දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා..මේ වේලාවේ අක්ෂා සහ උදේනි කතා කරමින් සිටින තැනට පැමිණෙන අනුහස්ට ඇසෙනවා අක්ෂා රට යෑම ගැන උදේනිත් සමඟින් කතා කරනවා. ඒ අවස්ථාවේ එතැනට පැමිණුන අනුහස් ඔහුට රවිගේ දේවල් අත්හැර රටකට යෑමට නොහැකි බව කියමින් එතනින් පිටව යනවා. ඔය අතරේ අමීෂා ඇගේ තාත්තාත් සමඟින් කම්පැණියේ ඇති වී තිබෙන ප්‍රශ්න ගැන කියමින් එයට විසඳුමක් දෙන ලෙස ඉල්ලීම් කරනවා. ඉතිං මේ වේලාවේ ඩිලාන් විසින් කම්පැණියේ ඇති වී තිබෙන ප්‍රශ්න වලට මේනක වගකිව යුතු බව කියනවාත් සමඟම මේනක කිසිදිනක එසේ නොකරන බවත් ඔහු කම්පැනිය දියුණු කරන්නට බොහෝ සේ කැප වුණ කෙනෙක් බවත් අමීෂා පවසනවා. ඉතිං අමීෂාට නම් තවමත් මේනකගේ කපටිකම් ගැන තේරුමක් නැතිවයි සිටින්නේ..

ඉතිං ඉන්පසු අක්ෂා සහ අනුහස් අමිෂාගේ තාත්තාව මුණ ගැහෙන්නට ඔහුගේ නිවසට පැමිණෙනවා. ඒ අවස්ථාවේ ඩිලානුත් එතැන සිටිනවා.ඉතිං මේ වේලාවේ අනුහස් සහ අවන්ත සිතනවා නම් කම්පැනිය විකුණා දමා එම ණය ගෙවිය යුතුයි කියා එය එලෙස කලාට ප්‍රශ්නයක් නැති බව අමීෂාගේ තාත්තා කියනවා.. ඒ වේලාවේ එම කතාවට එකතු වුන ඩිලාන් ප්‍රශ්න ඇති වී එ්වා ගැන කිලකිරී අනුහස් සහ අක්ෂා රට හැර යාමටත් තීරණය කර තිබෙන බව පවසද්දී එවැනි අදහසක් ඔවුන්ගේ හිතේ තිබෙනවා නම් ඔහු කරන දේවල් වලින් ප්‍රතිඵලයක් නැති බව පවසා සිටිනවා..ඉතිං අනුහස් සහ අක්ෂා තවමත් කම්පැනිය විකුණවා කියන තීරණයට ඇවිත් නැහැ..

ඔන්න මේ වේලාවේ දෙව්මි සමඟින් කතා බහ කරමින් සිටින අනාන්ද අවන්තගේ පැත්තේ තත්ත්වය කොහොමද කියා අසමින් කම්පැනියේ ඇති ප්‍රශ්න හේතුවෙන් ඔහුත් සිටින්නේ කලකිරීමෙන්ද කියා විමසනවා..ඉතිං දේව්මි ඔහු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අවන්ත ඇයත් සමඟින් ගොඩක් අවස්ථාවලදී කම්පැනියේ ඇති ප්‍රශ්න ගැන කතා කරන්නේ නැති බව පවසනවා. ඒ වේලාවේ එක සැරයටම විවාහය ගැන අනාන්ද අසද්දී විවහාය ගැන ඔහු කතා කරන්නේ නැති බවත් විවාහය ඔවුන්ට කල් දැමීමට සිදුවෙයිද කියා සිතා ගන්න බැරි බව පවසනවා. ඒ වේලාවේ විවාහය කියන දේ එසේ කල් දැමීමට සුදුසු දේවල් නොවන බව කියමින් අවන්තට ඔහුව හමුවන්නට පැමිණෙන ලෙස දන්වන්න කියා අනාන්ද පවසනවා.

අමීෂාව බැලීමට පැමිණෙන දෙව්මි සමඟින් අමීෂා පසුගියා කාලය තුළ ඇගෙන් දෙව්මිට සිදුවු වැරදි ගැන කියමින් සිටියදී අවන්තත් එතැනින් ඇවිත් වාඩි වී ඔවුන්ගේ කාතවට ඇහුම්කන්දීගෙන සිටිනවා. ඒ වේලාවේ අවන්ත සහ දේව්මි ඒ දේවල් ඔවුන් අමතක කර කොච්චර කාලයක් ද කියමින් ඇගේ හිත හදන්නට උත්සහා කරනවා.. ඉන්පසු ඔවුන්ගේ විවාහය කටයුතු කෙසේද කියා අමීෂා අවන්තගෙන් සහ දෙව්මිගෙන් විමසනවා. ඒ වේලාවේ එම කටයුතු අතරමඟ නැවති ඇති බව අමීෂා සමඟින් පවසද්දී  කම්පැනියේ ඇති තිබෙන ප්‍රශ්න නිසා ඒවා හරියට කරගන්නට බැරි වුන බව අවන්ත අමීෂා සමඟින් පවසනවා..ඉතිං මේ අවස්ථාවේ ඔවුන්ට ප්‍රශ්න තිබෙන බවත් ඒවා විසඳාගන්නට අමාරු ප්‍රශ්න බවත් නමුත් එසේ කියා විවාහයේ වැඩකටයුතු අතරමඟ නතර කරන්නට එපා කියා අමීෂා අවන්තට උපදෙස් දෙනවා. මොන ප්‍රශ්න , බාධක ආවත් ඒ සියළුදේට මුහුණදෙමින් විවහාය ඉක්මනින්ම සිදු කල යුතු බව අමීෂා පවසනවා..

 

ඔෆිස් එකේ වැඩ ඉවර කර අක්ෂා සහ අනුහස් බස් ස්ටැන්ඩ් එකක් ළඟ ඔෆිස් එකේ ප්‍රශ්න ගැන කතා කරමින් ඒ සියළු දේට මේනක සම්බන්ධ බවට සැක කරමින් සිටියදී මේනකගේ ගෝලයකු වන අශෝක දකිනවා අනුහස් සහ අක්ෂා එතැන කතා කරමින් සිටිනවා..ඉන්පසු අශෝක ඔහුගේ තවත් ගෝලයින් කිහිපදෙනෙක් සමඟින් අනුහස් සහ අක්ෂා එතැනින් පිටවනවාත් සමඟම පැමිණ අනුහස්ට කතා කර ඔවුන්ව වට කර ගන්නවා.. ඒ වේලාවේ අනුහස් ඉතා අසරණ තත්ත්වයටම වැටී ඇති බව පවසමින් අශෝක අනුහස්ව ලැජ්ජාවට පත් කරනවා. ඒ වේලාවේ ඔහු පැමිණියේ වන්දියක් ඉල්ලගෙන බව අසනවාත් සමඟම අශෝක ඔහුට පහර දෙන්නට සූදානම් වනවා. කෙසේ හෝ එ වේලාවේ එතැන සිටි සියළුදෙනාට පහර දෙමින් ඔහු ඔවුන්ගෙන් බේරී අක්ෂා සමඟින් එතැනින් පිටව යනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *