ස්වර්ණවාහිනි නාලිකාවේ විකාෂය වන පාරදිගේ ටෙලි නාට්‍ය කා අතරටත් ජනප්‍රිය ටෙලිකතාවක් වි අවසන්.සෑම සතියේද දිනකම රාත්‍රි 8.30ට මෙය විකාෂය වනවා. ගැන හිතේ සැකයක් ඇති බන්ටි අළුවිහාරේ හට ඇමතුමක් දි වත්සලා සමඟ කතා කරනාවාද කියා අසනවා.කෝප වන අළුවිහාරේ බන්ටි හට බැන වැදි දුරකථනය විසන්ධි කරනවා.මේ අතර බානු,ජුඩා සහ අභි ආරණ්‍යා හමු වීමට යනවා.ඉන්පසු ඔවුන් පුහුණු වීම් කරමින් සිටින තැනට ආරණ්‍යා සහ ඇගේ පෙම්වතා පැමිණෙනවා.ඉන්පසු බන්ටි පුදුම වනවා.ආරණ්‍යාගේ පෙම්වතා ජේරාජ් එතැනට පැමිණ ඔහුගේ ලොකුකම් පෙන්වමින් සිටිනවා.බානු හට එයට කේන්ති යනවා.මේ අතර අළුවිහාරේ යැවු මැරයන් බන්ටි ලෙස පටලවා ගනිමින් වත්සලාගේ නිවසට ගොස් ඇයට තර්ජනය කරනවා.ඉන්පසු ඔවුන් අළුවිහාරේ අමතා ඔවුන් බාරදුන් වැඩේ කල බවත් සල්ලි උවමනා බව පවසනවා.අළුවිහාරේ තමාට බැන වැදි බව බන්ටි බන්ඩා හට පවසනවා.මෙය සල්ලි නිසා කල දෙයක් බවත් කිසිදු දෙයක් ඔළුවට නොගන්නා බවත් බන්ඩා පවසනවා.කෝප වන වත්සලා රෙහාන්ගේ නිවසට එනවා.ඉන්පසු ආරියසේන රෙහාන් හට ඇමතුමක් ගෙන ඇය ආ බව පවසනවා.දිව එන වත්සලා ඇමතුම ගෙන රෙහාන් හට බැන වදිනවා.තමා එනතුරු නිවසේ සිටින ලෙස රෙහාන් පවසනවා.ඩාලිං සහ සිකුරා අයියාගේ නිවසට යන බන්ඩා වත්සලා ගැන ඔවුන්ගෙන් කරුණු විමසනවා.සිදු කරන වැඩ නවත්වන ලෙස ඔවුන්ට කියනවා.එසේ සිදු වූවහොත් සියලු දෙනා අහු වන බව පවසනවා.නිවසට එන අළුවිහාරේ හට සිදු වූදේ වත්සලා පවසනවා.මැරයන්ට ඇය බය නොවන බවත් මෙය ඇය කිසිම  නොනවත්වන බවත් පවසනවා.රාත්‍රියේ නානායක්කාර අමතන බන්ටි තමන්ට සල්ලි දෙන ලෙස පවසනවා.කිසිවක් සිතාගත නොහැකි අළුවිහාරේ මැරයන් හට කතා කරන ඇය බිය වි නොමැති බව කියනවා.මේ අතර වත්සලා රෙහාන්ගේ නිවසට පැමිණෙනවා.ඇය ආ බව  ආරියසේන රෙහාන් හට ඇමතුමක් ලබා දි කියනවා.දුරකථනය උදුරා ගන්නා වත්සලා රෙහාන් හට බැන වදිනවා.තමා නිවසට එනතුරු ඇයට සිටින ලෙස රෙහාන් පවසා නිවසට එනවා.තමා බිය ගැන්වීමට මැරයන් එවු බව ඇය දන්නා බව වත්සලා පවසා ඇය ඒවාට බිය නොවන පවත් පුළුවන් දෙයක් ඔහුට කරන ලෙසත් කියනවා.පසුව වත්සලා තමාගේ දුරකථනය නැති වු බව තම යාළුවන්ට කියනවා.මෙය පොලිසියට කියන ලෙස ඔවුන් කියනවා.බන්ඩාව නිවසට ගෙන්වන අළුවිහාරේ සහ රෙක්සි වත්සලාට සිදු වු දෙය පවසනවා.ඉන්පසු මෙය කලේ ඔහුදි කියා ඔවුන් බන්ඩාගෙන් අසනවා.ඔහු මැරයන් කවුදකියා නොදන්නා බවත් මෙය ඔහු නොකල බවත් කියනවා.මේ අතර ටුටු රෝහලේ සිට නිවසට එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *