ITN නාලිකාවේ විකාශය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30 ට විකාශය වනවා.ඇන්ඩ්‍රියා මුහුණු පොතේ දැමු දැන්වීම දැක කුමාර සහ ඔහුගේ අජිත් පැමිණෙනවා.නමුත් ඔවුන් සතුව කිසිදු ලියකියවිලි නොමැති නිසා ඇන්ඩ්‍රියා ඔවුන්ට දන්වන්නම් කියා ඔවුන් ව පිටත් කර යවනවා.ඔවුන් දෙදෙනා ටිකිරා හට නම්බර් එක දෙනවා.ඔවුන් දෙදෙනා යන අයුරු චන්දන දකිනවා.ඉන්පසු ටිකිරාගෙන් විස්තර දැනගන්නා චන්දන ඔවුන් ටිකිරාට දුන් නම්බර් එක ඉල්ලාගන්නවා.ආශා මිස්ගේ නිවසේ නැවතීමට චන්දන හා සුලිත සුදානම් වනවා.ඉන්පසු ඉක්මනින් දෙදෙනාම ආශා මිස්ගේ නිවසට පැමිණෙනවා.රාත්‍රියේදි ඇන්ඩ්‍රියා සුලලිත හට ඇමතුමක් ගෙන විස්තර අහනවා.පසුදින කුමාර සහ අජිත් සපුමල්බන්ඩාරගේ ඥාති වන ගගන හමුවීමට යනවා.එහිදි සපුමල්ගේ මරණයට වගකිව යුත්තේ ආශා බව කියනවා.මේ අතර ආශා මිස් හට කාන්තා අසාධාරණයට එරෙහි වූ කාන්තා සමිතියකින් සන්ද්‍යා නම් අයෙකු කතා කර ආශා මිස්ගේ සියලු විස්තර දන්නා බවත් ඔවුන් හට රුපියල් ලක්ෂ 25ක් උවමනා බවත් පවසනවා.චන්දන පාරේ එන විට හෝටලයේ වැඩ කරන නිසලි පාරේ සිටිනු දකිනවා.ඉන්පසු ඔහු කාර් එක නවත්වාගෙන බලා සිටිනවා.නිසලි කාර් රථයකට නගින අයුරු චන්දන දකිනවා.

කාර් එකේ නම්බර් එක චන්දන ලියා ගන්නවා.ආශා මිස්ගේ නිවසට යාමට සැලොන් එකේ මිස් සහ ප්‍රියන්වදා යාමට සුදානම් වෙනවා.හෝටලයට පැමිණෙන චන්දන සුලලිත හට සිදු වූ දේ පවසනවා.ආශා මිස්ගේ නිවස අසල අජිත් සහ කුමාර රැකවලලා සිටිනවා.ඒ අතර ඔවුන් ප්‍රියන්වදා සහ මලිෂා එන අයුරු දකිනවා.ආශා මිස්ගේ වැඩ කටයුතු කරමින් සිටින විට ආශා මිස්ට චන්දනගෙන් ඇමතුමක් එනවා.ඉන්පසු එම කතාව ප්‍රියන්වදා අසා සිටිනවා.රාත්‍රියෙදි රසික් හමුවන ප්‍රියන්වදා සිදු වූ දේ පවසනවා.චන්දන නම් අයෙක්ගෙන් ඇමතුමක් ආ බව ඇය පවසනවා.ආශා මිස් චන්දන හා සුලලිත හට හෝටලයෙන් අයින් වන්නට කියා කියනවා.කාර් එකේ අංකය පොලිසියට සම්බන්ධ එකක් බව ආශා මිස් ඔවුන්ට කියනවා.අජිත් වෙස් වලා ගනිමින් ගාමිණිගේ උදව්වෙන් මලිෂාගේ සැලොන් එකට එනවා.උදෑසන චන්දන හා සුලලිත වෙත පැමිණෙන ආශා මිස් සුලලිත ෆොටෝ ෂූට් එකකට ගැනීමට උවමනා බව කියනවා.චන්දන හා සුලලිත හෝටලයට පැමිණ තමන් දෙදෙනා අස් වෙන බව පවසනවා.මේ අතර සුලලිතගේ නිවසට සුලලිතගේ අම්මා සහ තාරුකි පැමිණෙනවා.

හිරෙන් නිදහස් වී මුදලාලි පැමිණෙනවා.මේ අතර නිසලි රසික හමු වී මුදලාලිගේ සියලු වැඩ ගැන කියනවා.මුදලාලි මිනිසුන් රට යවන වංචාව ගැනද ඇය පවසනවා.රසික ඔහුට හමු වූ සුලලිතගේ විස්තර ඇති සියලු විස්තර ප්‍රියන්වදා හට පෙන්වනවා.ආශා මිස් අළුතින් හැඳුනුම්පත් දෙකක් චන්දන හා සුලලිත හට දෙනවා.පසුදින උදෑසන ආශා මිස් සුලලිතගේ ඡායාරූප ගන්නවා.මේ අතර ගාමිණි මුදලාලි හමුවීමට පැමිණ සුලලිත හා චන්දන ගැන කියනවා.ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින අයුරු නිසලි ඡායාරූපයක් ගන්නවා.සුලලිත නැවත හෝටලයට පැමිණ විස්තර අසනවා.මේ අතර ආශා මැරීම සඳහා වස බෝතලයක් ලෑස්තිකර ගන්නවා.මේ අතර සුලලිත ගැහැණු ළමයෙක් හා මුහුණු පොතෙන් කතා බහ කරනවා. ආශා මිස්ගේ නිවසට ප්‍රියන්වදා හා මලීෂා පැමිණෙනනවා.ඔවුන් සමඟ අජිත් හට යාමට නොහැකි වනවා.මේ අතර ප්‍රියන්වදා ආශා මිස්ගේ නිවසේ කාමරයක් තුලට යනවා.ඇය කාමරයේ සිටින විට ඇයව ඇතුලට දමා අයෙක් පැමිණ එහි දොර වහනවා.ඉන්පසු ඇය කෑ ගසනවා.එය ඇසි ආශා මිස් හා මලීෂා පැමිණෙනවා.ඉන්පසු ඇය කාමරයේ කුමක් කලේද කියා ආශා විමසනවා.

සුලලිත පාරේ එන විට ප්‍රියන්වදා ගාමිණි සමඟ වෑන් රථයට නගින අයුරු දකිනවා.මේ අතර චන්දන ඇන්ඩ්‍රියා හට ඇමතුමක් දී සුලලිත හට කෙල්ලෙක් සිටින බවත් නැවත ඔහුට කරදර නොකරන බවත් පවසනවා.ඉන්පසු සිදුවූ දේ චන්දන වෙත පැමිණ සුලලිත පවසනවා.ආශා මිස්ගේ නිවස ඉදිරිපිට පිරිසක් පැමිණ උද්ඝෝෂණයක් කරනවා.මේ අතර නිසලි ගැන සැක බවත් ඇය පසු පස යන ලෙසත් මැඩම් ටිකිරා හට කියනවා.පොලිසියේ අය සමඟ නිසලි යන අයුරු ටිකිරා දකිනවා.මේ අතර සුලලිතට කතා කර තමා කෙවින් නමින් සුලලිතගේ මුහුණ දමා මුහුණු පොතේ ගිණුමක් සෑදු බවත් පවසනවා.ඉන්පසු හංසි නම් ආශා මිස් කතා කල ගැහැණු ළමයා හට කතා කර හමුවීමට යන ලෙස සුලලිතට කියනවා.ඉන්පසු හංසි හට කතා කර හමුවීමට උවමනා බව කියනවා.හෝටලයට පැමිණෙන ටිකිරා සිදු වූ දේ පවසනවා.

මේ අතර කුඩු විකුණන කුණු කරත්තය රැකවලලාගෙන රසික සිටිනවා.ඉන්පසු ඔවුන් සිටින විට එතැනට පැමිණෙන චන්දන ඔහුට කුඩු පාර්සලය දෙන අයුරු දකිනවා.ඉන්පසු දෙදෙනා ඇල්ලීමට ඔවුන් දිව යනවා.සිදු වූ දේ චන්දන ආශා මිස් හට පවසනවා.මේ අතර සුලලිත හංසි හමු වීමට යනවා.පසුදිනත් සුලලිත හට ඇය හමුවීමට කතා කරනවා.මේ අතර ආශා මිස් ළඟ වැඩ කල චමින්ද රංජි වන තවත් කුඩු ජාවාරම්කාරයෙකු සමඟ වැඩ කිරීමට යනවා.එය චන්දන හටඇමතුමක් දී ඔවුන් පවසනවා.චන්දන දුවගෙන විත් ආශාමිස් හට සියලු විස්තර පවසනවා.සුලලිත හංසි මුණ ගැසීමට යනවා.ඔවුන් දෙදෙනා යන කාර් එකට රාහුල් අහු වෙනවා.ඉන්පසු රාහුල් සුලලිත කියා කැගසනවා.රාහුල් අඳුරගන්නා සුලලිත හංසි සමඟ එතැනින් පිටව යනවා.මේ අතර රසික හා ප්‍රියන්වදා පාරේ එන විට අජිත් දකිනවා.ඉන්පසු රසික හට අජිත් ගැන ප්‍රියන්වදා පවසනවා.මේ අතර රසික පැමිණ මුදලාලි හා පිරිස අත්අඩංගුවට ගැනීමට උවමනා බව කියනවා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *