දෙරණ නාලිකාව ඔස්සේ සෑම සතියේ දින පහේම රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා.. ඉතිං මේ වේද්දී කම්පැනියේ ඇති ඇති ප්‍රශ්න නිසා කලකිරීමේන් සිටින අනුහස් ,අක්ෂා, උදේනිත් සමඟින් පිටරට යෑමට සූදානම් වන බව දැනගත් ආන්නද උදේනිට ඔහුගේ නිවසට පැමිණෙන ලෙස දැන් වූ නිසා ඇය නිවසට පැමිණෙියා. ඒ වේලාවේ අනාන්ද නිවසේ සිටියේ නැහැ. නමුත් දෙව්මිගේ අම්මා ඇයට අනාන්ද ඔවුන්ගේ එම තීරණය නිසා කේන්තියෙන් සිටින බව උදේනිත් සමඟින් පවසනවා.  ඉතිං මේ වේලාවේ රදීෂ් සමඟින් කතාබස් කරමින් සිටින ලිහිණි ළගට පැමිණෙන පවනි දුරකථනය දෙස බලමින් තනිව සිනාසෙමින් කල්පනා කරන්නේ මොනවාද කියා විමසනවා. ඉතිං ඒ අවස්ථාවේ ලිහිණි සිනාසෙමින් රදීෂ්ට ඇයගේ පස්සෙන් එනවා හැරෙන්නට කරන්න දෙයක් නැතිද කියා පවනිගෙන් අසනවා. ඔහුට ඇය ගැන හිතනවා ඇරෙනේනට වෙන කා ගැන සිතන්නද කියා පවනි ඇයගෙන් අසමින් විහිළු කරමින් සිටිනවා…

කම්පැනියේ ඇතිවී ඇති තත්ත්වය ගැන අක්ෂා සහ අනුහස් සමඟින් ඩිලාන් කතා කරමින් ඉන්න අවස්ථාවේ එයට විසඳුම් ලෙස ගත හැකි ක්‍රම දෙකක් තිබෙන බව කියමින් එයින් එක් ක්‍රමයක් ඔවුන්ට විසඳුමක් ලෙස ගැනීමට සිදුවන බව පවසනවා. ඉතිං එම ක්‍රම දෙක ලෙස ඔහු කිවේ කම්පැනිය විකුණා දමා සියළු ණය ගෙවා පසුව කම්පැනියක් පටන් ගත යුතු කියන එක සහ නැතහොත් තිබෙන නිවසක් හෝ විකුණා දමා කම්පැනිය බේරා ගත යුතු බවත්ය. ඉතිං මේ වේලවේ ඔහුට දැනේන විදියට එයින් වඩා හොඳම තීරණය වනුයේ කම්පැනිය විකුණා දැමීම බව අනුහස් අක්ෂා සමඟින් පවසනවා. ඉතිං ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට සිතන්නේ කිසිදු සතුටකින් නොවේ. නමුත් එ ඇරෙන්නට ඔවුන්ට වෙනත් ක්‍රමයක් නැති නිසයි එලෙස සිදු කරන්නට තීරණය කරන්නේ. ඉතිං මේ වේලාවේ කම්පැනිය දියුණු කරන්නට ඔවුන් කොච්චර නම් මහන්සී වුවාද කියමින් අක්ෂා දුකට පත් වුවා.

ඔය අතරේ අමිෂාට දුරකථන ඇමතුමක් ලබාදෙන නිලූ කම්පැනියේ අති වී තිබෙන ප්‍රශ්න නිසා එයට විසදුමක් ලෙස ඔවුන්ට තිබෙන ගෙවල් දෙරවල් විකුණා කම්පැනිය බේරා ගැනීම විසඳුමක් නොවන බව ඇයට පැහැදිලි කරදෙනවා. ඉතිං ඒ වේලාවේ ඔවුන් කම්පැනිය විකුණනවා කියා තීරණයක් ගත්තේ නැති බව නිලූට අමීෂා පවසනවා. ඉතිං අනුහස්ට බිස්නස් ගැන තේරෙන්නේ නැති බවත් මේනකට එය දිගටම කරගෙන යන්නට ඉඩ දුන්නා නම් මෙවැනි දෙයක් සිදුනොවන බවත් කියමින් අමීෂාගේ හිත කම්පැනිය විකුණන තැනට ගෙන ඒමට නිලූ උත්සහා කරනවා. ඉතිං එලෙස මේනක එයට විසදුමක් ලෙස පවසන්නේ කම්පැනිය විකුණා දමා තිබෙන සියළු ණය ගෙවා දමා ඉතුරු වෙන මුදලින් අලුතින් කම්පැනියක් පටන් ගැනීම බව අමීෂා සමඟින් පවසනවා. ඉතිං මේ වේලාවේ ඔවුන්ට කරගන්නට අවශ්‍ය වන්නේ කෙසේ හෝ සියළුදෙනාගේ හිත් වලට කම්පැනිය විකුණා දැමීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බව හඟවන්නටයි. ඉතිං ඉන්පසු ඒ දේවල් අසා ඇයව විශ්වාස කරන අමීෂා කම්පැනිය විකුණා දැමීමට හොඳ බයර් කෙනෙක් සොයා දෙන්න කියා මේනකට පවසනවා.

මේ වේලාවේ උදේනිව හමුවන්නට පැමිණෙන අක්ෂා ජිවිතයේ ඇයට පැමිණි ප්‍රශ්න වලදී ඒවාට මුහුණ දුන්නේ කෙසේද කියා ඇයට දැන ගැනීමට අවශ්‍ය බව පවසනවා. ඉතිං ඉන්පසු ඇගේ ජිවිතේ වැටුන හැම අවස්ථාවෙකම ඇයට එකමස එක බලපොරොත්තුවක් තිබුන බවත් ඒ අනුහස් බවත් කියා සිටිනවා. ඔහු ඇය ළඟට පැමිණි දවසේ පටන් ඇයට ප්‍රශ්න කොයිතරම් පැමිණියත් ඇය ඉතාමත් ශක්තිමත්ව ඒවාට මුහුණ දුන් බව පවසනවා. ඉතිං මේ වේලාවේ අනුහස්ට අක්ෂා සහ අක්ෂාටත් අනුහස් සිටින බව කියමින් ඔවුන් දෙදෙනාටම ශක්තියක් වී ඇය සිටින බව කියමින් ඔවුන්ට වැටෙන්නට කිසිදු හේතුවක් නැති බව කියමින් ඔවුන්ට වැටුන තැනින් නැගිටින්නට උපදෙස් ලබා දෙනවා. ඉතිං මේ කතාව අසා දුකට පත් වුන අක්ෂා ඇස් වල කඳුලු පුරවගෙන ඇයව වැළඳ ගනිමින් ඇය කෙසේ හෝ අනුහස් සමඟින් යලිත් නැගිටින බව පවසනවා.

මේ වේලාවේ අමීෂාව හමුවන්නට පැමිණෙන මේනකගෙන් කම්පැනිය විකුණා දමනවා හැරෙන්නට ඒ වෙනුනේ කරන්නට වෙනත් විකල්පයක් නැතිද කියා ඇය මේනකගෙන් විමසනවා. ඒ වේලාවේ ඔහුට තනිව තිරණයක් ඒ වෙනුවෙන් ගත නොහැකි බවත් ඒවාට අනුහස්, අක්ෂා. අවන්තත් සිටින බවත් පවසමින් එයට විසඳුමක් ලෙස ඔවුන් කැමති නම් ඔහුට මුදල් ලබා දී කම්පැනිය ගත හැකි බව පවසනවා..ඉතිං එය කියනවාත් සමඟම කලබල වුණ අමීෂා ඔහු එසේ කරන්නෙ කෙහොමද කියා විමසද්දී ඔහුට එය මඟ හරිමින් ඔහුට එතරම් මුදලක් නැති බවත් ඔහු නොව ඔහු හොඳ බයර් කෙනෙක් සොයා එය විකුණා දෙන්නම් කියා පවසනවා.ඉතිං ඉන්පසු ඒ ගැන විස්තර දැන ගැනීමෙන් පසු අමීෂා ඒ ගැන අවන්තත් සමඟින් කතා කර ඔහුට පිළිතුරක් ලබා දෙන්නම් කියා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *