ITN නාලිකාවේ මේ දින වල කාගේත් අතර ජනප්‍රිය කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.මේ අතර චන්දනගේ කීමට අයෙක් හට වෙඩි තියනවා.මේ අතර හංසි සහ සුලලිත සැලෝන් එකක් සොයා ගෙන යනවා.ඔවුන් පැමිණ තිබුනේ ප්‍රියන්වදා වැඩකරන සැලෝන් එකටයි.සුලලිත තමාගේ නංගි හට ඇමතුමක් ගෙන විස්තර විමසනවා.ඉන්පසු ඇය කොළඹ ඒමට අවසර ඉල්ලනවා.සැලෝන් එකට එන හංසි ප්‍රියන්වදා සමඟ ඡායාරූපයක් ගැනීමට සුදානම් වනවා.

ඉන්පසු හංසි හට සුලලිතගෙන් ඇමතුමක් එන අයුරු දකිනවා.රාත්‍රියේදි නිවසට පැමිණෙන සුලලිත ඉතාලි හෝටලයේ සියලු දෙනා පොලිසියට හසුවු බව ප්‍රවෘත්ති විකාශයෙන් දැන ගන්නවා.මේ අතර ටිකිරා හට ඇමතුමක් ගන්නා සුලලිත ඔහු හමුවීමට පැමිණෙනවා.ඉන්පසු සුලලිත ටිකිරාව ඔවුන් සිටින තැනට ගෙන එනවා.සියලු විස්තර ඔහු හට ඔවුන් දෙදෙනා පවසනවා.මේ අතර ප්‍රියන්වදා රසික හට සිදුවූ දේ පවසනවා.ප්‍රියන්වදා වැඩ කරන සැලොන් එකට රසිකගේ පොලිසියේ සිටින පොලිස් කාන්තාව පැමිණෙනවා.ඇය විසින් හදන තෙල් එකක් එහි විකිණීමට හැකිද කියා අසා ඇය එතන රඟපානවා.සුලලිත සහ හංසි කතා බහ කරමින් සිටින විට හංසිගේ දුරකථනයේ තිබු ප්‍රියන්වදා සමඟ ඇය ගත් පින්තූරය දැක සුලලිත කලබල වනවා.මේ විස්තරය සුලලිත චන්දන හට පවසනවා.මේ අතර චන්දන හා සුලලිත කුඩු ගෙන ඒමට බෝට්ටුවෙන් ඉන්දියාවට යාමට සුදානම් වනාව.මේ අතර ගාමිණි කුමාර හා අජිත් ගේ නිවසට පැමිණෙනවා.ඔවුන්ගේ නිවසේ නැවතීමට උවමනා බව පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *