දරුවාගේ තාත්තා එම්රේ බව ඇයට කීවේ කවුරුන්ද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඉඩ්ල් එ ගැන ඇයට කියපු බව පවසද්දී ඇයව සොයා යන ආනිස් ඇගෙන් එ ගැන විමසද්දී ඇය එය සිරින්ට කියපු බවත් එය ඇය දැනගත්තෙත් ආනිස් සහ එන්වර් එ ගැන කතා කරමින් සිටියදී බවත් පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *