සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා. ඔන්න මේ වෙද්දි සාප් සිටින තැන ගැන දැනගත් මේසීර් ඔහුගේ ගෝලයන් ද සමගින් සාප් සිටින තැනට යන ගමන් තමයි සිටින්නේ. ඉතින් ඔහු මෙලෙස යනවාත් සමගම සාප් නිවසට බඩු රැගෙන ඒම සඳහා නිවසින් පිට වෙනවා. මේ වෙලාවේ බහාර් තනිව දරු දෙදෙනාත් සමගින් තමයි නිවසේ සිටින්නේ. ඉතිං අරිෆ්ව පොලිසිය විසින් රැගෙන ගිය බව දැනගත් එන්වර් කලබලයෙන් පොලිසියට පැමිණ අරිෆ් නිර්දෝෂී බව ඔවුන්ට පැහැදිලි කර දුන්නත් ඔවුන් ඒ කිසිවක් පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ එම පොලිස් නිලධාරියා විසින් අරිෆ් අත්අඩංගුවට ගත්තේ ඔහුගේ උවමනාවකට නොවන බවත් මෙහිදී ඔවුන්ට යෙලිස්ගේ මරණයට ඔහු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව නිසා බවත් කියා සිටියා. ඒත් සමගම නිවසට බඩු රැගෙන ඒන්නට ගිය සාප් පෙයාර්ස් ගෙඩියක් අතට ගන්නවාත් සමගම ඔහුට අතීතය සිදු වූ සිදුවීමක් මතකයට නැගෙනවා. ඒ ඔහු බෝට්ටුවෙන් වැටීමට පෙරත් ඔහු පෙයාස් රැගෙන ගෙදර එන ගමන් සිටියදී තමයි ඔහු එලෙස බෝට්ටුවෙන් වැටුණේ. ඉතින් ඔහු පෙයාර්ස් රැගෙන යන්න හැම මොහොතකදීම ඔහුට මොනවා හෝ කරදරයක් සිදු වනවා. නමුත් ඔහු ඒ ගැන සිතන්නේ නැතුව යලි වතාවක් අවශ්‍ය කරන බඩු සමගින් පෙයාසුත් රැගෙන වාහනයට යනවා. ඉතින් ඔහු එලෙස ගෙදර එන ගමන් පිරල්ට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා.. පිරල්ට සාප්ගේන් දුරකථන ඇමතුමක් එන බව දුටුවත් ඇය එයට පිළිතුරු ලබා දුන්නේ නැහැ. ඉතින් දිගින් දිගටම සාප් මේ විදියට ඇයට දුරකථන ඇමතුම් ලබා ගනිමින් සිටියදී එකපාරම ඉස්සරහින් සතකු මාර්ගයේ ඉන්නවා දැකීමත් සමගම ඔහුව බේරා ගැනීමට ගිය සාප්ට වාහනය පාලනය කර ගත නොහැකිව එතැන තිබූ කන්දකින් බිමට පෙරළී යනවා..

ඉතින් එදා දවසේත් ඔහු පෙයාස් රැගෙන ගිය නිසා ඔහුට කරදරයක් සිදු වූවා.. ඉතින් මෙලෙස වාහන පෙරළි ගියත් ඔහුට අනතුරක් සිදුවූයේ නැහැ.. නමුත් එම වාහනයෙන් පිටතට ඒමට නොහැකිව ඔහු කෑ ගැසුවත් කිසිදු කෙනෙක් ඔහුගේ උදව්වට පැමිණියේ නැහැ.. ඔය අතරෙදි බහාර් මිසන් සහ දොරුක් සමගින් කෑම කමින් සිටියදී සාප් මෙතරම් පරක්කු ඇයි දැයි කියා ඇය තනිව සිතනවා. ඒ වෙලාවේ දරුවනුත් පාසල් ඇයිදැයි පරක්කු කියා ඇගෙන් අසද්දී ඇය ඇගේ බය සඟවාගෙන ඔහු ඉක්මණින් පැමිණෙයි කියා ඔවුන්ගේ හිත හදනවා.. ඉතින් මේ වෙලාවේ දී බහාර්ටත් දැනුනා ඔහුට කිසියම් අනතුරක් සිදු වී ඇති බව. මේ අතරතුරේ ආනිස් විසින් සෙයිඩාට සෙරින් සහ එම්රෙ අතරේ කුමක් හෝ සම්බන්ධයක් ඇති බව පවසනවා.. ඒ වෙලාවේ හිත රිදුන සෙයිඩා ආනිස්ගෙන් මෙලෙස ප්‍රශ්නයක් විමසනවා ඒ ඔවුන් දෙදෙනා අතරේ ආදර සම්බන්ධයක් තිබෙනවාද යන්නයි. ඉතින් තවමත් ආනිස් දන්නේ නැහැ සෙයිඩාගෙ දරුවාගේ තාත්තා එම්රෙ බව.. මේ වෙලාවේ අනිස්ට තේරෙනවා සෙයිඩා ඒ ගැන වැඩි කැමැත්තෙන් නොසිටින බව. ඉතිං අනිස් විසින් ආදරය ඕනෑම කෙනෙක්ගේ ලෙඩ සුවපත් කරනා බව සෙයිඩා සමගින් පවසනවා.

ඉතිං මිසන් සහ දොරුක් නිවස තුළට වී සෙල්ලම් කරමින් සිටියදී දොරුක්ට ඇසෙනවා වාහනයක් නිවසට පැමිණෙනවා. ඒ වෙලාවෙ ඔහු සිතනවා ඒ පැමිණෙන්නේ සාප් කියා.. ඉතින් ඔහු සාප් පැමිණි බව කියමින් ගේට්ටුව ළඟට දිව යනවත් සමගම මෙසීරි ර්ඔහුගේ ගෝලයින් සමඟින් ගේට්ටුව ඉදිරිපිට සිටිනවා. ඔවුන් දැකීමත් සමඟ බිය උන දොරුක් බහාර්ට කතා කරමින් ගෙ තුළට දිව යනවා.. ඉතිං සාප් සොයා පැමිණි මෙසීර් නිවසේ සිටින බහාර්ට සහ දරුවන් දෙදෙනාට අනතුරක් සිදු කරයිද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *