දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා..ඉතිං ඔන්න මේ වේලාව් අනුහස් සහ අක්ෂා ඔෆිස් එකේ ඇති වී ඇති ප්‍රශ්න නිසා ඉතාමත් වේදානාවෙන් තමයි සිටින්නේ.මන්ද ඔවනු එ වෙනුවෙන් කරන්නට දේවල් ගැනව සිතුවත් ඔවනුට ගෙවන්නට ඇති මුදල අති විශාල නිසා එ කිසිවක් කර ගැනීමට නොහැකිව එයට විසඳුමක් සොයමිනක් තමයි සිටින්නේ..ඉතිං ඔය අතරේ පහුගිය දිනක අනුහස්ට සහ අක්ෂාට අනතුරක් සිදු කරන්න පැමිණ අශෝක ගැන උදේනි සමඟින් කියමින් යළි වතාවකත් මෙලෙස තනිව අක්ෂා සහ අනුහස් රැ පාරේ යවන්නට එපා කියමින් ඔහු ඇයට උපදෙස් ලබා දෙනවා. මේ වේලාවේ එදා දවසේ සිදු වු කිසි දෙයක් ගැන ඇය නොදැන සිටි බවත් අනුහස් ඇයට එ ගැන කිසිවකු නොකියපු බවත් උදේනි අනාන්නද සමගින් පවසනවා. ඉතිං ඒ අවස්ථාවේ අනුහස්ට ඔහුව හමුවීමට නිවසට එන ලෙස දැනුම් දෙන්න කියා උදේනිට අනාන්ද පවසනවාත් සමඟම ඇය අනුහස්ට කතා කර අනාන්නදව හමු වීමට ඔහුගේ නිවසට පැමිණෙන ලෙස දන්වනවා.

 

එත් සමඟම හවස ඔහු අනාන්ද හමුවීමට නිවසට පැමිණි පසු එදා දවසේ සිදු වු සිදුවීම ගැන පවසමින් අනාන්ද ඔහුට බැන වදිනවා. මේ වේලාවේ අනුහස් ඔෆිස් එක තුළ ඇති තිබෙන ප්‍රශ්න සියල්ල ගැන අනාන්ද සමඟින් පවසනවාත් සමඟම අනාන්ද ඔහුට බනින එක නතර කර ඔහුගේ හිත හදන්නට උත්සහා කරනවා. මේ වේලාවේ අනාන්ද ඔහුට ප්‍රශ්න වලට කලබල නොවී හොඳින් සිතා බලා කටයුතු කරන්න කියමින් ඔහුගේ හිත හදමින් ඔහුට උපදෙස් දෙනවා.ඔය අතරේදී රදීෂ්ගේ යහළුවකු විසින් රදීෂ්ට එදා දවසේ පහරදුන් මැරයා දුටු බව කියමින් ඔහු රදීෂ්ට දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ඒ වේලාවේ රදීෂ්, ලිහිණිගේ බෝඩිමේ ලිහිණිත්, පවනි සහ මලින්තත් සමඟින් කතා කරමිනුයි සිටින්නේ. ඉතිං එය අසා කලබල වුණ රදීෂ් ඒ අවස්ථාවේම එම මැරයා සොයා යන්නට හදනවාත් සමඟම ලිහිණි ඔහුට තනිව යන්නට එපා කියමින් ඔවුනුත් ඔහු සමඟින් යෑමට පැමිණෙන බව පවසවා.

 

ඉතිං ඉන්පසු සියළුදෙනා එතැනට යාමට පිටත් වනවාත් සමගම ටීනා සොයමින් අනුහස් ආනන්ද සමඟින් ඇය සිටින නිවසට පැමිණෙනවා. එලෙස පැමිණෙන්නේ ඇයගේ අයියා වන අශේන්ව සොයා ගැනීමටයි. මන්ද කම්පැනියේ අති වී තිබෙන ප්‍රශ්න පිටුපස කවුරුන්ද කියා දැන ගැනීමට අනුහස්ට අවශ්‍ය වු එ සඳහ සාක්ෂි හොයගන්නටයි ඔහු මෙලෙස පැමිණියේ. ඉතිං ටීන සිටින නිවසට ගිය ආන්නද සහ අනුහස් දොරට තට්ටු කරමින් ඔවුන් මේනකගේ ගොලයෙක් බව පවසමින් ඇය ලවා දොර ඇරවා ගන්නවා. ඒ වේලාවේ අනුහස් සහ ආනන්දව දකින ටීනා ඔවුන් කවුරුන්ද කියා විමසනවා. ඒ වේලාවේ අනුහස් විසින් අශේන්ව සෙයා මෙසේ පැමිණි බව ටීනා සමඟින් පවසනවා. ඉතිං ඒ අවස්ථාවේ ටීනා විසින් කම්පැනියට පැමිණ සියළු දේ ගැන කතා කරන්නම් කියා අනුහස්ට පොරොන්දු වු බව ඔහු අක්ෂාත් සමඟින් පවසනවා.  ඔය අතරේ රදීෂ්ට පහර දුන් මැරයාව සොයා ඔහු සිටි තැනට යන විට ඔහු පැන ගොස් තිබෙනවා. ඉතිං ඉන්පසු ඔහුව සොයා රදීෂ් , පවනි සහ මලින්ත යමින් සිටින අතරතුරේ පවනිට ලිහිණිගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා ඒ අවස්ථාවේ ඇය ඔවුන් සිටිනා තැනට කිට්ටුව බව පවසනවාත් සමඟම එ අසළ අනතුරක් සිදු වනවා රදීෂ් දකිනවා. එත් එක්කම කිසිවක් සිතා ගත නොහැකිව එ අසළට කෑගසමින් දිව යන රදීෂ් අනතුරට ලක් වී ඇත්තේ ලිහිණි බව සිතමින් එැතැන බිම ඇඳ වැටෙමින් හඩන්නට පටන් ගන්නවා..එ අවස්ථාවේ ලිහිණි පිටුපසින් පැමිණ ඔහු හඬන්නේ ඇයි දැයි අසමින් ඔහු දෙස මඳ වේලාවක් බලා හිඳ එතැනින් පිට වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *