සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ගලාගෙන යනවා.. මේ වේද්දී අගස්ති ඇගේ තාත්තා බව ඊෂා අලීට පැවසීමත් ඟසම ඔහුට ඒය සගවා සිටීම හේතුවෙන් ඔහු උදුල් සහ ඊෂාත් සමගින් අමනාපයෙන් තමයි සිටින්නේ. ඉතිං මේ අතරේදී තේමියව දකින විශාල්ගේ අම්මා සහ තාත්තා ඔහු ඟළට පැමිණ කතා කරමින් සිටින අතරතුරේ තරගය ගැනත් කතා කරමින් සිටිනවා. ඒ් අවස්ථාවේ ඔහු තේමියගෙන් කපටිකමෙන් තරගයට කුමක් හෝ අනුග්‍රාහකත්වයක් අවශ්‍යද කියා අසනවා. ඒ වෙලාවේ එසේ අවශ්‍ය නම් ඔහුගේ යහළුන් සමඟින් කතා කර හොඳ දෙයක් ලබා දීමට හැකි බව පවසනවා. ඔහුගේ කපටිකම තේරුණ තේමීය එලෙස අවශ්‍යතාවක් තවම මතු වී නැති බව විපුලට පවසමින් කිසි කෙනකුට ඔහු සල්ලි වලට නැවි නැති බව කියමින් එතැනින් පිටව යනවා..

 

ඔය අතරේ වින්ඩි අගස්ති සමඟින් කතා කරමින් සිටියදී වින්ඩිගේ දුරකථනය කෙටි පණිවිඩ කිහිපයක් එක දිගට එනවාත් සමඟම ඇය එ මොනවාද කියා බලනවාත් සමඟම ඇය කලබලවී එහි තිබෙනා දේ අගස්තිට පෙන්වමින් සොෂල් මිඩියා තුළ මිනිසුන් ඔවුන්ට බැන තිබෙන බව පවසනවා. ඉතිං මේ විදියට ඔවුන්ට බැන තිබෙන්නේ එදා දවසේ තරඟයේ සිටි ඊෂාව ඔවුන් කපා දමන්නට උත්සහා කල නිසයි. ඉතිං මේ වේලාවේ ඔවුන් දෙදෙනා මෙයට කරන්නේ කුමක්ද කියා ඉන්පසු සිතමින් සිටිනවා..නිලු සමාධිත් සමඟින් කතා කරමින් යන අතරතුරේ අගස්ති කොළඹ යන විට යළි වතාවක් ඔහු එන්නේ නැති වෙයි කියා ඇයට සිතුනේ නැද්ද කියා අසනවා.. ඒ අවස්ථාවේ ඇය කිසිදිනක අගස්ති ඇයට මෙලෙස කරයි කියා සිතුවේ නැති බව නිලූ සමඟින් පවසා සිටිනවා..

 

ඔන්න උඳුල් යළි වාතවත් අලීව සොයා පැමිණ ඊෂා අගස්ති ගැන ඔහුට නොකියා සිටියේ සමාධි ඇයට එ ගැන කිසිවක් කවුරුන් හෝ සමඟින් කියන්නට එපා කියු හින්දා බව කියමින් ඔහුට එය තේරුම් කර දෙන්නට උත්සහා කරනවා. ඉතිං මේ විදියට උඳුල් සියළු දේ තේරුම් කර දුන් පසු අලී එය තේරුම්ගෙන උඳුල් සමඟින් යළු වී ඊෂාව හමුවීම සදහා ඇගේ නිවස වෙත යනවා.. පසුදින අගස්ති වින්ඩිත් සමඟින් එළියට යමින් ඉන්න අතුරතුරේ එතැනට පැමිණෙන පිරිසක් වින්ඩිව දැක ඇය ළඟට පැමිණ ඔවුන් දෙදෙනාත් සමඟින් ඡායාරූපයක් ගන්නට හැකිද කියා විමසද්දී එයට කැමති වුන වින්ඩි සහ අගස්ති ඔවුන් සමඟින් එම ඡායාරූපය ලබා ගන්නවා. ඉතිං එලෙස ලබා ගැනීමෙන් පසු ඔවුන් රියිසින්ප ස්ටාර්ස් කරාවලිය නරඹන බවත් ඊෂාව සෑම දිනයකම තරඟයෙන් ඉවත් කරන්නට හදන්නේ ඇයි දැයි කියා විමසද්දී අගස්තිගේ සහ වින්ඩිගේ මුණ අවුල් යනවා. ඒ වේලාවේ එය ඔවුන්ගේ තීරණය බවත් එයට කටවත් බලපෑම් කිරීමට හැකියාවක් නැති බවත් පවසමින් කේන්තියෙන් වින්ඩි සහ අගස්ති එතැනින් පිට වෙනවා.  සමාධිත් සමඟින් වත්තේ  වැඩ කරමින් සිටින ඊෂා අගස්ති ගැන කතා කරමින් ඉන්න විටදී ඇය දකිනවා අලී උඳුල් සමඟින් ඇයගේ නිවස දෙසට පැමිණෙනවා. ඒ වේලාවේ සතුට දරාගන්න බැරි වුන ඊෂා අලී එන බව පවසමින් කෑසගෙන ඔවුන් ළඟට දිව යනවා. ඉතිං ඉන්පසු අලී ළඟට යන ඊෂා ඇය ඒ සිදුවීම සිතා මතා ඔහුගෙන් සැඟවුයේ නැති බව කියමින් යළි කිසිදිනක ඔවුන් අතර කිසිදු රහසක් නැති බව පවසනවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *