ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය සතියේ දින පහෙම විකාශය වේ.අජිත් හට ඇමතුමක් දෙන කුමාර තමන්ගේ බෝඩිමට පොලිසියෙන් ආ බවත් ඔවුන් දැන් බෝඩිමේ නැති බවත් ඔවුන් දැන් හෝටලයක නතරවී ඇති බව පවසනවා.ඉන්පසු එදිනට පමණක් අජිත් හට වෙනත් තැනක නතර වී සිටින්න කියා පවසනවා.කෝප වන අජිත් දුරකථනය විසන්ධි කරනවා.පසුදින උද්ඝෝෂනය සඳහා හංසිගේ අම්මා ලෑස්ති වෙමින් සිටිනවා.එයට අකමැති වන හංසි එසේ නොකරන ලෙස අම්මා හට බැන එතැනින් පිටව යනවා.කල්පනා කරමින් සිටින සුලලිත වෙත පැමිණෙන ටිකිරා ඔහු දුකින් සිටින්නේ හංසි නිසාද කියා විමසනවා.ඉන්පසු ආශා මිස් සුලලිත හංසි හට ගෙනිහින් දුන් බෑග් එකට කුඩු පාර්සල් එකක් දැමූ බව ටිකිරා සුලලිත හට පවසනවා.කලබල වන සුලලිත එතැනින් පිට වනවා.මේ අතර හංසි හා සුලලිත දුන් බෑගය ගෙන අම්මා සමඟ පැමිණෙනවා.ඉන්පසු හංසි හට ඇමතුමක් දෙන සුලලිත ඉන්න තැනින් බහින ලෙස පවසවා.

ඉන්පසු ටිකිරා හා සුලලිත හංසි සොයා පැමිණෙනවා.මේ අතර ආශා මිස් පොලිසිය අමතා හංසි ගැන ඔත්තුවක් දෙනවා.හංසි ළඟට පැමිණෙන ටිකිරා හංසිගේ අත ඇති බෑගය රැගෙන දුවනවා.ඉන්පසු එතැනට එන පොලිසිය හංසි හා යහළුවාගේ බෑගය පරික්ෂා කරනවා.තමන්ගේ බෑගය හොරෙක් රැගෙන ගිය බව පවසනවා.හංසිගේ අම්මා වෙත ඇමතුමක් දෙන ආශා තමාගේ දුව යාළු වී සිටින්නේ කුඩු ජාවාරම්කරුවෙකු සමඟ බව පවසනවා.ඉන්පසු බිය වන සන්ධ්‍යා පිරිස සමඟ නැවතපැමිණෙනවා.කෝප වන සන්ධ්‍යා හංසි හට කතා කර නිවසට යන ලෙස පවසනවා.බිය වන හංසි නිවසට යනවා.නිවසට පැමිණෙන සුලලිතගෙන් ආශා මිස් හංසි හට බෑගය දුන්නාද කියා විමසනවා.කෝපයෙන් සන්ධ්‍යා නිවසට පැමිණ හංසිගෙන් කෙවින් ගැන විමසා ඔහු කුඩු බිස්නස් කරන කෙනෙක් බව පවසනවා.පසුදින හංසි හා යහළුවා චන්දන හා සුලලිත පෙන්වූ කාර් සේල් එකට ගොස් කරුණු විමසනවා.

ඉන්පසු ඔවුන් පවසා ඇත්තේ බොරු බව ඔවුන් දැනගන්නවා.ඉන්පසු ඔවුන් සුලලිත හට ඇමතුමක් ගෙන ඔවුන් හමුවන ලෙස පවසනවා.ඔවුන් හමුවීමට එන සුලලිත හංසි හට සියලු විස්තර පවසනවා.මේ අතර පියාවදා හා අජිත් ආශා මිස්ගේ නිවසට පැමිණෙනවා.එතැනින් පිටවන විට ප්‍රියන්වදා චන්දනවා දකිනවා.ප්‍රියන්වදා නිවසට පැමිණි බව චන්දන සුලලිත හට පවසනවා.පසුදින චන්දන හා සුලලිත ප්‍රියන්වදා හමුවීමට යනවා.ඔවුන් පැමිණෙන විට ප්‍රියන්වදා හා රසික කතා කරමින් සිටන අයුරු චන්දන හා සුලලිත දකිනවා.රාත්‍රියේදි සුලලිත හංසි වෙත ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇය ඔහු හමුවීමට එන බව පවසනවා.ඉන්පසු හංසි සුලලිත හමුවීමට පැමිණෙනවා.ආශා පිළිබඳ හංසි විමසනවා.ඉන්පසු සුලලිත සියලු විස්තර හංසි හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *