ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය සියත නාලිකාවේ සෑම සතියේ දිනකම විකාශය වනවා.මේඝාගේ නිවසට පැමිණෙන ආරණ්‍යා හා අම්මා තාත්තා සිදු ව ඇති දේ ගැන කල්පනා කරමින් සිටිනවා.ප්‍රදීපා හට සිදුව ඇති දේ ගැන ඔවුන් එතැනදි කතා කරනවා.මේ අතර සුසිල් මේඝා හට බැන වැදුනු අයුරු මතක් වෙනවා.රයන් සහ රාදික සිදුව ඇති දේ ගැන කල්පනා කරමින් ඒ ගැන කතා කරමින් සිටිනවා.රාදික සිටින්නේ තමන්ගේ බාප්පා සමඟ බවත් කෙසේ හෝ තාත්තා නිදහස් කල යුතු බවත් පවසනවා.ගිම්හානි ජොන් හට කතා කර සුසිල් සර්ගේ නිවසට යාමට සුදානම් වනවා.

ඉන්පසු එතැනට ආරණ්‍යා පැමිණෙනවා.නමුත් ඇය සමඟ කතා කිරීමට නොහැකි බවත් එහි ප්‍රශ්ණ ගොඩක් ඇති බවත් ගිම්හානි ඇයට පවසනවා.ඒ සියලු ප්‍රශ්න වලට උත්තර ඇය ළඟ ඇති බව පවසනවා.ශෙරින් හා රාදික සිදුව ඇති දේවල් ගැන කතා කරමින් සිටිනවා.දේශිත සමඟ ශෙරින්ට ඇති සම්බන්ධකම නොනවත්වන ලෙස ඇයට කියනවා.ගිම්හානි හමුවීමට එන ආරණ්‍යා සියලු විස්තර පවසා එහි අනාගත අයිතිකාරයා දේවානි බවත් පවසනවා.මේ සිදුවන කිසිදෙයක් ඇයට නොතේරෙන බව ගිම්හානි කියනවා.රාතියේදි මේඝා අම්මාගේ සහ ඇගේ පින්තුරයක් බලමින් අඩමින් සිටිනවා.එතැනට එන ආරණ්‍යා එය ගන්නවා.ඉන්පසු එහි පිටුපස තිබි ප්‍රදීපා ලියු ලියුමක් හමුවනවා.ඉන්පසු එහි තමාව නොසයන ලෙස ලියා සිටිනවා.පසුදින තේ ආයතනයට යාමට මහේන්ද්‍ර සුදානම් වනවා.ඔහු සමඟ යාමට මේඝා හට කතා කරනවා.නමුත් ඇය ඔහුගේ දුව බව කිසිවෙක් දැනගන්නවාට අකමැති බවසනවා.ආයතනයට පැමිණෙන මහේන්ද්‍ර ගිම්හානි සමඟ ආයතනය පිළිබඳව කතා කරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *