සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ රේහානා වේදිකාව මත සිය ගායනය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අශාන් විනිශ්ච මණ්ඩලයේ අදහස් කෙසේද කියා විමසද්දී පළමුව ඇයගේ ගායනය පිළිබඳ අදහස් දක්වපු වජිරා ඇගේ ගායනය ඉතා ජවසම්පන්න ගායනයක් බවත් ඇය ඉදිරියටම යා යුතු තරඟකාරිනියක් බවත් පවසා සිටිනවා. එත් එකක්ම ඇගේ ගායනය ගැන වින්ඩිගෙන් අදහස් අසන අවස්ථාවේ ඇය නම් එම ගායනයට වැඩි කැමැත්තක් දැක් වු බවක් පෙනෙන්නට තිබුනේ නැහැ. ඉතිං ඒ වේලාවේ රේහානාගේ ගායනය ඇයට හිතට දැනුනේ නැති බව පවසමින් ඇයව ඉදිරියට යැවීමට නොහැකි බව පවසනවාත් සමම අගස්තිගෙන් ඔහුගේ අදහස් කෙසේද කියා විමසුවා.ඉතිං ඔහු ඇයගේ ගායනය තුළ පුංචි අඩුපාඩුකම් තිබු බවත් ඇය ශ්‍රැතියේ ගායනා කලේ නැති බවත් පවසා සිටියා. නමුත් ඒ අඩුපාඩුකම් තිබුණත් ඇයව ඔහු ඉදිරියට යවන්නට කැමති වුවා. ඉතිං මේ විදියට වින්ඩි රේහානාගේ ගායනයේ අඩුපාඩුකම් නැතිවතත් ඇයව තරඟයෙන් ඉවත් කරන්නට හැදුවේ ඊෂා ඇගේ යහළුවෙක් වෙන නිසාද කියා හිතන්න පුළුවන්. මේ අතරේ උඳුල්ගේ ආච්චි අම්මා ඔහු ළඟට පැමිණ ඔහු කැමති නම් කොළඹින් රැකියාවක් සොයා දෙන්නම් කියා ඔහුගේ තාත්තා කියු බව පවසනවා. ඉතිං උඳුල් ඔහුගේ තාත්තා ගැන හිත හොඳින් නෙමෙයි මේ වෙද්දී සිටින්නේ. එයට හේතුව ඔහුව සහ ඔහුගේ අම්මාව අත්හැර දමා ගිය නිසයි. ඉතිං මේ හේතුව නිසා උදුල් ඔහු සමගින් අමනාපයෙන් තමයි ඉන්නේ. එ නිසාම ඔහු එලෙස කොළඹ ගොස් රැකියාවක් කිරීමට කැමති වුයේ නැහැ. ඒ අවස්ථාවේ ඔහුගේ තාත්තා ළඟදීම දිනයක ඔහුව බැලීමට පැමිණෙ බව ආච්චි පවසනවා. ඔය අතරේ එතැනට පැමිණෙන අලී ඊෂාගේ ගෙදර යන්නට ඔහුත් සමඟින් පැමිණෙනවා කියා අසද්දී ඔහුගෙ තාත්තා ළදීම දවසක ඔහුව බලන්නට එන බව ආච්චි කියු බවත් ඔහු තාත්තා සමඟින් කතා කිරීමට අකමැති බවත් අලී සමගින් පවසනවා.

මේ වේලාවේ අගස්ති කාමරය වී සිටින අතරේ පුද්ගයෙකු පැමිණ කවුරුන් හෝ කෙනෙකු නිවස අසලට පැමිණ ලියුමක් ලබා දී එය අගස්තිට දෙන ලෙස කියා ගිය බව පවසමින් එම ලියුම අගස්තිගේ අතටලබා දෙනවා. ඒ වේලාවේ එය විවෘත කර බලන අගස්ති දුටු දෙයින් කලබල වී එම පුද්ගලයා එ අසළ සිටිනවාද කියා සොයා බැලීමට යනවා. ඉතිං මෙලෙස එම ලියුමේ සඳහන් කර තිබුනේ මතකද නුවරඑළිය යන්න පමණයි. නමුත් එ දේ දකිනවාත් සමඟම අගස්ති පුදුම විදියට බය වී කලබල වුවා… ඉතිං එලෙස අගස්ති ඔහු සොයා ගියත් ඔහු එතැන සිටියේ නැති නිසා යළිත් ඔහු කාමරයට පැමිණ ඒ ගැන කල්පනා කරමින් සිටයදීම ඔහුට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉතිං මේ වේලාවේ එම පුද්ගලයා ඔහු ලියුමක් එවු බවත් එය ඔහුට හමුවුවාද කියා දැන ගැනීමටයි කතා කලේ බවත් පවසනවාත් එක්කම කෝපයට පතුවුන අගස්ති ඔහුටය ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔහු ඉදිරියට පැමිණ කතා කරන්න කියා පවසද්දී ළඟදීම දවසක ඔහුව හමුවන්නට එන බවත් නමුත් එලෙස පැමිණෙන්නේ තනිව නොවන බවත් කියමින් දුරකථනය විසන්ධි කරනවා. ඉතිං මේ වෙලාවේ එතැනට පැමිණෙන වින්ඩිට මෙලෙස කලබලයට පත්ව සිටන අගස්තිව දැක ඔහු මොනයම් දෙයක් ඇයට සඟවන බව දැනුනා. ඉන්පසු අගස්ති ඔහුට ප්‍රශ්නයක් නැති බව පවසමින් ඇයට තේ එක්ක හදාගෙන එන්නම් කියා යනවාත් සමඟම වින්ඩි දකිනවා අගස්ති ලියුම් කැබැල්ලක් බිම විසිකර දමා තිබෙනවා. එය දකින වින්ඩි එම ලියුම අතටගෙන එහි තිබෙන්නවා වූ දේ කියවා බලනවා.මේ වේලාවේ එතැනට අගස්ති යළිත් පැමිණෙනවාත් සමඟම එම කොලය පෙන්වමින් එය කුමක්ද කියා විමසනවා. ඒ වේලාවේ එය ප්‍රසංගයකය දාපු නමක් බව පැවසුවත් වින්ඩි දිගින් දිගටම එහි තිබෙන්නේ ඔහුගේ අකුරු නොවන බව පවසනවා. ඉතිං අගස්ති එය නුවරඑළියේ කෙනෙකු විසින් දැමු නමක් බවත් පවසමින් වින්ඩිගේ අතේ තිබුනු එම කොල කැබල්ල උඳුරා ඉරා දමා යනවා. නමුත් මේ වේලාවේ වින්ඩිගේ සැකය අගස්ති ගැන තව තවත් වැඩි වුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *