ටීච අම්මා ටෙලි නාට්‍ය ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි.මෙය ඉතා යහපත් ටීච කෙනෙකු සහ ඇයට ආදරය කරන දරුවන් පිරිසක් වටා ගෙතුනු කතාවකි.එය මේ දින වල ගලා යන්නේ මෙසේයි.පාරේ ඇවිදිමින් සිටින සයොනාරා ටීච යන අතරමගට නුවංග පැමිණෙනවා.ඔහු ඇය සමඟ කතා කරනවා.ඇගේ අතේ ඇති බෑගය ගන්නා නුවංග එය තමා රැගෙන යන බව ඇයට කියනවා.දෙදෙනාටම දෙදෙනා සමඟ කතා කිරීමට උවමනාව තිබුනද ඔවුන් කතා නොකරනවා.ඔවුන් එන අතරමඟ අරුෂ් පැමිණ සිටිනවා.කාර් එකෙන් කෝපයෙන් බසින අරුෂ් සයොනාරා ටීච වෙත යනවා.ඉන්පසු ගමට ආ හේතුව නුවංගද කියා ඔහු සයොනාරා ටීචගෙන් අසනවා.ඉන්පසු ඔහු නිවංග හට පහර දෙනවා.ඉන්පසු සයොනාරාගේ අතින් ඇදගෙන අරුෂ් කාර් එකට ඇයව දමා ගෙන පාසලට ගෙන යනවා.

මේ අතර දැහැමි පාසලේන පැන නිවසට එනවා.ඉන්පසු දැහැමිහට ගසා ඇති පාරවල් ඇය ආච්චි හට පෙන්වා අඩනවා.ඇය ටීච පාසලේ නොහිටියේද කියා විමසනවා.බන්ටි නිවසට වී කල්පනා කරමින් සිටිනවා.එතැනට පැමිණෙන බන්ටිගේ මව සිදු වූ දේ පවසනවා.ඉන්පසු සිදු වූ දේ ඔහු අම්මා හට කියනවා.මේ අතර මහේෂ් තමාගේ සිතේ සයොනාරා ටීචගැන හැඟීමක් ඇති බව සීගිරි හට පවසනවා.මේ අතර ඔවුන් දෙදෙනා සිටින තැනට අරුෂ් පැමිණෙනවා.කෝප වන සීගිරි ඔහුට පහර දීමට යනවා.ඉන්පසු ඔහු කේන්තියෙන් එතැනින් පිට වනවා.මහේෂ් ඔහුට ඔත්තුව දුන් නිසා ඔහුගේ අතටම අහු වූ බව පවසනවා.ඉක්මනින් ඇය කොළඹට ගන්නා බව අරුෂ් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *