සිරස ටීවී තුලින් සෑම සතියේ දින පහේම රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යයේ හොඳම කොටස් කිහිපය තමයි මේ වෙද්දි විකාශනය වන්නේ.ඉස්කොල් මහත්තයා සහ මැනිකේ එළිමහනට වී කතා කරමින් සිටින අතරතුරේ ඉස්කෝල මහත්තයාගේ මල්ලී සහ හර්ෂ නිවසට පැමිණෙනවා ඔවුන් දකිනවා.. ඉතිං එලෙස පැමිණ විහාර නිවසේ සිටිනවාද කියා ඉස්කෝල මහතත්යාගෙන් විමසනවා. ඒ අවස්ථාවේ ඇය කාමරයේ සිටින බව ඔහු පවසනවා. ඉතිං ඔවුන් මෙලස ඉස්කෝල මහත්තයාට පහුගිය කාලය තුළදී සිදුවු ප්‍රශ්න පිළිබඳව කතා කරමින් සිටනවා.ඔය අතරෙදී ඉස්කෝල මහත්තයා සමඟ තනිව කතා කිරීමට අවශ්‍ය බව ඉස්කෝල මහත්තයාගේ මල්ලී පවසනවා.ඉතිං එ අවස්ථාවේ විහාරා කියන්නේ මැනිකේගේම ඥාති දුවක්ද කියා ඔහු සැකෙන් අසනවා. ඉතිං ඒ වේලාවේදීත් ඉස්කොල් මහත්තයා විහාරා මැණිකේගේ ඥාති දුවක් බව පැවසුවා.මේ වේලාවේ දවස් කීපයකට පෙර ඔහුගේ නිවසට පොලිසීය පැමිණි බව පවසනවා. ඉතිං මේ වේලාවේ ඔහුට විහාරා ගැන සැකයක් ඇතිවෙලායි තියෙන්නේ.

ඔය අතරේ රුක්මන් පූජාට දුරකථන ඇමතුමක් ලබා දී ඇයගේ සැප දුක ගැන විමසමින් කතාබහ කරමින් ඉන්නවා. ඒ කතා කරමින් ඉන්න අතරතුර පූජා එක සැරේටම රුක්මන්ගෙන් ඔවුන් සිටින පැත්තේ තොරතුරු මොනවාද කියා කපටිකමින් අසනවා. ඉතිං ඇයට අවශ්‍ය වන්නේ කුරුළු ගැන දැනගැනීමටයි. ඒ අවස්ථාවේ රුක්මන් විසින් විහාරා නිසා ඔවුන්ගේ ගමට ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වී තිබෙන බව පවසනවා. ඉතිං ගැටබේදී විහාරාව දුටු නිසා පොලිසීය කොත්මලේට පැමිණ කොළඹ පොලීසිය විසින් විහාරව සොයන බව පවසනවා. එය දැනගත් පූජා බියට පත්වෙනවා. ඒ විහාරා ලෙසින් සිටින්නේ කුරුළු කියා පොලිසිය විසින් සොයා ගනිවී කියන බය නිසයි. මේ වේලාවේ අනුලා කාමරයට වී රෙදි නවමින් ඉන්න අතරතුරේ ඇය එක සැරයටම අඳෙ සකස්කරන්නට යනවාත් සමඟම ඇය දකිනවා කොට්ටය යට නාගය සිටිනනවා. ඇය එම නාගයා දකිනවාත් සමඟම මහ හඬින් කෑ ගසමින් දෙරත් ඇරගෙන රේෂ්මාව සොයා ගොස් නාගයා සිය ඇඳ මත සිටින බව පවසනවා. ඉන්පසු රේෂ්මා අනුලාත් සමඟින් කාමරයට පැමිණ කොට්ටය උස්සා බලන වීට එතැන නාගයා සිටියේ නැහැ. නමුත් අනුලා දිගින් දිගට රේෂ්මාට එතැන නාගයා සිටි බව කිටනවා. ඒ අවස්ථාවේ රේෂ්මා විසින් අනුලාට, ඇයට අවසන් ගමන යන්නට කාලය ඇවිත් ඇති බව කියමින් ඇයව තවත් බියට පත් කරනවා.

ඉතිං ඔය අතරේ කුරුළු පැනක් සහ පොතක් අරගෙන ඇගේ නිවසේ දුරකථන අංකය මතක් කරමින් විවිධ අංක ලියමින් සිටිනවා. ඒ අවස්ථාවේ එතැනට මැණිකේ පැමිණෙනවාත් සමඟම ඇය එය හංගා ඇඳ මත වාඩි වී සිටිනවා. ඉතිං මැනිකේ එලෙස පැමිණ ඇය ළඟින් හිඳගෙන ගේ අසළින් කවුරුන් හෝ අයෙකු පැමිණ ඇවිදමින් සිට ගිය නිසා ඇය ළඟින් ටික දිනක් යනකන් නිදාගන්නම් කියා පවසනවා. මේ සියළු දේත් එක්කම ඔන්න නාගයා වැලිකඩ බන්ධනාගාරයට රෙෂිලාව සොයා පැමිණෙනවා. එසේ මේ නාගයා පැමිණියේ ඇයව මරා දැමීමේ අරමුණිනි. මන්ද කුරුළුගේ තාත්තා වන මලින්තව පූජා සමගින් එකතු වී රෙෂිලා මැරු නිසයි.මේ අවස්ථාවේ සිරකුඩුව තුළුට රෙෂිලාව සොයමින් පැමිණෙන නාගයා ඇගේ ළඟට පැමිණ ඇය දෙස බලා සිටිනවා. මේ වේලාවේ නිදාගෙන සිටි රෙෂිලා නැගිට නාගයෙක් සිටින බව කියමින් කෑ ගසනවාත් සමඟිම මේ නාගයා ඇයට දෂ්ඨ කරනවා.

 

ඉතිං පහුවදා උදේ විජේරත්නව සෙයා යළිත් පොලිසීය ඔහුගේ නිවසට පැමිණෙනවා.ඉතිං ඒසේ පැමිණෙන දේවක සමඟින් ඉස්කෝල මහත්තයා එළිමහනට වී කතා කරමින් සිටිනවා විහාරා දකිනවාත් සමඟිම ඇය කාමරයේ ජනේලය ළඟට පැමිණ ඔවුන් කතා කරමින් සිටින්නේ මොනවාද කියා අසාගෙන සිටිනවා. ඒ වේලාවේ විහාරාගේ තත්තවය කෙසේද කියා දේවක අසමින් කොළඹ පොලිසය විසින් විහාරාව සොයනා බව පවසනවා. ඒ වේලාවේ පොලිසීය සොයමින් සිටින කුරුළු කියන කෙනා ඇත්තටම විහාරා නම් එම ළමයාගේ අයිතිකරුවන්ට සිදු කරන්නේ වරදක් බව දේවක විසින් ඉස්කෝල මහත්තයාට තේරුම් කර දෙනවා. ඉතිං මෙලෙස ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින සියළු දේ විහාරා ජනේලය ළඟට වී අසාගෙන ඉන්නවා දකින මැණිකේ කලබලයෙන් විජේරත්නට කතා කොට විහාරා ඔවුන් කතා කරමින් සිටින දෑ අසාගෙන සිටින බව පවසනවා.

 

මේ අතරේදී නායා දෂ්ඨ කිරීම හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් පසුවෙන රෙෂිලාව පොලිසිය විසින් රේහල් ගත කරනවා. එලෙස රෝහල් ගත කිරීමෙන් අනතුරුව රෙෂිලාගේ සැමියා වන ඩිලාන් පොලිසීය විසින් දුරකථන ඇමතුමක් ලබා ගෙන රෙෂිලාට බන්ධනාගාරය තුළදි නාගයෙක් දෂ්ඨ කර ඇති බවත් එ නිසා ඇයව මේවන විට රෝහල් ගත කර තිබෙන බවත් පවසනවා. ඒ අවස්ථාවේ කලබල වුන ඩිලාන් සර්පයෙක් හිරේ සිටින කෙනෙක්ට දෂ්ඨ කරන්නේ කෙසෙද කියා අසනවා. ඉතිං පොලිසිය විසින් ඔහුට මේ වේලාවේ ඉක්මනින් රෝහලට පැමිණෙන ලෙසත් ඇගේ තත්ත්වය බරපළ බවත් පවසා සිටියා. ඉන්පසු මේ ඔහුගේ පුතා වන රයන්ටත් පවසා ඔවුන් දෙදෙනාම මේ වේලාවේ රෙෂිලා බැලීම සඳහා රෝහලට යන අතරමගදී ඩිලන් පූජාට දුරකථන ඇමතුමතක් ලබා ගෙන රෙෂිලාට නායෙක් බන්ධනාගාරය තුළදී දෂ්ඨ කර ඇති බව පවසනවා. ඒය ඇසෙනවාත් සමඟ පූජාගේ බය තව තවත් වැඩි වුවා. ඒ වේලාවේ ඩිලාන්ට කලබල නොවී රෝහලට ගොස් රෙෂිලා ගැන බලන්න කියා ඇය පවසනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *