මේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාෂය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මෙසේ ගලාගෙන යනවා.මාංචු දමා සිටි සරා පොලිසියෙන් පැන ගන්නවා.කඩය අසලට මාලන් සහ ජානු පැමිණෙනවා.ඉන්පසු ඔහු මාලන් කඩය අසලට පැමිණ සරා ගැන විමසනවා.ඔහු එසේ කල නිසා ජානු කෝප වී කාර් එකෙන් පැන යනවා.ඉන්පසු ඇය නිවසට පැමිණ කුකුළා මුදලාලි හට සියලු දේ පවසනවා.දිව එන රත්නේ පොලිසියට අසු වූ සරා පැන ගොස් ඇති බව පවසනවා.කවඩියා සහ සරා තමාගේ අත් වල ඇති මාංචු ගලවා ගැනීමට කම්මලට යමින් සිටින විට පාඨලි සහ ගීතිකා හමු වනවා.ඔවුන් මාංචු සැඟවීමට හැදුවද එය අංජලි දකිනවා.ඉන්පසු කෝප වන සරා ඔවුන්ට බැන එතැනින් පිට වනවා.සවස කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන මාලන් හට කුකුළා මුදලාලි,ජානු බැන වදිනවා.නැවත ඔවුන්ගේනිවසට නොයෙන බව ඔහුට කියනවා.ඉන්පසු ඔහු එතැනින් පිටව යනවා.රාත්‍රියේ සරාගේ පියා පපුවේ අමාරුවක් සැදි නිවසට පැමිණෙනවා.ඉන්පසු ඔහුට අමාරු වු නිසා සරාගේ අක්කා වන රසිකා පාරට ත්‍රිවිල් එකක් ගෙන ඒමට පාරට යනවා.එහිදි පාරේ සිටින මාලන් දැක ඔහුට ත්‍රිවිල් එකක් ගෙන එන ලෙස කියනවා.

 

නමුත් ඔහු තමා ඇය සමඟඑන්නම් කියා කාර් එකෙන් රසිකාගේ නිවසට පැමිණ සරාගේ පියා රැගෙන රෝහලට යනවා.පාන්දර අවදි වන සරා සහ යහළුවන් හට කිරි පුතා ඔහු සමඟ එන බව කියනවා.සරාගේ පියා රොහලට ඇතුලත් කර රසිකා සහ මාලන් නිවසට එනවා.මේ අතර කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන කැකුළා ඔවුන් කල දේ ගැන කියවමින් සිටිනවා.ඉන්පසු රත්නේ හට ගමට ගොස් සරා ගැන සොයන ලෙස කියනවා.පාරේ එන ගීතිකා සහ පාඨලි හට කැකුළා මුණ ගැසෙනවා.තමා කල දේ නිසා සරා හිරේට යන බව ඔහු ඇයට කියනවා.ඉන්පසු ගීතිකා සහ පාඨලි සරාගේ වාඩියට පැමිණෙනවා.තමන් හට කැකුළා කියු දේ පවසා ඔවුන්ගේ කසිප්පු වලට වස දැම්මේ ඔවුන් බව පාඨලි කියනවා.මාලන් උදැසන කඩයට පැමිණෙනවා.ඉන්පසු ඔහු එතැන සිටි අයගෙන් සරාගේ අක්කා ගැන විමසනවා.සාරාගේ වාඩියේ වන දේ සෙවීමට රත්නේ එවු පසු ඔහුව සරා සහ කවඩියා දකිනවා.ඉන්පසු සරා දකින රත්නේ එතැනින් දිව යනවා.රත්නේ අල්ලා ගන්නා සරා ඔහුව වාඩිය ගෙනැවිත් කණුවක බැඳ ඔහු ආ කාරණාව විමසනවා.ඉන්පසු ඔහුගේ ඇඟට දිමි ගොට්ටක් දමන බවත් එසේ නොකිරීමට නම් ඔවුන්ගේ කිසිප්පු වලට වහ දැම්මේ කවුරුන්ද කියා කියන ලෙස කියනවා.බය වන රත්නේ සියලු දේ පවසනවා.ඉන්පසු රත්නේ එතන දමා සියලු දෙනා එතැනින් පිට වනවා.

 

රත්නේගේ ප්‍රමාදය ගැන මුදලාලි සහ බිරිඳ සෝමේ කතා කරමින් සිටිනවා.ඔවුන් සිටින තැනට මාලන් සමඟ කතා කරමින් ජානු පැමිණෙනවා.මාලන් එතැනට පැමිණෙනවා.ඉන්පසු ජානු පැමිණ කාර් එකට නගිනවා.දෙදෙනාම එතැනින් පිටව යනවා.ඔවුන් දෙදෙනා පැමිණෙන විට රසිකා මුණ ගැසෙනවා.ඉන්පසු ඇයට ඔහු සමඟ එන ලෙස පවසනවා.රසිකා කාර් එකට නැගිමට යන විට කාර් එකෙන් එළියට එන ජානු ඇයට බැන නැවත නිවසට එනවා.ඉන්පසු මාලන් රසිකා සමඟ පිටව යනවා.පාඨලිගේ මව සහ පියා සමඟ පාඨලි සහ සරා අතර සම්බන්ධයක් ඇති විය හැකි බව කියනවා.ඉන්පසු පාඨලි හට විවාහයක් කර දිය යුතු බව කියනවා.කොපයෙන් සරා කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු සරා කෝපයෙන් කෑ ගසනවා.රත්නේ සිදු වූ සියල්ල කියු බව පවසනවා.සරාගේ අතේ ඇති වස බෝතලය අතට ගන්නා සරා එය මුදලාලිට පෙවීමට යනවා.ඉන්පසු බිය වන මුදලාලි සියලු දේ ඔවුන් පවසනවා.ඉන්පසු කැකුළා හට ඇමතුමක් ගෙන නිවසට එන්න කියා කියන ලෙස සරා කියනවා.මේ අතර නිවසට මාලන්හට බැන වදිමින් ජානු පැමිණෙනවා.එය ආසා සිටින සරා පපුවේ අමාරුව තමාගේ තාත්තා හට සෑදි ඇති බව දැනගන්නවා.ඉන්පසු සරා කවඩියා සහ සුද්දා එතැනින් පිට වන්නේ කුකුළා හට නැවත ඔවුන් එන බව කියමිනුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *