සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා. මේ වේලාවේ අමීෂාව හමුවීමට පැමිණෙන උදේනිත් සමඟින් අමීෂා,කම්පැනියේ තත්ත්වය ගැන කියමින් කම්පැනිය විකුණනවා හැරෙනන්ට වෙනත් විකල්පයක් එ සඳහා නැති බව පවසනවා. ඒ කෙසේ වෙතත් අවන්ත තවමත් එම තීරණයට එකඟ නැති බවත් පෙරදිනයෙත් ඒ ගැන කතා කරද්දී ඔහු ඇයත් සමඟින් රණ්ඩු වෙමින් කම්පැනිය විකුණා දමන්නට ඉඩ නොදෙන බව කියු බව පවසනවා. මේ අවස්ථාවේ උදේනි විසින් කම්පැනිය විකුණුවත් බිස්නස් එක නතර කරන්නට එපා කියාත් අලුතින් යළිත් සියළුදෙනා එකතු වී එය ගොඩනගමු කියාත් යෝජනා කරනවා.ඔය අතරේ උදේනි නිවසින් යනවාත් සමඟම නිවසට පැමිණෙන අවන්ත අමීෂාට කතා කර මේනකව ඇය සොයාගෙන නිවසට පැමිණියාද කියා අමීෂාගෙන් විමසනවා.ඉතිං ඇය එය පිළිතුරු දෙමින් මේනක ඔවුන්ගේ කම්පැනිය විකිණිමට හොඳ කෙනෙකු සොයා දෙන බව කියු බව පවසනවාත් සමඟම කෝපයට පත් වුන අවන්ත ඔහු කෙසේවත් කම්පැනිය විකුණන්නට ඉඩ නොතියන බව කියමින් එතැනින් පිටව යනවා.

ඉන්පසු දේව්මිට දුරකථ ඇමතුමක් ලබා ගන්නා අවන්ත ඔහුගේ අම්මා ඔහු කියනා කිසිදෙයක් අසන්නේ නැති බවත් මේනකගේ කීමට ඇයත් කම්පැනිය විකුණා දැමීමට කැමති වී ඇති බව කියනවා. ඒ අවස්ථාවේ මොන දේ සිදුවුවත් අම්මාට කෑගසන්නට එපා කියාත් ඇය අසනීපයෙන් සිටින බව ඔහු දන්නවා නේද කියාත් දෙව්මි අවන්තගෙන් අසනවා. මේ වේලාවේ දෙව්මි ඔහුගේ හිත හදමින් කලබල වී තීරණ ගන්නට එපා කියාත් අවවාද කරනවා. ඔය අතරේ කලකිරීමෙන් වාගේ රදීෂ්ගේ කාමරයට පැමිණෙන ඔහුගේ තාත්තා වන ඩිලාන් ඔහුත් සමඟින් කතා කරන්නට යමක් ඇති බව පවසමින් ඔවුන්ට ලංකාවේ ඉතිරිව ඇති සියළු වැඩ කටයුතු ඉවර කර දමා ලංකාවෙන් යාමට කාලය ඇවිත් ඇති බව පවසනවා. එ වේලාවේ හදිසියේම එලෙස තීරණයක් ගත්තේ ඇයි දැයි රදීෂ් විමසද්දී කම්පැනිය විකුණන්නට තීරණයක් ගත් බවත් එ නිසා ඔවුන් තවදුරත් ලංකාවේ සිටිමෙන් පලක් නැති බවත් පවසා සිටිනවා. එත් එකක්ම ලංකාවෙන් යාමට සිදුවන බව දැනගත් රදීෂ් දුකෙන් වාගේ ලිහිණිට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුට ඇයට කියන්නට යමක් තිබෙන බව පවසමින් ඔහුට රට යන්නට සිදුවන බව කියන්නට හදමින් යළිත් එය ඒ අවස්ථාවේ නොකියා ඇයව හමුවීම එ ගැන කියනවා කියා සිතු රදීෂ් එය මඟ හරිමින් ඇගෙන් ඇගේ විස්තර අසනවා. මේ වේලාවේ ඔහු කුමක් හෝ දෙයක් ඇගෙන් සඟවනවා දැනුන ලිහිණි ඇයට හිතේ තිබෙන ප්‍රශ්නය කියන්නට කියා පැවසුවත් ඔහු විසින් ඔහු සහ ඩිලාන් ඇයව හමුවන්නට පසුදිනයේ පැමිණෙන බව කියමින් එ දිනයේ එ ගැන ඇයට කියන්නම් කියාත් පවසමින් දුරකථනය විසන්ධි කරනවා.

මේ වේලාවේ රවීගේ පිංතුරයත් ළඟ තබාගෙන එ දෙස බලා හඬමින් සිටින අනුහස් ළගට පැමිණෙන උදේනි ඔහුට දුක් වන්නට එපා කියාත් ඔහු මේ අවස්ථාවේ සිටින තත්තවේ තාත්තාටත් පෙනෙන බවත් කියමින් කම්පැනිය විකුණා දමනවාට තාත්තා කිසිදිනක ඔහුත් සමඟින් තරහ වෙන්නේ නැති බවත් කියමින් ඔහුගේ හිත හදන්නට උත්සහා ගන්නවා. ඔය වේලාවේ උදේනි සහ අනුහස් සිටින තැනට බීලා පැමිණෙන අනාන්ද අනුහස්ව තුරුල් කරගනිමින් ඔහුගේ අතේ තිබුන පිංතුරය අතට ගෙන ඔහු මොනදේ කලත් ඔහුගේ තාත්තා නේද බව පවසමින් ඔවුන්ගේ කම්පැනිය මේකට දීමට යනවා නේද කියා අසනවා. ඉතිං මේ වේලාවේ අනුහස් ගැන වේදනාවෙන් කතා කරන අනාන්ද ඔහුට අනුහස්ව සහ උදේනිව තනිව බලා ගැනීමට හැකියාවක් තිබෙන බව කියමින් ඔහුට අවශ්‍ය සියළු දේ ඔහුට දීමට හැකි බව පවසා සිටිනවා. කල්පනා කරමින්ස සිටින ඩිලාන් ළඟට පැමිණෙන අමීෂා ඔහු කලකිරිමෙන් වාගේ සිටින්නේ ඇයි දැයි විමසනවා. ඒ අවස්ථාවේ එලෙස ඔහු කලකිරීමෙන් සිටින්නේ කම්පැනිය නිසා බ පවසද්දී එ ගැන සිතන්නේ ඇයි දැයි අසමින් එම ප්‍රශ්නය මේ වෙද්දී විසඳාගෙන ඇති බවත් මේනක කම්පැනිය විකුණනන්නට හොඳ කෙනෙකු සොයා දෙන බවත් අමීෂා පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ ඩිලාන් විසින් ඔහු සහ රදීෂ් තුවදුරටත් ලංකාවේ සිට වැඩක් නැති බව කියමින් අවන්තගෙ විවාහයෙන් පසු යළිත් ඔවුන්ගේ රට බලා පිටත් වෙන්නට තීරණය කල බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *