ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය ගලා යන්නේ මෙසේයි.බුල්ටෝ හමුවන හංසි තමා හට ඔවුන්ගේ සම්බන්ධය දැනගත් අයියා බැන වදිනවා.ඉන්පසු අයියා පාසලේ විදුහල්පතිතුමා හමුවීමට ගිය බව බුල්ටෝට කියනවා.මේ අතර කබලේ මුදලාලිගේ ගෝලයෙක්ගෙන් කබලේ මුදලාලිගේ බිරිඳ ඉරේෂා සඳමාලි කියන්නේ කවුරුන්ද කියා විමසනවා.ඔහු ඒ ගැන නොදන්නා බව කියනවා.සාරංග හා යහළුවන් පාසලේ සිටින අය පිළිබඳව කතා කරමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන කබලේ මුදලාලි සාරංග හට බැන වදිනවා.පිරිමි ළමුන් සියලු දෙනා පුර්ණගේ නිවසට ගොස් පාඩම් කරනවා.ඉන්පසු පාසලේ පැවැත්වෙන කළා උළෙල පිළිබඳ කතා බහ කරනවා.පසුදින පාසලේ ළමුන් සමඟ එකතු වී පිප්පි පාසලේ ලොකු සර් ලෙස රඟ පානවා.සියලු දෙනාම සිනා සෙමින් සිටිනවා.ඉන්පසු ඔවුන් දෙස සීතා ටීච බලා සිට එතැනට පැමිණෙනවා.කෝපයෙන් පැමිණෙන සීතා ටීච පිප්පි හට පහර දෙනවා.කබලේ මුදලාලි නිර්මලා එන පාර දෙසට පැමිණෙනවා.

ඉන්පසු තමන් හා පවුලේ අය හට නිදහසේ සිටින්න ඉඩ දෙන්න කියා නිර්මාලා පවසනවා.සුද්දි දකිද්දි ඔහුට සිටිමට නොහැකි බව කියනවා.කෝප වන නිර්මලා තම දරුවන් වෙත අතක්වත් නොතියන බව පවසනවා.මාළු රැගෙන නිවසට පැමිණෙන සාරංග තමා කෑම හදන්නම් ලෙස පවසනවා.රාත්‍රියේදි කතා බහ කරමින් සිටින සේම් සරා හඩමින් තමා හට කොළඹ යාමට නොහැකි බව පවසනවා.කෙසේ හෝ කුමක් හෝතමා කරන්නම් කියා අම්මා හට ඔහු පවසනවා.පසුදින නිශ්ශංක සර් හමුවන සීතා ටීච ළමුන් හට බැන වදිනවා.හංසි තමාගේ අයියා ගමේ කැලෑ පත්තර ගැසු බව ඇය දන්නා බව පවසනවා.සුද්දි හා චලෝ පාරේ එන විට සාරංග පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාට සාරංග විහිළු කරනවා.ළමුන් සියලු දෙනා පාසලේ කළා උළෙලට සුදානම් වනවා.පසුදින කළා උළෙල සඳහා පිරිමි ළමුන් ගැහුණු ළමුන්ට ඇඳගෙන සිටිනවා.ඉන්පසු ඔවුන් නර්තනයක් ඉදිරිපත් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *