සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30ට හිරු ටීවි නාළිකාව ඔස්සේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මත ගලාගෙන යනවා.. ඉතිං මේ වේද්දී සමීර තේමීයත් සමඟින් කතා කරමින් සිටින අතරතුරේ එතැනට පැමිණෙන වින්ඩි ඇයට ප්‍රශ්නයක් තිබෙන බව තේමීය සමඟින් පවසනවා. ඒ වේලාවේ යළි වතාවක් ඇගේ තාත්තා සහ නැන්දා වජිරාගේ නිවසට පැමිණ ඇති බව පවසනවා..ඒ වේලාවේ තේමීය විසින් වින්ඩිට ඇය කෙසේ හෝ පුංචි ගෙයක් හෝ හදාගෙන තමන්ට කියා තැනක් හදගන්නට උත්සහා කරන්න කියා ඔහු ඇයට උපදෙස් දෙනවා. ඒ වේලාවේ ඇයට එය කරන්නට තේමීය හැකි පමණින් උදව් කරන්නම් කියා පවසනවා…

 

ඔය අතරේ ඊෂාත්, උඳුලුත්  අලී සමගින් කතා කරමින් යන අතරතුරේ රයිසින් ස්ටාර්ස් තරඟාවලිය ගැන කතා කරනවා. එ අවස්ථාවේ ඊළග වටය ඇගේ අවසාන තරඟ වටය වීමට හැකි බව ඊෂා පවසනවා. ඉතිං මේ වේලාවේ කේනති ගිය අලී අගස්ති ඇයව තරඟයෙන් ඉදිරියට යැව්වේ නැතහොත් ඔවුන් කොළඹ ගොස් අගස්තිට හොඳ පාඩමක් උගන්වමු කියා ඔහු උඳුල් සමඟින් පවසනවා. ඒ වේලාවේ එකසැරේටම අගස්තිගේ ළමයෙකුටවත් හඳෙක් සිදු වෙන්න එපා කියා අලී කියනවාත් සමඟම ඊෂාගේ හිත රිදි ඇය එතැනම නැවතී සිට බලා සිටිනවා. ඒත් එක්කම ඊෂාට ඔහුට යමක් කියන්නට තිබෙන බව පවසමින් ඇයට එය තවත් හංඟන්නට නොහැකි බව පවසනවා.ඉතිං ඉන්පසු අගස්ති කියන්නේ ඇගේ තාත්තා බව ඊෂා පවසනවාත් සමගම එය අදහාගත නොහැකි වුන අලී එ ගැන උඳුලත් දැන සිටි බව දැනගත් අලී ඔහුගෙන් හැමෝම එය වසන් කල බව කියමින් ඔහුට එය නොකිවේ ඇයි දැයි අසමින් ඔහු දුක් වුවා. එත් සමඟම ආයෙත් කිසිදිනක ඔවුන්ගේ ප්‍රශ්න වලට ඔහු මැදිහත් නොවෙන බව පවසමින් අලී එතැනින් පිටව යනවා. ඒ වේලාවේ ඊෂා සහ උඳුල් ඔහුව නතර කරවන්න උත්සහ කලත් ඔවුන්ට එය කර ගැනීමට හැකි වුයේ නැහැ. ඉන්පසු කෙසේ හෝ උඳුල් අලි පසුපස ගොස් ඔහුට එය තේරුම් කරදීමට උත්සහා කලත් එ කිසිවක් අසන්නට අලී කැමති වුයේ නැහැ. මේ අතරදී අගස්ති කාමරය වී ගීටාරය වාදනය කරමින් ගීතයක් ගායනා කරමින් ඉන්න අතරතුරදී ඔහුට නොදන්නා අංකයකින් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉතිං එලෙස කතා කරන පුද්ගලයා විසින් තරුපතිට පහර දුන්නේ ඔහු බව කියමින් එ සියල්ල ගැන ඔහු දන්න බව කියමින් අගස්තිට තර්ජනය කරමින් දවසක ඔවනු හමුවෙමු කියමින් දුරකථන විසන්ධි කරනවා.ඒ වේලාවේ එතැනට පැමිණෙන වින්ඩි ඔහු කුමක් හෝ ප්‍රශ්නයකද සිටින්නේ අසමින් ඇයට ඔහු මොනවා හෝ දෙයක් හංගනවාද කියා විමසනවා. ඒ අවස්ථාවේ ඔහුට හංඟන්නට දෙයක් නැති බව අගස්ති පවසනවා.

 

තරුපති හෝටලයකට වී වාඩි වී සිටින අතරේ එතැනට පැමිණෙන ලාල් ඔහු තරුපතිට පහර දුන් දිනයේ ඔහු සිටි තැන තිබු සිසිටීවි දර්ශනයක් බැලු බවත් එතැනදී පුද්ගලයන් දෙදෙනෙක් තරුපති දෙස හොඳින් බලා සිටින බවත් පවසනවා. ඒ වේලාවේ ඔහු තරුපති අතට එම සිසිටිවී දර්ශනයන්ගේ කෝපියක් ලබා දෙමින් ඔහුට එය බලන්න කියා පවසමින් එය කිසියකුට ඔහු ලබා දුන් බව නොකියන්න කියා ඉල්ලීම් කරනවා. ඔය අතරේ ඊෂා උඳුල්ට දුරකථන ඇමතුමක් ලබා දී අලී ඔහුත් සමගින් කතා කරාද කියා අසනවා. ඒ වේලාවේ ඔහුගේ හිත රිදි ඇති බව ඊෂා සමඟින් පවසනවා. ඉතිං පසුදින උදෑසන තරුපතිගේ පංතියට උඳුල් සමඟින් පැමිණෙන ඊෂා අලී පංතියට පැමිණියාද කියා විමසනවා. ඒ වේලාවේ අලී වෙනදාට පැමිණෙන්නේ උඳුල් සමඟින් නේද කියා තරුපති උඳුල්ගෙන් අසනවා. ඉතිං මේ වේලාවේ තරුපතිට තේරුණා ඔවනු අතරේ කුමක් හෝ ප්‍රශ්නයක් ඇති වි තිබෙන බව. එත් එක්කම අලී පංතියේ නැති බව දැනගත් ඊෂා සහ උඳුල් ඔහුව සොයන්නට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *