සතියේ දින පහමෙ රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාෂය වන රුමා ටෙලි නාට්‍ය කාගේත් සිත් සොරාගෙන අවසන්.මෙය තුර්කි කතාවකි.රුමාට මත් පෙති දුන්නේ හන්ඩේ බව දැන ගන්නා කුරායි හන්ඩේ සොයා ගොස් ඇයට බැන වදිනවා.ඉන්පසු මෙයට කිසියම් දෙයක් කරන ලෙස කුරායි පවසනවා.පසු දින කාර්යාලයට රුමා සහ හන්ඩේ කැදවනවා.ඉන්පසු තමාගේ අතින් වු වැරැද්ද හන්ඩේ පිලිගන්නවා.එතැනින් ඉවතට එනඔවුන් දෙදෙනා කුරායිට සහ චිරාත් හට මේ සිදු වීම කියනවා.පසුදින හන්ඩේ රුමා හට තමා සමඟ ඇඳුම් ගැනීමට යාමට කතා කරනවා.මොවුන්ගේ මේ හැසිරීම චිරාත් හට ඉතාමත් පුදුම සහගත උනා.කඩයට යන හන්ඩේ සහ රුමා සපත්තු තොරමින් සිටින විට එක් සපත්තු දෙකක් ගෙන හන්ඩේ එය රුමාට දමා බලන ලෙස කියනවා.ඉන්පසු ඇගේ බලකිරීමට ඇය එය දමා බලනවා.මේ අතර හන්ඩේ මෙය රුමාට ගැනීමට බල කරනවා.රුමාට තමා ළඟ තිබුනේ නිවාස සංකිර්ණයේ එකතු කරනු ලැබු මුදල් පමණයි.ඉන්පසු ඇය ඒ මුදල් දි සපත්තු දෙක මිලදි ගන්නවා.දෙදෙනාම එතැනින් එළියට එනවා.රුමා හන්ඩේව මඟහැර නැවත එම කඩයට පැමිණ තමා ගත් සපත්තු නැවත මාරු කිරීමට උවමනා බව පවසා මාරු කරන ලෙස කියනවා.නමුත් එය කල නොහැකි බව කඩයේ පිරිස කියනවා.එතැනට රුමාගේ විද්‍යාලයේ දෙදෙනෙක් පැමිණෙනවා.

 

ඉන්පසු රුමා සපත්තු දෙක ගෙන එතැනින් පිටව යනවා.කල්පනා කරමින් රුමා පාරේ ඇවිදිමින් එනවා.එතැනට සෙලින් මැඩම් පැමිණෙනවා.ඉන්පසු දෙදෙනාම කෝපි එකක් බීමට එළියට යනවා.මේ අතර හන්ඩේගේ උපන්දිනයට ඇය සුදානම් වෙමින් සිටිනවා.ඇගේ උපන්දින ඇඳුම නිර්මාණය කරනු ලබන්නේ රුමාගේ නිවාස සංකිර්ණයේ සිටින අයෙකි.හන්ඩේගේ මව තමා වැඩකාරියක් සොයන බව කියනවා.ඉන්පසු ඇය රුමාගේ මව ගැන පවසවා.ඇයව නිවසට එවන ලෙස කියනවා.කෝපි බී නැවත පැමිණෙන රුමා චිරාත් දකිනවා.ඉන්පසු ඇය පසු පස ඔහු යනවා.මේ අතර සෙලින් මැඩම් හට රුමා සිදු වූ දේ පවසනවා.ඉන්පසු සෙලින් මැඩම් ඇයට තමාගේ ස්වාමියාගේ හෝටලේ රස්සාවක් දිමට ඇයට එකඟ වනවා.එයින් ඇයට නැති වු මුදල් සොයාගත හැකි බව කියනවා.නමුත් මෙය රුමාගේ නිවසේ අයට නොකියන ලෙස රුමා සෙලින් මැඩම්ට කියනවා.පසුදින හන්ඩේගේ නිවසේ වැඩකාරකමට සේරා යනවා.රුමාගෙන් සමාව ගැනිමට චිරාත් මල් කලඹක් රැගෙන පැමිණෙනවා.ඉන්පසු රුමා එළියට ගොස් එන විට චිරාත්ව දකිනවා.ඒ වෙලාවේදිම සෙනින් මැඩම් රුමාට කතා කර ඔවුන් තමා එනතුරු බලා සිටින බව කියනවා.චිරාත් රුමාව දැක ඇගෙන් සමාව ඉල්ලනවා.ඉන්පසු රුමාගේ මව ඔහුව දැක්කාද කියා චිරාත් අසනවා.සෙලින් මැඩම්ගේ නිවසට එන රුමා හට හෙට සිට වැඩට එන ලෙස ඔවුන් කියනවා.මෙය රහසක් බව ඔවුන් දෙදෙනා කතා කරමින් සිටිනු ජාන්සු දකිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *