ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන යනවා.මෙම කතාව සියලු ලොකු පොඩි දෙනා බලන ටෙලි නාට්‍යකි.සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.ගමෙන් පිටව සිටි කබලේ මුදලාලි චලෝගේ අම්මා මුණ ගැසීමට පැමිණෙනවා.ඉන්පසු ඔහු ඇයට බඩු මල්ලක් රැගෙන එනවා.මේ අතර හංසිගේ අයියා නිශ්ශංක සර් හමුවීමට එනවා.ඉන්පසු නිශ්ශංක සර් කිරීමට යන දේට ඔවුන් කැමති නැති බව පවසනවා.පසුදින නිශ්ශංක සර් තරඟයට යාමට සිටින ගැහැණු දරුවන්ගෙන් තරඟය සඳහා බදුල්ලේ යාමට නිවසේ අයෙකුගෙන් ලිපියක් උවමනා බව කියනවා.බුල්ටෝ වෙත පැමිණෙන හංසි තමාහට පළාත් තරඟ යාමට නොහැකි බව පවසනවා.නිවසේ අය එයට අකමැති බවත් ලිපිය දීමට තාත්තා අකැමති බවත් පවසනවා.ඉන්පසු බුල්ටෝගේ යහළුවන් ඇයට ලියුමක් ලිවීමට කැමති බව පවසනවා.

 

රාත්‍රියේදි කබලේ මුදලාලි චලෝගේ නිවසට පැමිණෙනනවා.ඉන්පසු සුද්දි සහ අම්මා රොටි හදමින් සිටිනවා.ඉන්පසු තමා හට රොටිකෑල්ලක් දෙන ලෙස පවසනවා.නමුත් එයට අකමැති වන නිර්මලා නිවසින් යන ලෙස පවසනවා.ඉන්පසු සුද්දි හට තමන්ගේ දුවට බනින්න එපා කියමින් මුදලාලි එතැනින් පිටව යනවා.හංසි හට තරඟයට යාමට නිවසේ අය අකමැති බව පවසනවා.නිවසට හොරෙන් හෝ පැමිණෙන්න කියා බුල්ටෝ පවසනවා.තරඟය පැවැතෙන උදෑසන පුර්ණ නිවසින් පිටවනවා.අම්මා වෙත යන සේම් සරා තමා චලෝ හට ආදරේ බවත් ඇයගෙන් එය අසන බවත් අම්මා හට පවසනවා.ළමුන් සියලු දෙනා තරඟය සඳහා පිටත්වීමට තිරණය කරනවා.සියලු දෙනා තරඟය පැවැත්වෙන පාසලට පැමිණෙනවා.බියෙන් සිටින පුර්ණ චලෝව දිරිමත් කරනවා.දරුවන් තරඟයට ගිය පසු නැවතත් කබලේ මුදලාලි චලෝගේ නිවසට පැමිණෙනනවා.ඉන්පසු කෝප වන චලෝගේ අම්මා ඔහුට බැන වදිනවා.තමාගේ පුතා චලෝ හට කරදර කරන බව පවසනවා.චලෝ සහ ගැහැණු දරුවන් තවත් එක් කණ්ඩායමක් සමඟ තරඟ වදිනවා.සුද්දි තරඟනීති කැඩු නිසා ඇය තරඟයෙන් ඉවත් වනවා.තරඟ කීපයක් අවසානයේ දුනුමෑව පාසල ජය ගන්නවා.ඉන්පසු සියලු දෙනා සිංදු කියමින් නිවසට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *