සෑම සතියේ දින පහේම සිරස ටීවී තුලින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය හැමොගේම ආදරය, ප්‍රතිචාර මත ගලාගෙන යනවා.. ඉතිං මේ වේලාවේ පූජා කාමරයට වී තනිව ඇගේ අරමුණ වෙත යාමට නොහැකි වු නිසා ඒ ගැන කලකිරීමේන් තමයි සිටින්නේ. ඇය මේ වේලාවේ හැමදේටම වඩා බියට පත් වී සිටින්නේ කුරුළු ජිවිත් වන බව අභිමන් දැනගනිවී කියායි.. ඉතිං යළිත් පූජා කුරුළු ජිවත් වෙන බව කටත් දැන ගන්නට නොහැකි වන්න කුමක් කරයිද කියා සිතා ගන්නට බැහැ. ඇය තවමත් ඒ වෙනුවෙන් ඇයට කල හැක්කෙ කුමක්ද කියා කල්පනා කරමින් තමයි සිටින්නේ.

 

මේ අතරදී කුරුළු මහීමා සමඟින් කතා කරමින් සිටින අතරතුරදී කොළඹට යාමට ඇති බසය කීයටද පැමිණෙන්නේ කියා විස්තර මහීමාගෙන් කුරුළු දැනගන්නවා. ඉතිං ඒ වේලාවේ කුරුළු කල්පනා කරනවා ඇය මෙලෙස පන්දරට ඇති බසය සෙයොගෙන ගියහොත් කොළඹට ඇයට ලේසියෙන්ම යාමට හැකි බව. එලෙස සිතා එදින රත්‍රියේ මැණිකේ සමඟින් කුරුළු නිදා සිටියදී ඇය පන්දර ඇහැරී මැණිකේට හොරෙන් ලාච්චුව තිබු මුදල්ද රැගෙන නිවසින් පිටව යන්නට සූදානම් වෙනවා. ඉතිං කුරුළු රාත්‍රියේදී නින්දෙන් ඇවිදින බව දැනගෙන සිටි නිසා සෑම දිනකම මැණිකේ කමරය ලඟින් වතුර දැමු ගෝනියක්ද තබායි තිබෙන්නේ.එත් සමඟම මේ වේලාවේ මහීමාත් කොළඹට යාමට නිර්වාන් සමඟින් බසය ඇති තැනට එන්නට පිටත් වෙනවා. කෙසේ හෝ කුරුළු මහීමා බසයට ගොඩ වෙන්නට කලින් දිවවිත් පිටිපස ඇති අසුනක වාඩි වී කවුරුන් හෝ අඳුරන කෙනෙක් බසය තුළට නගීද කියා බලමින් සිටනවා… ඔය වේලාවේ බසයේ කොන්දොස්තර දකිනවා කුරුළු බසයට නගිනවා. ඔහු දන්නවා ඇය සිටින්නේ ඉස්කොල මහත්තයාගේ නිවසේ කියා. එයත් සමඟම මහීමා බසයට පැමිණෙනවා දකින කුරුළු ඇගෙන් වසන් වී හැංගී සිටිනවා. මේ වේලාවේ නිර්වානුත් බසය යනතුරු එළියට වී බලාගෙනයි සිටින්නේ. ඉතිං ඉන්පසු කෙසේ හෝ කුරුළු ඒ සියළු බාධකයන් පසු කරමින් ඇගේ ගමන යනවා…

 

ඒ අතරේ උදෑසන අවදි වුන මැණිකේ ඇඳේ සිටි කුරුළුව සොයමින් කෑගසමින් ඉස්කෝල මහතත්යා ළඟට දිව ගොස් විහාරා කාමරයේ නැති බව පවසනවා. මේ වේලාවේ ඔවුන් දෙදෙනාම කලබල වී හැම තැනම ඇයව සොයනවා..කොළඹට බසයෙන් යමින් සිටින කුරුළු කලබලයෙන් එකසැරේටම ගම්පොළින් බැස යළි වතාවක් කොච්චියකට නගිනවා..ඉතිං ඇය මෙලෙස ගම්පොළින් බැස කොච්චියේ නැගගේ කිසිවකුට ඇය ගැන සැක නොසිතෙන්නයි. එත් එක්කම කුරුළුව සොයමින් මැණිකේ සහ ඉස්කෝල මහත්තයා ඉන්න අතරතුරදී හර්ෂ පැමිණෙනවා ඒ අවස්ථාවේ විහාරාව හමු වුයේ නැද්ද කියා හර්ෂ අසද්දී ඇයව හමු නොවු බව ඉස්කෝල මහතත්යා පවසනවා. ඉතිං එත් එකක්ම විහාරා නිවසේ නැති බව දැනගත් පසන් ඒ ගැන නිර්වාන්ට පවසනවා. ඒ අවස්ථාවේ කලබල වුණ නිර්වාන් ඉස්කෝල මහතත්යාගේ නිවසට ඒවේලාම පැමිණෙනවා. ඒ අවස්ථාවේ පහුගිය දිනක විහාරාව පැහැර ගැනීමට ආ පිරිස විසින් යළි වතාවක් මෙලෙස විහාරාවය පැහැගෙන යන්නට ඇති කියා නිර්වාන් මැණිකේ සමඟින් පවසනවා.

 

ඉතිං ඉන්පසු වැඩ කරන තැනට පැමිණෙන මහීමා එහි සිටින මුරකරුත් සමඟින් කතා කරමින් සිටින අතරතුරදී පසන්ගෙන් ඇයට දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ වේලාවේ විහාරා නිවසේ නැති බව පසන් මහීමා සමඟින් කියනවා. ඒ වේලාවේ විහාරව ඔවුන් සොයමින් සිටින බව පසන් පවසනවාත් සමඟම ඇය ගැන තොරතුරුක් ලැබුනු සැණින් ඇයව දැනුවත් කරන්න කියමින් මහීමා දුරකථන ඇමතුම විසන්ධි කරනවා. විහාරා ගැන සැක සිතුන හර්ෂගේ තාත්තා වන ජයරත්න ඔහුගේ ඥාති සහෝදරයෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මැණිකේට හික්කඩුවේ කවුරුන් හෝ ඥාති කෙනෙකු සිටිනවාද කියා විමසනවා. ඔහු දන්නා තරමින් හික්කඩුවේ මැණිකේගේ ඥාති කෙනෙකු නැති බව ඔහු පවසනවාත් සමඟම ජයරත්නගේ හිතේ තිබු සැකය තව තවත් වැඩි වනවා. ඉතිං ජයරත්නට විහාරා කියන්නේ කවුරුන්ද කියා සොයා ගන්නට හැකි වෙයිද? විහාරා නිවසේ නැති බව දැනගත් මහීමා ඒ ගැන කල්පනා කරමින් පූජාට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඒලෙස කතා කර විහාරා නිවසේ නැති බව පවසනවා. ඒ වේලාවේ කලබල වුන පූජා බය වුවා ඇය කොහේ ගියාද කියා. ඉතිං පූජා එලෙස විවිධ ප්‍රශ්න අසමින් මහීමාගෙන් විහාරා ගැන තොරතුරු දැනගත්තා…ඒ වේලාවේ විහාරා ගැන තොරතුරුක් ඔවුන්ට ලැබුණු සැණින් එ ගැන ඇයටත් පවසන්න කියමින් පූජා දුරකථන විසන්ධි කර ඒ ගැන කල්පනා කරන්නට පටන් ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *