සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම ආදරය, ප්‍රතිචාර මත ගලාගෙන යනවා.ඉතිං විහාරා නිවසේ නැති බව දැනගත් මහීමා සේවා ස්ථානයේ පුටුවක වාඩි වී කල්පනා කරමින් සිටින අතරතුරේ එතැනට පැමිණෙන අශාට ඇය ප්‍රශ්නයක සිටින බව දැනුන නිසා ඇය ළඟට පැමිණ ඇගෙන් කුමක් හෝ ප්‍රශ්නයක්ද කියා විමසනවා. එ වේලාවේ විහාරා ගැන ඇයට කියන්න නොහැකි නිසා ඇය ඇගේ අම්මාගේ අසනීපය ගැන කියමින් ප්‍රශ්නය මඟ හරින්නට උත්සහා කරනවා. එත් එකක්ම මහීමා, අශා පූජාව බැලීමට ගියා ද කියා අසද්දී ඇය ගිය බවත් පූජා ගැන දුක හිතුනව බවත් පවසනවා. ඉතිං අශා මේ විදියට පූජා ගැන දුක් වෙන බව මහීමාට පෙන්වන්නේ ඇත්තටම ඇගේ හිතේ ඇති දුකකට නොව ඒ කුරුළුගේ මරණය පිටුපස ඇත්තටම සිටින්නේ කවුරුන්ද කියා දැන ගැනීමටයි.

ඉතිං මේ අතරේ විහාරා නිවසේ නැති හෙයින් මැණිකේ හඬමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන නිර්වාන් විහාරාව කෙසේ හෝ සොයා ගනිමු කියමින් ඇගේ හිත හදන්නට උත්සහා කරනවා. ඔය අතරේ එතැනට පැමිණෙ හර්ෂ සහ රුක්මනුගෙනුත් මැණිකේ විහාරා ගැන තොරතුතුරක් ලැබුණාද කියා විසමනවා.ඉතිං එත් එක්කම නිර්වාන් ළඟට පැමිණෙන හර්ෂ වෙනදාට විහාරාට කරදරයක් වුවාම ඔහු කලබලයෙන් ඇයව සොයන බවත් එදින විහාරාව සොයන්නට උවමනාවක් නැත්තේ විහාරා සිටින තැන ඔහු දන්න නිසා බවත් ඔහු එයට කුමක් හෝ සම්බන්ධයක් තිබෙන බවත් කියමින් ඔහුට චෝදනා කරනවා. ඉතිං එලෙස කෑගසමින් විහාරා සිටින්නේ කොහෙද කියා අසමින් හර්ෂ නිර්වාන්ට පහර දෙනවා. ඒ වේලාවේ නිර්වානුත් ඔහුට පහර දෙමින් ඔහු විහාරා සිටින්නේ කොහේද කියා නොදන්නා බව පවසනවා. ඒ වේලාවේ රන්ඩු බේරීමට මැණිකේ උත්සහා කලත් ඇයට එය කල නොහැකි වු නිසා ඉස්කෝල මහත්තයාට කතා කර එ පිළිබඳ පැවසීමත් සමඟම එතැනට දිව එන ඉස්කෝල මහතත්යා හර්ෂගේ කම්මුලට පහරක් එලල් කරමින් මෙවැනි අවස්ථාවක රණ්ඩු කිරීම සුදුසු නැති බව පැහැදිලි කර දෙනවාත් සමඟම කේන්ති ගිය හර්ෂ රුක්මන් සමඟින් තරහින් එතැනින් පිටව යනවා. ඉතිං ඔන්න මේ වේලාවේ කුරුළු ත්‍රීවිලරයකින් ඇගේ නිවසට පැමිණ ඈත සිට නිවස දෙස වේදනාවෙන් බලා සිටිනවා…මේ වේලාවේම අනුලා රේෂ්මා ළඟට පැමිණ ඇය එළියට යන බව කියා පිටව යනවා.. එත් සමඟම ඇය යන දෙස කුරුළු හැංගී බලා සිටිනවා. ඒ වේලාවේ පූජාගේ වාහනය පැමිණෙනවාත් සමඟම අනුලා ඇයගේ වාහනයට නැග යනවා. ඉතිං ඉන්පසු ඔවුන් ගිය පසු කුරුළු හෙමින් සැරේ නිවසේ ගේට්ටුව ඇර පිටුපස දොරින් නිවස තුළට ඇතුළු වනවාත් සමඟම රේෂ්මාව දකින කුරුළු නැන්දේ කියා ඇයට කතා කරනවා. ඒ වේලාවේ කුරුළුව දකින රේෂ්මාට ඇය දැක්ක දේ අදහා ගත නොහැකිව කුරුළු කියා නම කියනවාත් සමඟම ඇයව සිහිය නැතිව ඇඳ වැටෙනවා.

ඉතිං මේ වේලාවේ පූජා සමඟින් එළියට ගිය අනුලාට පූජා විසින් ඇයට කුරුළු ජිවත් වනවා කියා සැකයක් තිබෙන බව  පවසනවා. ඒ අවස්ථාවේ ඇය පහුගිය කාලය තුළ සිදු වු දේවල් ගැන කතා කිරීමට ඇයට මෙලෙස පැමිණෙන්ට කිවේ කියා පූජා පවසනවා.. එ අවස්ථාවේ අනුලා විසින් පළමු වතාවේ නාගයා පූජාට දෂ්ට කල බවත් ඉන්පසු රෙෂිලාට දෂ්ඨ කර ඇයව මැරු බවත් පවසමින් එහි කුමක් හෝ දෙයක් තිබෙන බව පවසනවා. ඒ අවස්ථාවේ ඇය එම නාගයාව කිහිප සැරයක්ම ඇයගේ නිවසේදී දැකපු බවත් අනුලා පූජාට පවසනවා. එක් වතාවකන් මලින්තගේ පිංතුර මතත් එම නාගයා සිටි බව අනුලා පවසනවාත් එකක්ම පූජාගේ හිතිට පොඩි බයක් දැනෙන්ට පටන් ගත්තා. ඒ වේලාවේ මෙයින් බේරෙනන්ට නම් නයි අලුලන කෙනෙකු ලවා එම නාගයාව ඇල්ලිය යුතු බවත් නැත්තම් එම නායව මරා දැමිය යුතු බවත් අනුලා පවසනවා. එ අවස්ථාවේ නායක් වැනි සතෙකු මරණ එක ඇයට ලොකු දෙයක් නොවන බව පවසනවාත් සමඟම ඇය ඉදිරිපිටට නාගයා පැමිණෙනවා පූජා දැක කෑගමින් අනුලාට නගයාව පෙන්වමින් එතනින් පැන යනවා.එ වේලාවේ එම නාගයාව දකින අනුලාට දිව ගැනීමට නොහැකිව අතරමඟන් වැටි වැටි කෑගසමින් පූජාගෙන් උදව් ඉල්ලමින් කෙසේ හෝ වාහනයට නැග ගන්නවා. ඉතිං එදින කෙසේ හෝ පූජා සහ අනුලා නාගයාගෙන් බේරී යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *