සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනව.. තරුපතිව සොයා පැමිණෙන ලාල් ඔහුට පසුගිය දිනයක සිදුවු කරදය ගැන අසමින් තරුපතිගේ දැන් තත්ත්වය කෙසේද කියා විමසනවා. ඒ අවස්ථාවේ තරුපතිට සිදු වු දේ ගැන ඔහු කණගාටු වන බවත් එලෙස කරන්නට උවමනාවක් ඇතතේ කාටද කියාත් ලාල් ඔහුගෙන් අසනවා. මේ වේලාවේ ඔහුත් එය සිදු කරේ කවුරුන්ද කියා නොදන්නා බවත් ඔහුටත් අවශ්‍ය වන්නේ එ ගැන ඉක්මනින්ම දැන ගැනීමට බවත් පවසා සිටනවා. ඉතිං මේ වේලාවේ එ කවුරුන්ද කියා සොයා ගැනීමට ඔහුට උදව් කරන මෙන් තරුපති ඉල්ලා සිටිනවා.

ඔය අතරේ උඳුල් වත්තේ වැඩ කරමින් සිටින අතරේ එතැනට දිව එන ඔහුගේ ආච්චි ඔහුගේ තාත්තා පැමිණ සිටින බවත් ඔහුත් සමඟින් කතා කිරීමට පැමිණෙන ලෙසත් පවසනවා. ඉතිං ඒ අවස්ථාවේ ඔහු නිවස ඇතුළට යනවාත් සමඟම තාත්තා පැමිණෙනවා උඳුල් දැක ඔහු ඔහුව වැඩිය ගනන් නොගෙන අහන දේට පමණක් උත්තර දෙමින් සිටිනවා. ඉතිං මේ වේලාවේ මේ නාට්‍ය බලන ගොඩක් දෙනා උඳුල්ගේ තාත්තාවත් දකිනවාත් සමඟම පුදුමයට පත් වෙනවා නොඅනුමනයි. මන්ද උඳුල්ගේ තාත්තා ලෙස පැමිණ සිටින කෙනා තමයි විශාල්ගේ තාත්තාත් වන්නේ. ඉතිං මෙලස පැමිණෙන උඳුල්ගේ තාත්තා උඳුල්ට අලුතින් රැගෙන ආ බෑගයක් ලබා දෙමින් ඔහු සංගීතය කරමින් ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවා දැයි විමසනවා. ඉතිං මේ වෙද්දී උඳුල්වත් , විශාල්වත් දන්නේ නැහැ ඔවුන් දෙදෙනා සහෝදරයින් වන බව. ඔවුන් දෙදෙනාම ආදරය කරන්නේ ඊෂාට බව ඔවුන් දැනගත් දාට කුමක් සිදුවෙයිද කියා සිතා ගන්නට බැහැ.

ඔය අතරේ තේමීයත් සමගින් රයිසින් ස්ටාර්ස් තරඟවලියෙ වැඩක් සඳහා යන වින්ඩි ඇයට ඇති ප්‍රශ්න ගැන තේමීයත් සමඟින් පවසනවා. මෙ අවස්ථාවේ ඇයට පොඩි නිවසක් සොයා දෙන ලෙසත් ඇයගේ නැන්දා සහ තාත්තා ඇයට නිවසක් නැති නිසා දින කිහිපයක් තිසසේ වජිරාගේ නිවසේ සිටින බවත් පවසා සිටනවා. එත් එකක්ම අගස්තිගේ ප්‍රශ්නත් ඇගේ ඔළුවට වදයක් බව පවසමින් අගස්තිට ඒ කාලේ කුමක් හෝ සම්බන්ධයක් නුවරඑළිය සමඟින් තිබෙන බව පවසා සිටිනවා. මේ අවස්ථාවේ ඒ ගැන ඇය කෙසේ හෝ සොයා ගැනීමට අවශ්‍ය බවත් එයට තේමීයගේ උදව් ඇයට අවශ්‍ය බව පවසා සිටිනවා.

ඔන්න පසුදින රේහානා ඊෂාව සොයා නුවරඑළියට පැමිණෙනවා. එ දවස් කිහිපයක් ඇයත් සමඟින් නුවරඑළියේ කාලය ගත කර යෑම සඳහායි. ඉතිං ඊට පසු දිනයේ ඊෂා රෙහානාත් සමඟින් උඳුල්ව සහ අලීව පුදුම කරවමින් තරුපතිගේ පංතියට පැමිණෙනවා. මේ වේලාවේ රේහානාට අලීව හඳුන්වා දෙමින් ඔහුට පුදුම උවමනාවක් ඇයත් සමඟින් කතා කිරීමට තිබු බව කියමින් අලීට විහිළු කරනවා. ඉතිං මේ වේලාවේ සියළුදෙනා කතා කරමින් ඉන්න අතරතුරේ රේහානා විසින් කට්ටියම එකතු වී විනෝද චාරිකාවක් යමු කියා යෝජනවාක් කරනවා. මේ වේලාවේ උඳුල් සහ අලී එකපයින්ම කැමති වුවත් ඊෂා පවසා සිටියේ එලෙස යෑමට ඇයව ගෙදරින් එවන්නේ නැති බවයි. අ අවස්ථාවේ ඇයගේ අම්මාව කෙසේ හෝ ඇය එයට කැමති කරවගන්නම් කියා රේහානා පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ කව්‍යාගේ නිවසට පැමිණෙන ඇයගේ යහළුවා රේහානා නුවරඑළියේ පැමිණ ඇති බවත් ඇයව තරුපතිගේ අසපුව අසලදී දැකපු බවත් පවසනවා. මේ වේලාවේ එ ගැන දැනගත් කාව්‍යා ඇයට කුමක් හෝ දෙයක් කිරීමට යහළුවත් සමඟන් සැලසුම් කරනවා.

ඉතිං පසුදින උදෑසන රේහානත් ඊෂාත් පරිසරේ සුන්දරත්වය විඳිමින් කතා කරමින් පාරේ යන අතරතුරේ කව්‍යා පිරිසක් සමඟින් ඔවුන් ඉිදිරියට පැමිණෙනවා රේහානා සහ ඊෂා දකිනවා. මේ වේලාවේ ඔවුන් එතැනින කිසිවක් නොකියා පිට වෙන්නට හදනවාත් සමඟම කව්‍යා ඊෂාව පිටුපසට තල්ලු කරමින් ඇයට රේහානාත් සමඟින් විසඳා ගැනීමට ප්‍රශ්නයක් ඇති බව පවසනවා. ඒ අවස්ථාවේ රේහානාගේ බෙල්ලෙන් අල්ලා ගත් කව්‍යා ඇයගේ කොණ්ඩය අල්ලමින් එතැන සිටි කෙනෙකුට ඇගේ කොණ්ඩය කපා හරින්න කියා පවසනවා. මේ වේලාවේ ඔහු විසින් රේහානාගේ කොණ්ඩට කපන්නට යනවාත් සමඟිම ඔවුන් ප්‍රශ්නයක සිටිනවා දකින උඳුල් සහ අලී කෑගසගෙන පැමිණ එතැන සිටි අයට බැන වදිමින් අලී එම පුද්ගලයාට පහර දෙන්නට පටන් ගන්නවා. ඒ වේලාවේ ලැජ්ජාව දරාගත නොහැකි වුන කව්‍යා ඇගේ යහළුවත් සමඟින් එතැනින් ඉක්මනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *