සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ කුමක් හෝ දෙයක් නිසා කලබල වී අගස්ති ලඟට පැමිණෙන වින්ඩි ඇය සමඟින් පාරේ යන මනුස්සයෙක් කතා කල බවත් ඉන්පසු ඊෂාව රයිසින් ස්ටාර්ස් තරඟාවලිය තුළින් ඉවත් කරන්නට හැදු බව කියමින් ඇයට ඇනුම්පද කියු බවත් ඇය පවසනවා. ඉතිං ඒ අවස්ථාවේ ඊෂා නිසා ඔවුන්ට ඔවුන්ගේ ජනප්‍රියත්වයට හානියක් කර ගන්නට බැරි බව වින්ඩි පවසනා සිටිද්දී ඒවා ගැන වැඩිය හිතන්නට එපා කියාත් එ වෙනුවෙන් කුමක් හෝ දෙයක් සිතා බලා කරමු කියාත් අගස්ති වින්ඩිට යෝජනා කරනවා..

මේ වේලාවේ සිය තාත්තා ළඟට පැමිණෙන සමාධි ඔහුට කොරටුවල තිබෙන වැඩකටයුතු කරන්නට නොහැකි බවත් එහි වැඩ කටයුතු සොයා බැලීමටත් අපහසු බව කියමින් එයින් ලාභයකුත් නොලැබෙන හෙයින් වෙනත් ආදායම් මාර්ගයක් ගැන සිතමු කියා යෝජනා කරනවා. මේ වේලාවේ සමාධි රැකියාවක් කිරීමට කැමති බව පවසද්දී ඊෂාව සහ ඇයව ඔහු මෙතෙක් කල් බලා ගත්තේ ඔවුන්ගේන් හම්බ කරගෙන කන්නට නොව බව පවසනවා. මේ වේලාවේ තාත්තා විසින් ඔහු නැති කාලයක ඔවුන්ට කුමක් සිදුවෙයිද කියා සිතා ගත නොහැකි නිසා යළි වතාවක් සමාධිට විවාහයක් ගැන සිතන්න කියා පවසනවා. එ අවස්ථාවේ කේන්ති ගිය සමාධි ඇයට විවාහයක් ගැන නැවත සිතිමට නොහැකි බව පවසමින් එතැනින් යනන්ට යනවා.

පසුදින තරුපතිගේ සුව දුක් බැලීමට පැමිණෙන සමාධි ඔහුගේ තත්ත්ව කොහොමද කියා විමසද්දී තිබුනට වඩා තත්ත්වය හොඳ බව තරුපති පවසනවා. ඒ වේලාවේ ඔහු නැති කාලය තුළදී ඊෂාගේ පුහුණුවීම් කටයුතු ඇය හොඳින් සිදු කර තිබෙන බවත් ඇය ඉන්දියාවේ ගොස් ඉගෙන ගත් දෑ එලෙස හෝ පාවිච්චි කල එක හොඳ බව තරුපති පවසනවා. මේ අතරේදී ඔහුට පසුගිය දිනයක පහරදීම සිදු කලේ කවුරුන්ද කියා සොයා ගත්තේ නැතිද කියා විමසන අවස්ථාවේ එතැනට පැමිණෙන නිලූ ඔවුන් සොයාගෙන අනිවාර්යෙන්ම උපරිම දඬුවම් ලබා දිය යුතු බව පවසනවා. ඉතිං ඉන්පසු නූලු සහ සමාධි ඔවුනගේ නිවසට පැමිණ තරුපති ගැන කතා කරමින් ඉන්න අවස්ථාවේ තරුපති සිටිනා තත්තවය දුටු විට එය දරා ගන්නට අමාරු බව නිලූ සමාධිත් සමඟින් පවසනවා. ඉතිං මේ අවසථාවේ වටින් ගොඩින් තරුපති තනිව නිවසේ කවුරුත් නොමැතිව සිටින්නේ ඔහු ආදරය කරන කෙනා ඔහුට ලැබුනේ නැති බව කියමින් සමහරුන් හිතේ කැමැත්ත තියාගෙන ඒ ගැන නොකියා දෙපැත්තකට වී සිටින බවත් කියා සිටිනවා. ඒ අතරේම නිලූ දකිනවා අගස්තිට සහ වින්ඩිට සමාජ මාධය ඔස්සේ බොහෝ දෙනා බැන වැදි තිබෙන හැටි. එ අවස්ථාවේ එය සමාධිටත් පෙන්වමින් නිලූ අගස්ති සහ වින්ඩි එදා දවසේ ඊෂාව තරඟයෙන් ඉවත් කරන්නට හැදුවාට මිනිසුන් බැනවැදි තිබෙනවා පෙන්වනවා.

තේමිය හමුවන්නට පැමිණෙන අගස්ති නුවරඑළියේ රයිසින් ස්ටාර්ස් වැඩසටහනේ පුහුණුවිම් ගිය දිනයේ පටන් ඔහුට විවිධ කරදර වලට මුහුණ දෙන්නට සිදු බවත් ඔහු සම්පුර්ණයෙන්ම නුවරඑළීයේ ගත කරපු ජිවිතය අමතක කර සිටියේ බවත් පවසනවා..එ අවස්ථාවේ ඔහුට නුවරඑළියත් සමඟ මෙතරම් අකමැති වෙන්නට තිබෙන ප්‍රශ්නය කුමක්ද කියා තේමීය ඔහුගෙන් විමසනවා. ඉතිං ඒ වේලාවේ නුවරඑළිය සිටි කාලයේ ඔහු විශාල දුක් කන්දරවක් විඳපු කෙනෙකු බව අගස්ති පවසනවා. එත් එකක්ම ඔහුගේ ඊෂා කියන්නේ ඔහුගේ කවුද කියා විමසද්දී ඔහු කිසිසෙත්ම ඊෂා කියන්නේ කවුරුන්ද වග නොදන්න බව පවසනවා.

ඔය අතරේ කව්‍යා සමඟින් සමීර කතා කරමින් සිටින තැනින් රේහානා යනවා දකින කව්‍යා ඇයට ඇනුම්පද කියමින් රැප් කිය වුන තරඟාවලිය තුළ තියාගෙන සිටින්නේ ඇයි දැයි විමසමින් ඒ වගේ අය තරඟය තුළින් ඉවත් කල යුතු බවත් සමීර සමඟින් පවසනවා. ඉතිං එත් එක්කම රියිසින් ස්ටාර්ස් ඊළඟ වටය ආරම්භ කෙරෙනවා. ඒ වේලාවේ කව්‍යා ඇගේ ගීතය ඉතාමත් හොඳින් ගායනා කර ඉවරවෙනවාත් සමඟම විනිශ්චමණ්ඩලයේ සිටින අගස්තිගෙන් ඇයගේ ගායන පිළිබඳව අදහස් අසා සිටිනවා. ඒ වේලාවේ ඇය හොඳින් ගීතය ගයනා කල බවත් ඇය ඉදිරියටම යා යුතු බවත් අගස්ති පවසමින් ඔහුගේ කැමැත්ත පල කරනවා. ඉතිං වින්ඩිත් ,වජිරාත් එ ආකාරයෙන්ම ඇයගේ කටහඬ ලස්සන බවත් ඇය ඉදිරියටම යන්න ලැබෙන්න කියා ඇයට සුභ පැතුවා..ඉතිං ඉන්පසු වේදිකාවට පැමිණෙන්න තිබුනේ රේහානාටයි. ඉතිං ඒ නිසා ඇය ඒ සඳහා සූදානම් වෙමින් සිටින තැනට පැමිණෙන කාව්‍ය සහ ඇගේ යහළුවා යළි වතාවක් ඇයට ඇනුම්පද කියමින් ඇයව තරගය ගැලපෙන්නේ නැති බව පවසනවාත් සමඟම කෝපයට පත් වුන රේහානා ඇය ඊෂා මෙන් ඉවසන්නේ නැති බව කියමින් ඔවුන් කියනා දේවල් ඉවසාගත නොහැකිව දෙදෙනාගේම බෙල්ල අල්ලා බිත්තයට තද කරමින් තර්ජනය කරනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *