සිරස ටීවී තුලින් සෑම සතියේ දින පහේම රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යයේ හොඳම කොටස් කිහිපය තමයි මේ වෙද්දි විකාශනය වන්නේ.ඉතිං මේ අතරේදී අම්මාට අසනීප වීම හේතුවෙන් මහීමා වැඩ කරන තැනින් නිවාඩු ලබාගෙන කොත්මලේ අම්මාව බලාගනිමින් තමයි සිටින්නේ. ඉතිං ඒ අතරේ කම්පැනියේ තත්ත්වය කෙසේද කියා සොයා ලැබීමට මහීමා අභිමන්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. ඉතිං එලෙස එ ගැන කතා කරමින් සිටින අතරතුරේ මහීමා අභිමන්ගෙන් ඇය කොළඹට පැමිණ වැඩ ටික පිළිවෙළක් කර දී යන්නද කියා විමසනවා. එ අවස්ථාවේ ඇයට කරදරයන් නැතිනම් එලෙස පැමිණ එය පිළිවෙළක් කරදී යන්නට කියා අභිමන් පවසනවා.

 

මේ අතරදී ලොයිඩ්ගේ නිවසට ‍පොලිසියෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉතිං එලෙස කතා කර රෙෂිලා නාගයෙක් බන්ධනාගාරය තුළදී දෂ්ඨ කිරිම හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව පවසනවා. ඒ වේලාවේ පුදුමයට පත් වුන ලොයිඩ් එය අසා එ ගැන වසනාටත් පවසනවා. ඒ වේලාවේ ඇයටත් එය අදහගත නොහැකි වුවත් ඇය ලොයිඩ්ට නොපෙන්නුවාට හිතින් සතුටු වුවා. ඒ ඇය රෙෂිලා කියන්නේ කුරුළුගේ තාත්තා වන මලින්තව මැරු බව දන්නා නිසයි. නමුත් තවමත් ලොයිඩ්වත්, අභිමන්වත් දන්නේ නැහැ. ඉතිං ඔය අතරේ පසුගිය දිනක සිය නිවසේ දුරකථන අංකයන් මතක් කරමින් සිටි කුරුළු  ඇය කොළයක ලියා තිබු අංක කිහිපයකට කතා කරනවා. ඉතිං ඇය මෙලස අංක පහකට පමණ කතා කරත් ඒ කිසිවක් හරි ගියේ නැහැ. අවසාන් වතාවේ ඇය සිතා අංකය මරු කර ගන්නවාත් සමඟම රේෂ්මා පැමිණ දුරකථන අංකය පිළිතුරු දෙනවාත් සමඟම ඇයගේ කටහඬ ඇසුන කුරුළුට එය දරාගත නොහැකි වුවා. ඇය වචනයක්වත් රේෂ්මා සමඟින් කතා නොකර ඇයගේ කටහඬ පමණක් අසාගෙන සිටියා.

 

රේෂිලාගේ තත්තවය කෙසේද කියා සොයා බලන්න පූජා ඩිලාන්ට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ ඇය ඔවුන් දාලා ගිය බව ඉතා වේදනාවෙන් ඩිලාන්ට පවසනවා. ඉතිං ඇය මිය බව දැනගත් පූජාගේ බය තව තවත් වැඩි වුවා. මන්ද එම නාගයා යළි වතාවක් පැමිණ ඇයවත් මරා දමයි කියාය.. ඉතිං ඩිලාන් දුරකථනය තියනවාත් සමඟම ඇයට කොත්මලේදී නාගයා දෂ්ඨ කල අයුරුත් සිහි වෙනවා. ඒ වේලාවේ ඇයට කොත්මලේදී දෂ්ඨ කල නාගයාම රේෂිලටත් දෂ්ඨ කලේද යන්න පිළිබඳ ඇයට තිබෙන්නේ ප්‍රශ්නයක්. ඉතිං මෙලස ඇය ඒ ගැන සිතමින් ඉන්න ගමන් අනුලාට දුරකථන ඇමතුමක් ලබා ගෙන බන්ධනාගාරය තුළදී නාගයෙක් දෂ්ඨ කිරිමේන් රෙෂිලා මිය ගොස් ඇති බව අනුලා සමඟින් පැවසුවා. එය ඇසු අනුලා කලබලනේ බය වී පෙරදින රැයෙත් ඇයගේ කාමරයේ ඇඳ මත නායෙක් සිටි බව පූජා සමඟින් පවසනවා..

 

මේ අතරදී පුටුවට වී කල්පනා කරමින් සිටින විශාකා ළඟට යශෝ පැමිණ ඇය ප්‍රශ්නයකද සිටින්නේ කියා අසනවා.. ඉතිං මේ අවස්ථාවේ පහුගිය කාලය තුළ සිදු වු දේවල් ගැන ඇය කල්පනා කරමින් සිටින බව යශෝ සමඟින් පවසනවා. මේ වේලාවේ යශෝ විසින් මෙලස නාගයෙක් පැමිණ කරදර සිදු කරන්නේ කුරුළුට වැරදි කරපු අයට බවත් එලෙස නාගයෙක් ලෙස පැමිණ තිබෙන්නේ කුරුළුගේම කවුරුන් හෝ කෙනෙක් බවත් යශෝ විශාකා සමඟින් පවසනවා.  ඔය අතරදී ඩිලාන් සහ ඔහුගේ පුතා වන රයින් රෙෂිලාගේ අවසන් කටයුතු සිදු කිරීමටයි සූදානම් වන්නේ… ඉතිං මේ අවස්ථාවේ රේෂිලාගේ මිනිය දෙස බලා සිටිමින් රයන් සහ ඩිලාන් හඬනවා.. ඉතිං ඔන්න මේ විදියට රෙෂිලාගේ අවසන් කටයුතු සිදු කරනවා නාගයත් පැමිණ ඈතට වී බලා සිටිනවා. ඉතිං එලෙස අවසන් කටයුතු සිදු කර පසු අවසානයේ ඩිලාන් ලොයිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දී ඔහු නිසා රෙෂිලාට මෙවැනි දෙයක් සිදු වු බව කියමින් ඔහුට චෝදනා කරනවා. එත් සමඟම ඔහු ලොයිඩ්ටත්, අභිමන්ටත් හොඳින් ඉන්නට ඉඩ තබන්නේ නැති බවත් කියමින් ඔහුට තරජනය කරමින් දුරකථනය විසන්ධි කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *