සතියේ දින පහේම රාත්‍රි 9.00ට සර්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ වෙද්දි ප්‍රේක්ෂක හදවත් සොරාගෙන අවසන්.අළුත් ආදර කතාවක් පටන් ගත් රුමා හා චිරාත් අතර ආදරය මෙසේ ගලා ගෙන යනවා.උදෑසන රුමා රැගෙන යාමට චිරාත් පැමිණෙනවා.හන්ඩේ සහ තවත් යහළුවෙක්කතා කරමින් සිටින විට හන්ඩේ හට කුරායි ඇමතුමක් ලබා ගන්නවා.ඉන්පසු ඇය එය විසන්ධි කරනවා.මේ අතර මෙහෙමට් තමන් හට රස්සාවක් සොයා ගැනීමට තැනින් තැනට යනවා.කෝපයෙන් කුරායි හන්ඩේ සොයා පැමිණෙනවා.තමාගේ CD තැටිය නැවත ඔහුට උවමනා බව කියනවා.එය නැවත නොදෙන බව පවසා ඇය එතැනින් පිටව යනවා.රුමාචිරාත් සමඟ පැමිණෙනවා.හන්ඩේ කුරායි සිටි තැනට ඔවුන් පැමිණෙනවා.ඔවුන් දෙදෙනා දකින හන්ඩේ කලබල වනවා.

 

හන්ඩේ කිසිවක් නොකියා බලා සිටිනවා.කුමක්ද සිදු උනේ කියා චිරාත් හන්ඩේගෙන් අසනවා.ඇයට ගෑස්ටිස් සෑදි ඇතිබව පවසනවා.හන්ඩේ කෝපයෙන් එතැනින් පිටව යනවා.ඇය පසු පස ගුම්සේ පැමිණෙනවා.මේ අතර රුමාගේ මව ඇය සාදාගත් ජෑම් වෙළඳපොලේ විකුණමින් සිටිනවා.පසු දින හන්ඩේ සියලු දෙනා හට තමන්ගේ නිවසට පැමිණෙන ලෙස කියනවා.ඉන්පසු රුමා,චිරාත්,කුරායි සහ හන්ඩේ ඇගේ නිවසටයනවා.ටික වේලාවක් නිවසේ රැදි සිටි රුමා නිවසින් පිටව එනවා.මේ අතර රුමාගේ පියා තවත් මුදල් සෙවීමට ඔහුගේ යාළුවෙකුගේ කාර් රථයක් ගෙන රාත්‍රි කාලයේ රියදුරු සේවයක් කිරීම සඳහා පෙළඹෙනවා.පසුදින රුමා කැම්පස් ඉවර වී ඉක්මනින් ඇය සේවය කරන හෝටලය වෙතයනවා.මේ අතර ඇය දකින හන්ඩේ ඇය පිටුපස යනවා.ඉන්පසු ඇය රුමා එම හෝටලේ වැඩ කරන බව දැනගන්නවා.ඉන්පසු ඇය ඇගේ උපන්දින සාදය එහි ගැනීමට සූදානම් කර සියලු දෙනාටම ආරාධනා කරනාව.රාත්‍රියේදි රුමාගේ පියා පදවමින් සිටින කාර් රථය වෙත මිනිසුන් දෙදෙනෙක් නගිනවා.ඔවුන්ගේ ගමන අවසානයේ මුදල් ඉල්ලු ඔහුට ඔවුන් පිහියෙන් ඇන එතැනින් පිටව යනවා.

 

ඔහු රෝහලට ඇතුලත් කල බව ඇමතුමක් දී රුමාගේ අම්මා හට පවසනවා.මේ අතර රුමා වැඩකරන තැනින් ඇයට උපන්දින උත්සවය පැවැත්වෙන මේසය අසලට යන්න කියනවා.ඉන්පසු ඇය එතැන සිටි හන්ඩේ සහ පිරිස දකිනවා.ඇය පුදුමයෙන් බලා සිටිනවා.ඔවුන් සිටින තැනට හල්දුල් හා සෙනාම් මැඩම් පැමිණෙනවා.ඉන්පසු එතැන සිටින නිවේදිකාව ඔවුන්ගේ විවාහ සංවත්සරය මෙය බවත් එය සියලු දෙනාටම පවසනවා.එය අසා සිටින චිරාත් ඔවුන් දෙදෙනා රුමාගේ මව හා පියා ලෙස රැවටී ඇති නිසා ඔහු රුමා හට සුභ පතනවා.තමන්ගේ තැනක වැඩ කිරීම අමාරු පවත් තමාත් තාත්තාගේ තැන් වල වැඩ කර ඇති බවත් පවසනවා.කෝප වන හන්ඩේ මෙම තැන රුමාගේ පියාගෙද කියා අසනවා.බීමත්ව සිටින හන්ඩේ හල්දුල් හා සෙනාම් මැඩම් වෙත ගොස් සුභ පතනවා.

 

දුරකථනය ගන්නා රුමා මෙහෙමට්ගෙන් ඇමතුම් ආ බව දැනගෙන රෝහල වෙත පැමිණෙනවා.රුමාගේ පියා හට සිහිය එනවා.ඉන්පසු ඔහු රුමා හට ගොඩනැගිල්ලේ වැඩ බැලීමට යන ලෙස කියනවා.රුමා පත්තරය සහ පාන් රැගෙන ජාන්සුගේ නිවසට පැමිණෙනවා.පරක්කු උනේ ඇයි කියා ජාන්සු ඇගෙන් විමසනවා.පියා රෝහලේ බව රුමා ඇයට කියනවා.රුමාගේ පියාගේ ටිකට් කපා සියලු දෙනාම නිවසට පැමිණෙනවා.ලාරා නිවසට පැමිණෙන සෙලින් මැඩම් ලාරා හට ජාන්සු ඇගේ යහළුවෙක් කරගන්නා බව කියනවා.නමුත් ඔවුන් දෙදෙනා නොගැලපෙන බව ලාරා කියනවා.හන්ඩේ හමුවීමට යන කුරායි ඇගේ උපන්දින තෑග්ග දීමට උවමනා බව පවසා ඇයව එළියට එක්කගෙන යනවා.ඉන්පසු ඇයව අශ්වයින් පදින තැනකට එක්කගෙන යනවා.ඉන්පසු ඇගේ උපන්දින තෑග්ග ලෙස අශ්වයෙක් තෑගි කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *