හිරු ටීවී තුලින්  සෑම සතියේ දිනකම රාත්‍රී අටයි තිහට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාර මත හොඳින් ගලාගෙන යනවා.. මේ වේලාවේ උඳුල් සහ අලී ඊෂා rising stars තරඟයේ ඊලඟ වටයට තේරී පත්වීම ගැන ඉතා සතුටින් කතා බහා කරමින් සිටිනවා. අගස්ති ඊෂාගේ තාත්තා බව නොදන්න අලී ඊෂාව හැම අවස්ථාවකම ඔහු විසින් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි දැයි කියා උඳුල්ගෙන් විමසුවා. ඒ අවස්ථවේ ඔඩිෂන් එක තිබු දිනයේ සියළුදෙනා ඉදිරියේ ඇය අගස්තිට බැන වැදීම හේතුවෙන් ඔහු එලෙස කරනවා ඇති කියා උඳුල් අලී සමඟින් පවසනවා.  ඉතිං මේ වේලාවේ තරහා වෙලා නිවසින් ගිය වින්ඩිව අගස්ති නැවතත් ඔහුගේ නිවසට එක්කගෙන ඇවිත් තමයි සිටින්නේ. එලෙස පැමිණ ඔවුන් දෙදෙනා එළිමහනට වී කතා කරමින් ඉන්න අතරතුරේදී වින්ඩි අගස්තිගෙන් ඇය නැති කාලය තුළදී ඇයව මතක් වුයේ නැතිද කියා අසනවා. එ වේලාවේ අගස්ති ඔහුට ඇයව මතක් වුන බව පැවසුවා. ඉතිං ඉන්පසු වින්ඩි ඇයට ඔහු ඇත්තටම ආදරේද කියා සහ ඇයව කිසිදිනක තනි කරන්නේ නැද්ද කියා අගස්තිගෙන් අසනවිට ඔහු කිසිදිනක ඇයව තනි නොකරන බව පවසනවා.

 

මේ අතරේදී ඊෂා එළිමහනේ වැඩ කරමින් ඉන්න අතරතුරේ එතැනට පැමිණෙන නිලූ රයිසින් ස්ටාර්ස් ඊළඟ තරඟ වටය සඳහා තරුපති සුවවී එනතෙක් සමාධි විසින් ඇයව පුහුණු කරවන්නට සූදානම් වන බව නිලූ ඊෂා සමඟින් පවසනවා. එය ඇසීමත් සමඟ ඊෂා සමාධි කෙසේද ඇයව පුහුණු කරන්නේ කියා නිලුගෙන් අසනවා. ඔය අතරේ පසුදා උදෑසන වින්ඩි තේමියව හමු වීමට පැමිණෙනවා. ඒ වේලාවේ තේමීය අගස්තිව යාළු කර ගැනීමට අවශ්‍ය වු නිසා ඊෂාව තරඟයෙන් ඉවත් කරන්නට හැදු බව කියමින් ඔහු වින්ඩිට චෝදනා කරනවා. ඒ අවස්ථාවේ වින්ඩි සිනාසෙමින් ඊෂා හොඳින් ගීත ගායනා කලේ නැති බවත් එ ගීතය ඇයට දැනුනේ නැති බවත් හේතු විදියට තේමීයට පවසනවා. ඉතිං එ කතාව අතරදී එකසැරේටම වින්ඩි තේමීයගේන් ඇයට උදව්වක් අවශ්‍ය බව පවසනවා. ඉන්පසු ඇයට තරුපතිගේ දුරකථන අංකය සොයාගැනීමට අවශ්‍ය බව පවසනවාත් සමඟම තරුපතිගේ දුරකථන අංකය ඇයට හදිසියේ ඕන වුයේ ඇයි දැයි විමසනවා. ඒ වේලාවේ අගස්ති ඇයට කුමක් හෝ දෙයක් ගැන හංගන බව දැනුනු බව තේමීය සමඟින් වින්ඩි පවසනවා.

ඉතිං ඉන්පසු වින්ඩි වජිරා බැලීම සඳහා ඇයගේ නිවසට ගෙදරට අවශ්‍ය කරන බඩු ආදියත් රැගෙන පැමිණෙනවා. එලෙස පැමිණ ඇයට පසුගිය කාලය තුළදී ඇගේ නිවස තුළ සිටීමට ඉඩ දුන්නට ස්තුතිය කරනවා. එත් එක්කම වජිරා අගස්ති දැන් ඇයත් සමඟින් හොඳින් සිටිනවාද කියා අසනවා. ඒ වේලාවේ ඔහු හොඳින් ඇයත් සමඟින් සිටින බව පවසනවා. ඔය අතර විශාල්ගේ අම්මා සහ තාත්තා ඊෂා පසුගිය දිනයේ රයිසින් ස්ටාර්ස් තරඟාවලිය තුළදී ගායන කරපු ගීත අසමින් සිටිනවා. ඒ වේලාවේ ඊෂා හොඳින් ගීත ගායන කරන නිසා විශාල්ට ලේසි වෙන්නේ නැති බව ශානිකා සමඟින් පවසනවා. ඒ වේලාවේ ඊෂාගේ තාත්තාත් නැති නිසා ඇයට තවත් තරඟය තුළදී වාසියක් වන බව ඔහු ශානිකා සමගින් පවසනවා.. ඉතිං අගස්ති සහ වින්ඩි රයිසින් ස්ටාර්ස් තරඟය ගැන කතා බහ කරමින් ඉන්න අතරතුරදී අගස්තිට නාඳුනන පුද්ගලයෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඒ අවස්ථාවේ වින්ඩි සිටින තැනින් ඈතය ගිය අගස්ති කවුරුන්ද කතා කරන්නේ කියා අසනවා. ඒ වේලාවේ එම පුද්ගලයා විසින් තරුපතිට පහරදුන්නේ අගස්ති බව පවසමින් ඔහු එලෙස කලත් තරුපති සංගීතය කරන එක නැවත්වීමට හැකියාවක් නැති බවත් කියමින් ඔහුට චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *