හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ දින වල ඉතාම ජනප්‍රියත්වයේ ඇති ටෙලි නාට්‍යකි.සෑම සතියේ දිනකම රාත්‍රි 8.30 ට විකාශය වනවා.වැල්ලේ සිටින පිරිස රැස් වී ඔවුන්ගේ නිවාස කැඩීමට යාම ගැන කතා කරමින් සිටිනවා.ඉන්පසු එතැනට වීරවර්ණ ගේ පියා පැමිණෙනවා.ඉන්පසු ඔහු පැමිණ සමිතිය කරගෙන යන බව කියනවා.නමුත් මාකස් කිසිවක් නොකියා බලා සිටිනවා.තමාම කතා කරන්නම් කියා ඔහු කතාපිරිස අමතනවා.ඔහු එතැන සිටි අයට තමා එතැනට පැමිණියේ ඔවුන්ට උදව් කිරීමට බව කියනවා.එතැන සිටි අයෙක් දුරකථනය ගෙන වීරවර්ණ හට කතා කර තම පියාගේ කතාව ඇසීමට බලාපොරොත්තු වනවා.රාත්‍රියෙදි වීරවර්ණගේ පියා නිවසට පැමිණෙනවා.වීරවර්ණ කෝපයෙන් බලා සිටිනවා.ඉන්පසු ඔහු තාත්තා හට බැන වදිනවා.

 

ඔවුන්ගේ කෑ ගැසීමට සත්‍යා එතැනට දිව එනවා.ඉන්පසු සත්‍යා ඔවුන්ගේ රණ්ඩුව නවත්වනවා.මාළු විකුණන තැනට යන ජූඩ් ඇන්ටා හට කතා කර ශිවා හට සිදු වූ දේ පවසනවා.උදැසන ලෑස්ති වන සත්‍යා වෙත නිවසේ වැඩ කරන කෙනා පැමිණ සීයා කාමරයේ නොමැති බව කියනවා.ඉන්පසු සත්‍යා වීරවර්ණගෙන් සීයා කොහේද කියා අසනවා.සීයාගේ කාමරයට යන සත්‍යා සීයාගේ ඇඳුම් නොමැති බව කියනවා.බසයට නැග කැම්පස් යන සත්‍යා තෝමස් හට හවස්වරුවේ ශිවා බැලීමට යමු ලෙස කියනවා.කැතරින් ශිවා බැලීමට එනවා.

 

ඉන්පසු ශිවා හට සත්‍යා ඇමතුමක් ගන්නවා.එය දකින කැතරින් දුරකථනය දෙන්නේ නෑ. ශිවා හට සත්‍යා ඇමතුමක් ගෙන ඇය එන බව කියනවා.සත්‍යා හා යෙනුකි ශිවා බැලීමට එනවා.ශිවා ටිකට් කපා නිවසට පැමිණෙනවා.නිවසට පැමිණෙන ජේ රාජ්ගෙන් සත්‍යා පැමිණ සීයා බැලීමට යාමු ලෙස කියනවා.ශිවාගේ නිවසේ බාබු ශිවාගේ පියා සමඟ කතා කරමින් සිටිනවා.ඉන්පසු ශිවාගේ බිල ගෙව්වේ කෙසේදැයි බාබුගෙන් ශිවාගේ පියා අසනවා.මාළු කම්පනි එකට කතා කර ඔවුන්ට සිදු වු දේ පවසා ණයක් ඉල්ලා ගත් බව ඔහු කියනවා.එය අසා සිටින කැතරින් බාබු හට බොරුකාරයින් කියා බැන වැදී එතැනින් පිටව යනවා.සත්‍යා සහ ජේ රාජ් සීයා බැලීමට යනවා.සීයා සත්‍යාව දැක ඉතාම සතුටු වනවා.පසුදින සත්‍යා ශිවා හට ඇමතුමක් ගන්නවා.පුළුවන්නම් ඇයට බස් එකේ ඔහුගේ නිවස අසලින් යන ලෙස කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *