ස්වර්ණවාහිනි නාලිකාවෙ මේ දින වල විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට මෙය විකාශය වනවා.අරුෂ් උදෑසන සයොනාරා හට බැන වැදි අයුරු ලොකු සර් හා ලොකු මැඩම් හමුවී හඩමින් පවසනවා.පසුදින පාසලට පැමිණෙන සයොනාරා ටීච හට උපුල් සර් ගිනි පිට්ටියක් දී ක්‍රිකට් බඩු වලට ගිනි තියන ලෙස කියනවා.එයට අකමැති වන ටීච එසේ කිරීමට නොහැකි බව පවසා එතැනින් පිටව යනවා.පන්සලේ පොඩි හාමුදුරුවන් පිං කැටයෙන් සල්ලි ගෙන දැහැමිගේ ආච්චි හට ගෙනැවිත් දෙනවා එම සල්ලි පාසලට ගොස් දෙන බව.නමුත් මුදල් හමු වූ බවත් එම මුදල් උවමනා නැති බවත් පවසනවා.පංසලට පැමිණෙන උපුල් සර් පංසලේ පිංකැටය නැති බව දැක කෑ ගසනවා.

පසුදින පිංකැටය ට සිදුව ඇති දේදැනගත් උපුල් සර් සහ ග්‍රාම සේවක ලියුමක් ලියා පොඩි හාමුදුරුවන් පංසලෙන් යවන ලෙස පවසනවා.බන්ටි හට මහේෂ්ගේ මිනිසුන් ගසමින් පාරේ එක්කගෙන යන විට එතැනට පැමිණෙන සයොනාරා ටීච එය නැවැත්වීමට යනවා.ඉන්පසු එතැනට පැමිණෙන නුවංග බන්ටිව බේරා ගන්නවා.මේ අතර සයොනාරා ටීචට විරුද්ධව පොස්ටර් ගම පුරා සහ පාසලේ ගසා තිබෙනවා.සයොනාරා ටීචගේ පියාගේ ව්‍යාපාර නැති වී තිබෙන බව ඇගේ පියා පවසනවා.ඉන්පසු එය සිදු කලේ අරුෂ්ගේ පියා බව අරුෂ් හට ඔහුගේ පියා පවසනවා.ඔවුන් දෙදෙනා ඒ බව කතා කරමින් සිටින විට එය ඔවුන්ගේ නංගි අසා සිටිනවා.ජාතික පාසලෙන් සයොනාරාගේ පාසලේ දරුවන් හට ක්‍රිකට් තරඟයක් සඳහා ලිපියක් එවනවා.එය දකින උපුල් සර් ඉක්මනින් එය ඉරා දමනවා.ඉන්පසු එය බලා සිටින සඳරැස් එම කොලකැබලි ටික එකතු කර එය අලවනවා.එතැනට පැමිණෙන කමල් සයොනාරා ටීච හට එය පවසා ඇයව එක්කාගෙන එනවා.ඉන්පසු සිදු ව ඇති දේ සදරැස් ටීච හට පවසනවා.රාත්‍රියේ සයොනාරා ටීච නිවසේ සිටින විට අයෙක් පැමිණ ඇගේ බෙල්ලට පිහිටයක් තියනවා.එතැනට පැමිණෙන නුවංග එය නවත්වා ඔහුට පහර දි එතැනින් පන්නා දමනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *