සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.ඉතිං මේ වෙනකොට ගෙදරින් එළියට ගියපු සාප් ගෙදර එන ගමන් සිටියදී අනතුරකට ලක්වෙලා වාහනය තුළ සිරවෙලා තමයි සිටින්නේ.. නමුත් එ කිසිවක් ගැන නොදන්න බහාර් සහ දරු දෙදෙනා ඔහු එනකන් මඟ බලා සිටිනවා.. ඉතිං එක් සමඟම වහනයක සද්දය ඇසුන දෙරුක් දිව ගිය පසු මේසීර් සහ ඔහුගේ එම පිරිස දැක බය වී බහාර් සොයා කෑගසාගෙන එනවාත් සමඟම මේසීර් එම පිරිස සමඟින් ගේ තුළට පැමිණි බහාර්ගෙන් සාප් කොහේද කියා විමසනවා. ඒ වේලාවේ ඔහු අසන ප්‍රශ්නයට බහාර් පිළිතුරු නොදුන් නිසා දොරුක් සාප් බඩු ගෙන ඒමට එළියට ගියපු බව පවසනවා. ඉතිිං ඉන්පසුව මේසීර් බහාර් සහ දරු දෙදෙනාවත් එම නිවසින් රැගෙන ඔහුගේ නිවස වෙත රැගෙන යනවා.  මේ අතරදී සාප් කෙසේ හෝ වාහනය තුළින් පිටතට පැමිණ අමාරුවෙන් නිවස කරා පැමිණෙනවා. ඉතිං සාප් මෙලෙස නිවසට පැමිණ බහාර් සොයනවිට ඔවුන් නිවසේ නැති බව දැනගත් සාප් ඔවුන් කොහේ ගියාද ගියා සොයා බැලීමේදී ඔහුට මේසයක් මත තිබුන ලියුමක් හමුවෙනවා. එහි මේසීර් විසින් බහාර් සහ දරුවන් රැගන ගිය බවත් ඔවුන් බේරා ගන්නට නම් ඔහුට මේසීර් හමුවීමට පැමිණෙන්න කියාත් ලියා තිබුනා.ඉතිං ඔහුට එය දරාගත නොහැකිව ඔහු අමාරුවෙන් බිම ඇඳ වැටෙනවා. මේ වේලාවේ ඔහු අනතුරකට ලක් වු නිසා ඔහුගේ මුළු සිරුර පුරාම තුවාල වෙලයි තිබෙන්නේ.

 

ඉතිං ඔන්න දැන් මේ වේලාවේ බහාර් දරුවන් දෙදෙනාත් සමඟින් මේසීර්ගේ නිවසෙ සිටින්නේ.. ඉතිං මේ වේලාවේ රෑ කෑම සඳහා දරුවන්ට සහ බහාර්ට පහළට එන්න කියා මුනීර් පවසනවා. ඉතිං මේ වේලාවේ කෑම කමින් ඉන්න අතරතුරදී දොරුක් මේසීර්ගෙන් විවිධ ප්‍රශ්න අසමින් ඔහුගේ පුතා ගැන අසනවා. එ අවස්ථාවේ ඔහුගේ පුතා මිය ගිය බව මේසීර් පවසනවා. ඉතිං එ නිසා මේසීර් ගැන දොරුක් ලොකු පැහැදීමකින් දුකකින් සිටින්නේ. නමුත් මිසන් නම් ඔහුට පොඩ්ඩක්වත් කැමති වන්නේ නැහැ. මේ වේලාවේ පිරිල් ඇගේ දුරකථනය රැගෙන සාප් එවා තිබු කෙටි පණිවිඩ බලද්දී ඇය දකිනවා සාප් අනතුරකට ලක් වී ඇති බවත් එ වගේම ඔහුගේ නිවස තුළ අරක්ෂාව සඳහා සිටි සියළුම සේවකයන් පිරල්ගේ තාත්තා විසින් ගෙන්වාගෙන ඇති බව. ඒ වේලාවේ ඇය තාත්තාට කතා කර එලෙස සිදු කරන්නේ ඇයි දැයි විමසින් බැන වදිනවා. ඇය මේ වේලාවේ ගොඩක් කලබල වී සාප් ව සොයා යන්නට හදන අවස්ථාවේ ඇය දකිනවා ඇගේ කාමරය අසළ සිටි සියළුම මුරකරුවන් බිම වැටී සිටිනවා. ඒ වේලාවේ ඇය උදව් ඉලල්මින් කෑගසද්දී එැතනට මේසීර් පැමිණෙනවා. ඉන්පසු ඇයවත් දරුවන් දෙදෙනා සමඟින් මේසීර් ඔහුගේ නිවසට රැගෙන යනු ලබනවා.

 

ඉතිං එත් එක්ක්ම එදින රාත්‍රියේ සාප් මුනීර් සමඟින් බහාර් සහ පිරල් දරුවන් සමඟින් බේරා ගැනීඹට අවශ්‍ය නිසා ඔහු මේසීර්ට බාර වී ඔවුන්ව නිදහස් කරගන්නට පැමිණෙනවා. ඒ අවස්ථාවේ මේසීර් විසින් මුනීර්ව සහ සාප්ව දෙදෙනාවම එතැන තියාගෙන ඔවුන්ව කාමරයක් තුළ හිරකරගෙන තබා ගන්නවා.මේ අවස්ථාවේ බහාරේ දකිනවා සාප් මේසීර් ළගට පැමිණ බාරවෙනවා.ඇය ඒ වේලාවේ බය වෙනවා ඔහු සාප් එතැනදීම මරා දමයි කියා.ඉතිං පසුදින බහාර් කටත් හොරෙන් සාප් සිටින්නේ කොහේද කියා නිවස තුළ සොයා යන අතරේදී එකපාරටම එතැනට මේසීර් පැමිණ ඇය ඔහුගේ කාමරයට පැමිණියේ ඇයිදැයි කියා විසමනවා. ඉතිං ඇය සාප් සොයා මෙසේ පැමිණිය බව ඔහුට පවසනවා.ඉන්පසු ඇය සාප් ඔහුගේ පුතාව මැරුවේ නැති බවත් ඔහු මත්ද්‍රව්‍ය වලට  ඇබ්බැහිවීව සිටි ඇති බවත් තේරුම්කර දෙනවා. නමුත් ඔහු ඒ කිසිවක් පිළිගත්තේ නැහැ. ඔහු කිවේ ඔහුගේ පුතාව සාප් මැරු නිසා ඔහු සාප්වත් මරන බවයි.  ඔය අතරදී හිරේ සිටින අරිෆ්ව බේරා ගන්නට ලොයර් කෙනෙක් ඔහු හමුවීමට පැමිණෙනවා. ඇය කිස්මේට්. ඉතිං ඇය ඔහුට උදව් කරන්නට කැමති බවත් ඇයට සිදු වු සියළු ඇත්ත ගැන දැනගැනීමට අවශ්‍ය බවත් අරිෆ් සමඟින් පවසනවා.නමුත් ඔහු කැමති වුයේ නැහැ ඒ සියළු ඇත්ත ඇයත් සමඟින් පැවසීමට. නමුත් ඇය ඒ අවස්ථාවේ කතා කරමින් සිටින අතරතුරදී ඇය ඔහුගේ නැගණිය වන බව පවසනවා. ඒ අවස්ථාවේ තමයි අරිෆ් දැනගන්නේ ඒ ඔහුව බේරා ගැනීමට පැමිණ සිටින්නේ ඔහුගේ නැගණිය බව.

 

පහුවදා උදෑසන මේසිර් ඔහුගේ ගෝලයත් සමඟින් සාප් හමුවීමට ඔහු සිටින කාමරයට පැමිණෙනවා. එලෙස පැමිණ ඡායාරූප තුනක් පිටිපුස හරවා තබා ඔහුට කැමති ඡායාරූපයක් තෝරාගන්න කියා මේසීර් පවසනවා. නමුත් සාප් එයින් එකක්වත් තේරුවේ නැහැ. ඉතිං එ නිසා එතැන සිටි මුනීර්ට සිදුවුවා එතැන තිබෙන පිංතුර තුනෙන් එකක් තෝරන්නට. එලෙස ඔහු තේරුවේ දොරුක්ගේ පිංතුරයයි. ඉතිං ඒ වේලාවේ සාප් බය වුවා දොරුක්ට ඔහු අනතුරක් සිදු කරයි කියා. ඔහු මේසීර්ට කෑගසමින් දොරුක්ට කිසිදු කරදරටක් කරන්නට එපා කියා ඉල්ලීම් කරනවා. නමුත් ඔහු එ කිසිවක් නොගෙන එතැනින් පිටව ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *